කොළඹ තෙල් පෝලිම්වල මේ වනවිට බොහොමයක් ඇත්තේ පිට පළාත්වලින් පැමිණි ත්රිරෝද රථ බව එම පෝලිම්වල සිටින ජනතාව පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ත්රිරෝද රථ රියාදුරන් කොළඹ තෙල් පෝලිම්වල සිට ඉන්ධන ලබා ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වන බවකි.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වවල අවධානය යොමු විය යුතු බවද ඔවුහු කියා සිටිති.










