අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය.
ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.
පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් ලබන විසි වැනිදා නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත ය.










