මෙරට ප්‍රධාන තිරිගු පිටි සමාගමක් විසින් (11) දින මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි කිලෝවක මිල රු 34 කින් වැඩි කිරිම හමුවේ පාන් සහ බේකරි නිෂ්පාදන මිල ඉහල යාම නිසා එම කර්මාන්තය තවදුරටත් කඩා වැටිමේ අවධානමක් පවතින බව බේකරි හිමියන් පැවසිය.
මිට ප්‍රථම එම සමාගම විසින් අවස්තා කිහිපයකදිම තිරිගු පිටි මිල වැඩි කිරිම නිසා පාන් සහ බේකරි නිෂ්පාදන මිල ඉහල යාම නිසා එහි අලෙවියේ විශාල අඩුවක් පවතින අවස්තාවක යලිත් පාන් සහ බේකරි නිෂ්පාදන වල මිල ඉහල දැමිම තුල අලෙවිය තවදුරටත් අඩුවන බවයි බේකරි හිමියන් කියා සිටින්නේ.
තිරිගු පිටි මිල ඉහල යාම හමුවේ ආපනශාලා වල තිරිගු පිටි උපයෝගි කරගෙන පිලියෙල කරන ලද ආහාර වර්ග රැසක මිල ඉහල දැමිම නිසා ආපනශාලාද වසා දැමිමේ අවධානමක් පවතින බවයි ආපනශාලා හිමියන්ද කියා සිටින්නේ.










