• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාල් නිසා හාල් වෙන හාල් මෝල් කාරයෝ…

July 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හාල් නිසා හාල් වෙන හාල් මෝල් කාරයෝ…
Share on WhatsAppShare on Facebook

ලංකාව කියන්නේ බත් කන රටක්. හැබැයි මේ රටේ ඉන්න ගොඩක් එවුන් බත් කෑවට, බත් කන වැඩ කරන එවුන් නෙවෙයි. ඒක නිසා අපිට නිතරම හිතෙනවා අපේ රටේ එවුන්ගෙ ජාතික ආහාරය බත්ද, නැත්නම් තණකොළද කියලා. අපේ ජාතික ආහාරය තණකොළ වුණත් බත් වුණත් අපේ රටේ මිනිස්සුන්ට හාල් ඕනනේ. හාල් සම්බන්ධව ලංකාවට නිවැරැදි නිශ්චිත ප්‍රතිපත්තියක් නෑ. හැමදාම කරන්නේ හාල්වලට කොළේ වහලා බොරුවක් කරලා, අර පැත්තෙන් මේ පැත්තට බෝලෙ පාස්කරලා මිනිස්සුන්ව අන්දන එක. උඩ ඉන්න කට්ටිය මොන මොන විදියට පැටලුණත්, මොන මොන විදියට රණ්ඩු වුණත්, මොන මොන විදියට අවුල් ඇතිකර ගත්තත් අන්තිමට අපේ බත්පතට තමයි තට්ටු වෙන්නේ. පහුගිය දවසක ඩඩ්ලි සිරිසේන ඇතුළු කණ්ඩායමක් හිටපු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමයි මේ කතන්දරය ඇදිලා ආවෙ. මේ හාල් මෝල් හිමියන් එක එක්කෙනා සම්බන්ධව එක එක්කෙනා චෝදනා කරන්න පටන් අරගෙන. අන්තිමට අරයගෙන් මෙයාට, මෙයාගෙන් අරයට, මේ පැත්තෙන් අර පැත්තට, අර පැත්තෙන් මේ පැත්තට චෝදනා කරලා අන්තිමට වුණේ මේ හැමෝගෙම රෙදි ගැලවිච්ච එක. ඒ කියන්නේ හාල් මෝල් හිමියො හැම කෙනාම කරලා තියෙන්නේ මිනිස්සුන්ව රවට්ටපු එක. මිනිස්සුන්ව අන්දපු එක. එක හාල් මෝල් හිමියෙක් කියනවා මේ වෙනකොට නාඩුවලට වඩා කීරි සම්බා මිටියෙ ගාන අඩුයි කියලා. හැබැයි ඩඩ්ලි කෙළින්ම කියනවා බොරු කියන්න එපා කියලා. කීරි සම්බා වී මිටිය 9000යි, නාඩු 8,000යි. එතකොට 9,000යි 8,000යි ගණන් හදාගන්න බැරුවද මේ ලොක්කො මේවා ගැන පැහැදිලි කරන්න හදන්නේ?

මිනිස්සු කන බත් ටිකට වංචා කරන්න හොඳ නෑ කියලා සාමාන්‍ය කතාවක් අපේ ගම්වල තියෙනවා. ඒත් මේ වෙනකොට හාල් වෙළෙඳපොළට එන්නේ වෙන වෙන සෙප්පඩ විජ්ජාත් එක්ක. ඒ කියන්නේ පාලන මිලට හාල් දෙන්න බැරි වෙන විදියට උපක්‍රමිකව මේ කතන්දරය හැදිලා තිබුණත් එළියට පේන්නේ පාලන මිලට හාල් දෙනවා වගේ. මේ මිල ගණන් ගැන නිශ්චිත අංකවලින් අපි නොලියන්නේ ලිපිය ඔබ කියවන දවස වෙනකොට ලංකාවෙ හාල් මිල කොතැන තියෙයිද කියලා දන්නෙ නැති හින්දා. උදාහරණයක් මේ විදියට ගන්නේ මිල ගණන් සඳහන් කරලා. එහෙම නැතුව මේ කතාව පැහැදිලි කරන්න බැරි හින්දා. හැබැයි මේ කතාව පැහැදිලි කළාට පස්සේ කවුරුත් අපට කතා කරලා අහන්න එපා ඒ ගණන්වලට කඩේ හාල් නෑ කියලා. හාල් ගැන අපට කිසිම දවසක අනාවැකි කියන්න බෑ. ඒ නිසා කතන්දරේ කියලා ඉන්නම්.

පාලන මිල රුපියල් 220 වෙනකොට සිල්ලර කඩේ 221ට, 225ට, 230ට හාල් විකුණන්න බෑ. එහෙම හාල් විකුණපු කඩ ගොඩක් මේ වෙනකොට නීතියෙ රැහැනට කොටු වෙලත් ඉවරයි. එතකොට 220ට හාල් දෙන්න අඩුම තරමින් හාල් කිලෝවක් කඩේට එනකොට රුපියල් 218ක් වත් වෙන්න ඕනෙ. හාල් මෝල් හිමියා මිල කරන්නෙ රුපියල් 218ක් විදියට. හැබැයි ඒ 218ක් විදියට මිල කරපු බිලේම යට තැනක හිඟ මුදල් කියලා, එහෙම නැත්නම් ප්‍රවාහනය සඳහා හෝ මොනවා හරි කියලා ඉතිරි ගාන එකතු කරලා තියෙනවා. එතකොට බිලේ හාල් කිලෝවක මිල රුපියල් 218 වුණාට, අවසන් වශයෙන් එකතුව හැදිලා එනකොට හාල් කිලෝවක මිල රුපියල් 250, 260, 265 වගේ මිලකට ඉහළ ගිහින්. ඒත් බැලූ බැල්මට පේන්නේ තොග මිල රුපියල් 218යි, සිල්ලර මිල රුපියල් 220යි කියලා. මේ විදියට හාල් විකුණනවට වඩා නිකන් ඉන්න එක හොඳයි කියලා තීරණය කරපු ප්‍රධාන නගරයෙන් පිටස්තර කඩවල් රාශියක් මේ වෙනකොට වහලා දාලා. එතකොට මේක තමයි රටේ තියෙන යථාර්ථය.

කොහොම නමුත් මේ හාල් මෝල් හිමියන්ගේ නිරුවත ඒගොල්ලො විසින්ම ඒ ඒ පැතිවලට බෙදිලා මේ විදියට එළියට ඇදගත්ත එක නම් මරු වැඩක්. ඩඩ්ලි එක පැත්තකට චෝදනා කරනවා, ‘උඹලා තමයි හොරු, උඹලා තමයි මිල වැඩිකරන්නේ හැමදාම, උඹලට තමයි මිල එක තැනක පවත්වාගෙන යන්න බැරි’ කියලා. ඒත් එක්කම තව තැනකින් චෝදනාවක් එනවා හාල් මෝල් හිමියකුට හෙලිකොප්ටර් දෙකක් තියෙනවා කියලා. මිනිස්සුන්ගෙ බත් පතට වංචා කරලා හෙලිකොප්ටර් දෙකක් නෙවෙයි සීයක් ගත්තත් වැඩක් නෑ කියලා අනෙක් පැත්තෙ ඉන්න මිනිස්සු කියනවා. එතකොට මේක ලංකාවෙ සහල් ව්‍යාපාරිකයන්ගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙයි. ඒකට හේතුව මෙච්චර කල් එකට ඉඳන් මේ මඩ ගොහොරුවෙ අනෙක් අයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගෙ දේවල් කඩාවඩා ගත්තූ, මිනිස්සුන්ගෙ දේවලින් තම තමන්ගෙ දේවල් පෝෂණය කරගත්තු සමහර අයට දැන් ඒක කරන්න බැරි වෙලා. මේක නිකන් දේව සාපයක් වගේ. එකෙක් අනෙකට චෝදනා කරනවා. අනෙකා මේ පැත්තට චෝදනා කරනවා. එකෙක් අරකගෙ රෙදි ගලවනවා. මේකා අනෙකාගෙ රෙදි ගලවනවා. මිනිහාගෙ හාල් ටිකට තට්ටු කරලා, හාල් ටික තැන් තැන්වල මෝල්වල ගාල් කරගෙන, මිනිස්සුන්ට වැඩි මිලට බත් කවපු බොහෝ ව්‍යාපාරිකයන්ට අද වෙලා තියෙන්නේ මේ වෙන දේ දිහා ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න. හාල් කතන්දරෙත් වැඩි කල් නොගිහින් ඒ තත්ත්වෙට පත්වෙයි.

මහ මෝල් හිමියො කිහිප දෙනෙක් හාල් මිල තීරණය කරන බව අපි කවුරුත් දන්නවා. ඒක ඩඩ්ලි කියන්න දෙයක් නෑ. හැබැයි ඩඩ්ලිලා කියන්නේ අපි මිල වැඩිකරනවට විරුද්ධයි, අපි දෙන්නෙ නෑ මිල වැඩි කරන්න කියලා. අනෙක් අය කියනවා එහෙම කියලා වැඩක් නෑ, අපිට මිල වැඩි කරන්න වෙනවා කියලා. ඒත් මිල වැඩි කළත්, නොකළත් අන්තිමට මේ මොහොතේ සිද්ධ වෙච්ච දේ තමයි හාල් සම්බන්ධව මිනිස්සුන්ට වංචා කරන තක්කඩින්ගෙ නිරුවත එළිවෙච්ච එක. කොහොම වෙතත් හාල් කියන්නේ මාෆියාවක්. මනිස්සු කන දේට වංචා කරන්න හොඳ නෑ කියලා තැන් තැන්වල පංපෝරි ගහපු හැම එකාම කළේ හාල්වලින් හම්බකරපු එක. ඒ හම්බකළේ මිනිස්සුන්ව මරාගෙන කාලා. මිනිස්සු ජීවත් වෙන්න අන්තිම උත්සාහය දරද්දි පවා ඒ මිනිස්සුන්ගෙ බත් පතට වංචා කරලා හෙලිකොප්ටර් අරගෙන, දැවැන්ත ජීවිත ගතකරලා තැන් තැන්වල හෝටල් හදලා, සුඛෝපභෝගී ජීවිත ගතකරන හැම එකාම දැන් එළියට ඇවිල්ලා අනෙකාගෙ රෙදි ගලවනවා. මේ රෙදි ගලවන්නේ අපට ආදරේට නෙවෙයි. උන්ගෙ වුවමනාවට. පුළුවන් නම් හාල් මිල අඩු කරලා පෙන්නන්න. හාල් මිල අඩු කරන්න දෙන්නෙ නෑ කියලා තැන් තැන්වල පම්පෝරි ගහනවා වෙනුවට ඇත්තටම කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ බත් පතට සාධාරණයක් කරන එක. ඒක කරන්න බැරි නම් හාල් මෝල්වල වී ටොන් ගනන් ගබඩා කරගෙන බොරුවට නරි නාටක නැටුවට වැඩක් නෑ. මහත්තයො අපි කිඹුල් කඳුළු හඳුනනවා. ඔය හෙලිකොප්ටර්වල, ඔය හෝටල්වල, ඔය වී මෝල්වල තැන් තැන්වල හංගලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගෙ දාඩිය කඳුළු. සමාජ මාධ්‍යයෙ පළවෙච්ච එක්තරා වීඩියෝවක කියනවා වෙළෙඳ ඇමැතිටත් හාල් මෝලක් තියෙනවා කියලා. ඒවා ඇහෙද්දී අපට කියන්න තියෙන්නේ ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’ කියලා තමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රවුෆ් හකීම් අගමැති ගැන මෙතෙක් එළියට ආපු නැති හෙළිදරව්වක් සිදු කරයි! අන්තිම මොහොතේ කරන්න ගිය තෙල් ගනුදෙනුවක් ගැනත් කියයි! (VIDEO)

Next Post

කොළඹ මාධ්‍ය සංවිධාන බුදියගෙන සිටිද්දී සිරසට ගහපු එකට රට පුරා උද්ඝෝෂණ! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.