ජනවරමක් සහිතව සිටි ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනබලය ඉදිරියේ තනතුරින් ඉවත් වීමට සිදුවීමෙන් පසු කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමට සැලසුම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසා දී රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් බවත් විය යුතු බවකි.










