• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ගියාට පස්සේ මොනවද වෙන්නේ? කව්ද ඊළඟ ජනාධිපති? කවුද ඊළඟ අගමැති? නීතීඥ සංගමයේ සභාපති අකුරටම නීතිය පැහැදිලි කරයි!

July 10, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
හමුදාව නීතිය නැව්වාද? ගාලු කොටුවේ අරගලය නැවැත්වීම දුරදිග යයි! සාමකාමී විරෝධතා නවත්වන්න හමුදාවට බෑ! නීතීඥ සංගමයේ සභාපති නීතිය පැහැදිලි කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් විස්තර කර සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු විසින් තමාගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමු කළ යුතු බවත්, එම ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවයි.

“අගමැතිවරයාට ජනාධිපති ලෙස ක්‍රියා කිරීමට නොහැකි නම්, කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරිමට හැකියි” ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

කතානායකවරයාට ද තාවකාලික ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ මාසයක් පමණක් වන බවයි.

එම මාසය ඇතුළත පාර්ලිමේන්තුව විසින් සිය ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගත යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් එම ඉල්ලා අස්වීමට ගත් තීරණය ජනාධිපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කළ යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් අතරින්ම නව ජනාධිපතිවර්ය තෝරා පත් කර ගත හැකි බවත්, නව ජනාධිපතිවරයා එම තනතුරට සුදුස්සන් අතරින් තෝරා පත් කර ගත යුතු බවද නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයා   ප්‍රකාශිත ඡන්දවලින් 50% කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

“සියලු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, තේරී පත්වන මන්ත්‍රීවරයාට ඡන්ද 113 ක් තිබිය යුතුය,” ඔහු සඳහන් කර සිටියා.

පවතින වත්මන් තත්ත්වය අනුව රට දීර්ඝ කාලයක් තිස්සේ අස්ථාවර භාවයකින් යුතුව ගමන් කළ නොහැකි බව අවධාරණය කර සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, තත්ත්වයෙහි බරපතලකම අවබෝධ කර ගන්නා ලෙසත්, බලය මාරුවීම සුමටව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කරන බවද කියා සිටියා. 

ජනාධිපතිවරයා 13 වැනිදා ඉල්ලා අස්වන්නේ නම් ඉන් පසුව බලයට පත්කරනු ලබන තැනැත්තා තෝරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් ප්‍රමාද නොවිය යුතු බවද  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

” සාමකාමී බල හුවමාරුවක් සිදුවිය යුතු අතරම මෙය නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට සියලු දෙනා ගරු කළ යුතු කාලයක්. මෙය ජාතික සමගිය සඳහා කාලයක්” යනුවෙන්  නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා සිටියා.

සියලු පක්‍ෂ විසින් පිළිගත හැකි අගමැතිවරයකු සමඟ ආණ්‌ඩුවට එක්‌වන සියලුම පක්‍ෂ ජාතික සමගි රජයට හදිසි ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පොදු වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

SendShareShare
Previous Post

ඉල්ලා අස්වෙන්න කලින් කැබිනට් එක විසුරුවා හරින්න! අරගලකරුවන්ගෙන් ජනපතිට පණිවුඩයක්!

Next Post

බළධාරීන්ගෙන් කිසිම සහයෝගයක් නැතුව, දකුණු ආසියාවෙන්ම පළවෙනි වතාවට තප්පර දහයට අඩුවෙන් සීය දුවපු අපේ කොල්ලා යුපුන්…

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.