හෙට (09) දින පැවැත්වෙන විරෝධතාව වෙනුවෙන් පොලීසිය සහ යුද හමුදාවේ 8116ක් යොදවා ඇති පොලිස්පතිවරයා පවසා තිබෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියක යි මේ බව සඳහන් වෙන්නේ.
මෙම ලිපිය යවා තිබෙන්නේ පසුගිය 07 වෙනිදා යි.
එම ලිපියට අනුව පැය 12ක සේවා මුර දෙකක සඳහා මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකවන අතර ඊට පොලිස් නිළධාරීන් 6286ක් ඇතුළත් වෙනවා.
එක් සේවා මුරයක් වෙනුවෙන් යොදවන යුද හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව 1830ක්.
පොලිස් නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනකු යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 24ක්, නියෝජ්‍ය පොලිස් අධිකාරීවරු 86ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ උප පොලිස් පරීක්ෂකවරු 392, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරු 5582ක් සහ කාන්තා පොලිස් පොලිස් කොස්තාපල්වරු 200ක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙනවා.
එම පිරිසේ එකතුව ලෙස පොලිස්පතිවරයා දක්වා ඇත්තේ 6286ක්.
එහෙත් ඇත්ත එකතුව වන්නේ 6296ක්.
මේ පිරිසට අතිරේකව සිවිල් ආරක්ෂක බලකායෙන් 1000ක් ද හෙට සේවය සඳහා යොදවා තිබෙනවා.










