කළුතර, අඟුරුවාතොට ප්‍රදේශයේ ආගමික කටයුත්තක් පැවති නිවසක අහසට වෙඩි තබා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර බව පොලිසිය පවසයි.
එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අහසට වෙඩි තබා ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.










