තමනුත් අනුර කුමාර දිසානායකත්, කුමාර් ගුණරත්නමුත් එදා විශ්වවිද්‍යාලයේ එකට අරගලයේ යෙදුනු අය බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.
තමන් මොරටුව විශ්වවිද්‍යාලයේද, අනුර කුමාර කැළණිය විශ්වවිද්‍යාලයේද, කුමාර් ගුණරත්නම් පේරාදෙණි විශ්වවිද්‍යාලයේද ඉගෙනුම ලැබූවද පැවැති ශිෂ්‍ය අරගලවලදී සියලු දෙනාම එක්ව කටයුතු කළ බව ඒ මහතා කියා සිටියේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ අවස්ථාවේ සටන් පාඨ නොව විසදුම් සෙවීමට කටයුතු කළ යුතු බවකි.










