රනිල් වික්රමසිංහ මහතාට අගමැති ධූරය නොව පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස පවා පාර්ලිමේන්තුවට පැමීණීමට ජනවරමක් නොමැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අගමැති වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
තවදුරටත් දිසානායක මහතා කියා සිටියේ මෑත කාලයේ අගමැති ධූරයේ සිට ගෙදර යාමට සිදුවූ එකම අගමැතිවරයා වික්රමසිංහ මහතා බවය.










