‘මව්රට’ පුවත්පතට සහ ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවියට එරෙහිව වහාම පියවරක් ගන්නා ලෙස අමාත්‍ය මනූස නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත.
ඊයේ ජනාධිපති මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මනූස නානායක්කාර මහතා මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.
මෙහිදී ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සාකච්ජාවට ලක්වන කරුණු පවා මව්රටනිව්ස් වෙබ් අඩවිය ඔස්සේ පළ කොට ඇති බවත්, කවුරුන් හෝ ඇතුළේ සිට මව්රට නිව්ස් වෙබ් අඩවියට තොරතුරු ලබා දෙන බවත්ය.
එම පුවත්පතේ සහ වෙබ් අඩවියේ කර්තෘවරුන් අගමැතිවරයා පවා හොදින් දන්නා හදුනන අය බවද මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම මව්රට නිව්ස් වෙබ් අඩවියෙන් අගමැතිවරයාට ප්‍රහාර එල්ල කරන බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හප්පන ආකාරයේ පුවත් පළ කරන බවත් කියා ඇති මනූස නානායක්කාර මහතා එම වෙබ් අඩවිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට සහාය දක්වන බවද සදහන් කොට තිබේ.
කෙසේවෙතත් මනූස නානායක්කාර මහතා මෙසේ අදහස් පළ කළද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට ඇත.










