• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති යවපු ‘බෝම්බ ගහන’ ලිපිය ගැන ජවිපෙ මතය මෙන්න! මේක නිකම් අර කොටි ගහනවා වගේ පරණ කතාවක්! ජනතා විරෝධය වෙනතකට යවන්න හදපු පරණ කුමන්ත්‍රණයක්! (VIDEO)

July 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුරයි විජිතයි වැලිකඩ ගිහින් මහින්දගෙයි ජොනීගෙයි නම් දෙක කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් බවට පත්වෙන්න එපා කියලා අවධාරණය කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකමවරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය දැනුම් දෙමින් ඒ මහතා මේ බව කීය.

පසුගිය ජුනි 27වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතාට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් යවා තිබෙන ලිපිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. මේ ලිපියෙන් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරනවා. ජූලි මාසයේ 05, 06 දෙදිනෙන් ආරම්භ වන කළු කොටි සැමරුම ඉලක්ක කරගෙන විදේශීය ඔත්තු සංවිධානයක මැදිහත්වීමෙන් උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බවට සඳහන් කර තිබෙනවා. “එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට ඒත්තු ගැන්වෙන පරිදි ක්‍රියාකිරීමට දැනටමත් යාපනය ප්‍රදේශය තුළ දේශීය හා විදේශීය ආයතනවල සේවය කරන ප්‍රභූවරුන්ට 05 සහ 06 දෙදින තුළ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව” දැනුම් දී ඇතැයි කියනවා. මේ සම්බන්ධ තොරතුරු ලැබුණු මාර්ගය සහ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්නේදැයි බරපතළ සැකයක් තිබෙනවා.

ඒ ලිපියෙන් ඉදිරිපත් කර තිබෙන තවත් බරපතළ කරුණක් කෙරෙහි අප විශේෂ අවධානය යොමුකරනවා. එහි සඳහන් කර තිබෙන්නේ “ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා, ජනතා විමුක්ති පෙරමුණත්, විරුද්ධ පක්ෂය නියෝජනය කරන තව දේශපාලන කණ්ඩායම්ද කටයුතු කරන බවට” තොරතුරු ඇතැයි සඳහන් කරනවා. මේක විහිළුසහගත ඉතාමත් විකට ලිපියක්. ආණ්ඩුව නිතරම උත්සාහ කරන්නේ සමාජය බියවද්දන්න. විවිධ දේශපාලන ව්‍යාපාරවලට විවිධ ලේබල් අලවන්න. මේ තුළින් ආණ්ඩුවට විරුද්ධව පැන නැගී තිබෙන උද්ඝෝෂණ මාලාව ජාතික මට්ටමෙන් සහ ග්‍රාමීය නගර මට්ටමින් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මැදිහත් වී සිදුකරමින් යනවා. ජනතාව සංවිධානය කරන්නත් ඊට මැදිහත් කරවන්නත් නිශ්චිත වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකට විරුද්ධව ආණ්ඩුව මෙවැනි විවිධ ප්‍රචාරයන් විහිළුසහගත ආකාරයෙන් නිර්මාණය කර බෙදාහරිනවා. කිසිම තර්කානුකූල ආකාරයක් නොවෙන, වගකීමක් නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යනවා. අප සහ අනෙකුත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ සම්බන්ධ කර තිබෙන මෙම ලිපිය අපේ පාර්ශ්වයෙන් බැහැර කරනවා. ආණ්ඩුවේ මේ විගඩම්වලට හසුවෙන්න එපා කියලා ජනතාවට අවධාරණය කරනවා. ජනාධිපතිවරයාත්, පොලිස්පතිවරයාත් අනුගමනය කරන මෙවැනි බොළඳ ක්‍රියාමාර්ගවලින් ජනතා විරෝධය යටපත් කළ නොහැකි බව අවධාරණය කරනවා.

පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් බවට පත්වෙන්න එපා කියලා අවධාරණය කරනවා. මේ ලිපියේ පිටපත් පොලිස්පතිවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට වත් යොමු කර නැහැ. පොලිස්පති, ආරක්ෂක ලේකම් අතර පුද්ගලික ගනුදෙනුවකට ලියන ලියුමක් වගෙයි. ඉදිරියේ තීව්‍ර වන විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව ඇතුලේම සැලසුමක් මෙවැනි ආකාරයෙන් තිබෙනවා දැයි සැකයක් මතුවෙනවා. මැයි 09වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් තවමත් නිකුත් කර නැහැ. පොලිසිය සහ හමුදාව විශාල වශයෙන් යොදවා තිබියදී නිවෙස්වලට ප්‍රහාර එල්ල වුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට හමුදාව යෙදවීම ප්‍රමාද වුණේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවී තිබෙනවා. ජනතාවගේ විරෝධතා වෙන අතකට යොමුකිරීම සඳහා මෙවැනි තත්වයන් නිර්මාණය කිරීමට ආණ්ඩුවේ උත්සාහයත් තිබෙනවා විය හැකියි. නිවාස ගිනි තැබීමට පැමිණි අයගේ මෝටර් සයිකල්වල අංකයක්වත් පොලිසිය ලියාගෙන නැහැ. මේ නිසා මැයි 09 වැනිදා නිවාස ගිනි තැබීමත් ආණ්ඩුව විසින් කරන ලද කුමන්ත්‍රණයක් දැයි සාධාරණ සැකයක් අපට තිබෙනවා. මෙවැනි තත්වයක් කුමන්ත්‍රණකාරී ලෙස ඇතිකරලා ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාර මත පැටවීමේ සැලසුමක් තිබේදැයි බරපතළ සැකයක් ඇතිවී තිබෙනවා.

අපි ජනතාවගෙන් මහත් ඕනෑකමින් කරන ඉල්ලීමක් තිබෙනවා. මහත් වේදනාවන් නිසා උද්ඝෝෂණවලට එන ජනතාවගෙන් අපි ඕනෑකමින් ඉල්ලන්නේ ප්‍රචණ්ඩකාරිත්වයට අනුබල දෙන කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙසයි. උද්ඝෝෂණ තුළට ආණ්ඩුවේ කඩාකප්පල්කාරී පිරිස් ඇතුළත් කරලා මර්දනය කරන්න බැරි ආකාරයට සංවිධානාත්මකව උද්ඝෝෂණ කරන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රශ්නවලට විසඳුම් නැතිව බිත්තියට හේත්තු වුණු ආණ්ඩුව අවසන් වශයෙන් බලය අල්ලාගෙන සිටීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදීමේ හැකියාව තිබෙනවා. අප සම්බන්ධයෙන් කර තිබෙන සඳහන නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන අතර, මේ රටට සිදු කළ විනාශයන් ප්‍රසිද්ධියේ ජනතාවට පැහැදිලි කිරීම අපේ සාර්ථකම ක්‍රියාමාර්ග බව යළිත් මතක් කරනවා. දශක ගණනාවක් අප පැහැදිලි කළ තත්වය අද වඩාත් හොඳින් ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ජනතාව සමග සංවාදශීලීව, ගෙන යන අවබෝධය බොඳ කර ආණ්ඩුව වෙනත් චිත්‍රයක් මවන්න උත්සාහ කරනවා. මැයි 09 සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තුව දින හතරක් පුරා විවාද කරමින් අප කෙරෙහි වැරදි චිත්‍රයක් සමාජගත කරන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි හොඳ අවබෝධයකින් ඉන්නවා. අප සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යවා ඇති ලිපිය ගැන ආණ්ඩුවත්, පොලිස්පතිවරයාත් රටට පැහැදිලි කළ යුතුයි.”

SendShareShare
Previous Post

ඩඩ්ලි යළි ගේමම ඉල්ලයි! දේශපාලකයන්ටයි ‌මෝල්කරයන්ටයි එළිපිට චැලෙන්ජ් කරයි! (VIDEO)

Next Post

ගෝඨා හදිසියේම පාර්ලිමේන්තුවට එයි!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.