ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතරවාරයේදීය.
ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඔෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනයේ මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.










