2020 මාර්තු මස අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය තොගයේ වටිනාකම රු. බිලියන 21,696.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ 2022 පෙබරවාරි මාසය වන විට රු. බිලියන 17,940.2 ක් ලෙසින් මෙම හිඟ රාජ්‍ය ණය ප්‍රමාණය සටහන්ව තිබීමයි.
ඒ අනුව මාර්තු මාසය තුළ දී රජයේ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 3,756.4 ක් හෙවත් රු. ට්‍රිලියන 3.75 කින් ඉහළ ගොස් තිබීමයි.
2022 මාර්තු 07 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නම්‍ය විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමත් සමඟ විදෙස් මුදලින් ලබාගෙන තිබෙන ණයවල රුපියල් අගය ඉහළ යාම මෙලෙස රාජ්‍ය ණය විශාල අගයකින් ඉහළ යාමට හේතු වී තිබේ.
ඒ අනුව 2022 පෙබරවාරි මාසයේ දී රු. බිලියන 6,461.2 ක්ව තිබුණු මුළු විදෙස් ණය ප්‍රමාණය රු. බිලියන 9,546.6 ක් දක්වා ඩොලර් බිලියන 3,085.4 කින් මාර්තු මාසය තුළ දී ඉහළ ගොස් ඇත.










