• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකුරු මැකීලා කොළ ගැලවීලා බොඳ වී යයි සිතුවම්…!
ඉස්සර වාගේ නෑ දැන් ඉවරයි අධ්‍යාපන සිස්ටම්…!

June 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අකුරු මැකීලා කොළ ගැලවීලා බොඳ වී යයි සිතුවම්…!  ඉස්සර වාගේ නෑ දැන් ඉවරයි අධ්‍යාපන සිස්ටම්…!
Share on WhatsAppShare on Facebook

ගතවෙමින් යන්නේ ලංකාවෙ අධ්‍යාපනයේ ඉතා තීරණාත්මක කාලයක්. මේ කාලය කොච්චර තීරණාත්මකද කියනව නම් අධ්‍යාපනය භයානකම අනතුරුදායක අවදියක් පසුකරමින් යනවා කියලයි අපට පේන්නේ. හරියට අගමැතිතුමා කියපු වැල් පාලමේ කතාව වගේ. අධ්‍යාපනය කොයි වෙලාවෙ කොහෙට කඩන් වැටෙයිද, කොයි වෙලාවෙ හුළඟට ගහගෙන යයිද, කොයි වෙලාවෙ අතුරුදන් වෙයිද, කොයි වෙලාවෙ අනතුරකට පත්වෙයිද කියලා හිතන්න තරම් භයානක අවදියකට පත්වෙලා. 2019 දෙසැම්බර් මාසෙ තිබිච්ච අවසන් වාර විභාගයෙන් පස්සේ 2019 අවුරුද්දෙ තිබිච්ච සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග දෙකට පස්සේ 2019 තිබ්බ ශිෂ්‍යත්ව විභාගයට පස්සේ අපේ රටේ අධ්‍යාපනය ලෝකෙට සාපේක්ෂව එහෙට මෙහෙට විසිරිලා ගියා. ඒක මුළු ලෝකෙටම අදාළයි. ඒක නිසා ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ.

2020, 2021, 2022 අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කොවිඩ් නිසා අනතුරට පත්වෙන කොට මේ 2022 අවුරුද්ද සහ 2023 අවුරුද්ද සම්බන්ධව අපට බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ ඊට වඩා භයානක තත්ත්වයක් ගැන. මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ කොවිඩ් නිසා නෙවෙයි. 2019 අප්‍රේල් මාසෙ 21 වැනිදා ලංකාවට එල්ල වෙච්ච පාස්කු ප්‍රහාරයත් එක්ක ලංකාවෙ අධ්‍යාපනය යම් විදියකට කඩාගෙන වැටුණට ආයෙත් කොන්ද කෙළින් තියාගෙන නැගිටින්න පුළුවන් විදියට අධ්‍යාපනය සවි ශක්තිමත් වුණා. ඒත් දැන් මේ පහුගිය සතිය නිමා වෙන්නේ පාසල්වලට කිසිම ක්‍රමවත් වැඩපිළිවෙළක් රහිතව නිවාඩු දීලා. නිවාඩු දීලද, නැත්නම් පාසල් ඇරලද, පාසල්වලට යන්න ඕනෙද නැද්ද කියන එක හිතාගන්න බැරුව දරුවො අන්ත අසරණ වෙලා ඉන්නේ. ඇත්තටම රජය විසින් මේ සම්බන්ධව මුලින්ම කිව්වේ කොළඹ නගරයේ පාසල්වලට නිවාඩු දෙනවා කියලා. ඉන් පස්සේ කොළඹ නගරයේ පාසල්වලට නිවාඩු දෙනවා කියපු එකට තවත් කොටසක් එකතු වුණා. ඒ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල්වලට නිවාඩු දෙනවා කියලා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල්වලට නිවාඩු දෙනවා කිව්වාම මේකට තවත් කොටසක් ඔවුන් එකතු කළා ප්‍රධාන නගරවල පාසල්වලට නිවාඩු දෙනවාය කියලා. එතකොට තදාසන්න පාසල් මොනවද, තදාසන්න බවට තියෙන නිර්නායක මොනවද, ප්‍රධාන නගර මොනවද, ප්‍රධාන නගරවල පාසල් බවට හඳුනාගත හැකි පාසල් මොනවද වගේ දේවල් ජනතාව විසින් තීරණය කළ යුතු තත්ත්වයක් නිර්මාණය වුණා. මේ අය කිව්වේ විදුහල්පතිවරුන්ට තමන්ගෙ අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙනවා කියලා. ඇත්තටම විදුහල්පතිවරු කියලා කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෝ. ඔවුන්ට තමන්ගෙ අභිමතය පරිදි වැඩ කරන්න දුන්නාම විදුහල්පතිවරයා තීරණය ගන්නේ කොයි පැත්ත ගැන හිතලද කියන එක සම්බන්ධව අපට හිතාගන්නත් බෑ. සමහර පාසල් තියෙනවා ගුරුවරු 25ක් 30ක් රාජකාරි කරනවා, ඉන් 28 දෙනෙක් එකම ගමේ අය බවට පත්වෙන කොට දෙන්නෙක් එන්නේ බස් තුනක හතරක. එතකොට ඒ දෙන්නට විතරක් එන්න එපා කියලා ඉස්කෝලේ පවත්වාගෙන යන්න පුළුවන්ද? සමහර පාසල් ඒ තත්ත්වයෙ තියෙන්නේ. ඒ වගේම පන්ති කාමරයකින් දරුවො දෙතුන් දෙනෙකුට එන්න බැරි නම්, පන්ති කාමරයක ඉන්න ළමයි 40න් 37 දෙනෙක් ඉස්කෝලෙ ආවට පස්සේ අනෙක් දරුවො තුන්දෙනාට පාසලට එන්න බැරි විදියට බස් රථ ධාවනය වෙන්නේ නැත්නම්, ගෙදර තාත්තට තෙල් ටිකක් නැත්නම්, ගෙදර වාහනයක් නැත්නම් ඒ දරුවො තුන්දෙනා වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ? ඒ තුන්දෙනාට ඔන්ලයින් උගන්වනවද? ඒ තුන්දෙනාට එන්න බැරි වුණු නිසා අනෙක් දරුවන්ටත් උගන්වන්නෙ නැතිව ඉන්නවද කියන එක ගැන තීරණක් ගන්න බැරි තරමට පාසල් අසරණ වෙලයි තියෙන්නේ.

මේ වෙනකොට එකම වයසෙ, එකම විෂය නිර්දේශය ඉගෙන ගන්න, එකම දරුවො කණ්ඩායමක් එක පාසලකට ගිහින් ඉගෙන ගන්න අතරෙ, අනෙක් දරුවන්ගෙ පාසල් නිවාඩු දීලා. සමහර ළමයින්ගෙ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිද්ධ වෙන අතරතුරේ අනෙක් අයගෙ ඔන්ලයින් කටයුතු සිදුවෙන්නේ නෑ. කොවිඩ් කාලෙ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුවුණේ දරුවො සහ මවුපියො සියලු දෙනාම ගෙදර හිටපු නිසා. හැබැයි මේ කාලෙ රජයේ කන්තෝරුවලින් යම් පිරිසකට නිවාඩු දීලා තිබුණත්, පෞද්ගලික අංශය නිවාඩු දුන්නේ නෑ. ඒක නිසා මේ තත්ත්වය ඉතා නරක අතට හැරිලයි තියෙන්නේ. දැන් පාසලට උදේ එනවා කියන එකෙන් අදහස් කරන්නේ උදෑසන 7.30ට පෙර පාසලට පැමිණීම. එතකොට පාරේ බස් කීයක් දිව්වත්, ළමයා පාරට එන්නේ උදේ 6ට නම්, 6 ඉඳන් 7.30 දක්වා බස් කීයක් පාරෙ දුවනවද කියන එකයි හරි නම් බලධාරීන් විසින් ගණන් හැදිය යුත්තේ. ඒත්, එහෙම දෙයක් සිදුවුණේ නෑ කියලයි අපට පේන්න තියෙන්නේ. පහුගිය සතිය පිළිබඳ අපි හොයලා බැලුවා. අනුරාධපුර, කතරගම, තිස්සමහාරාම, පොළොන්නරුව, මහනුවර, කොළඹ, ගම්පහ කියන මේ පාසල් පද්ධතිය අතර කොළඹ පාසල් සම්පූර්ණයෙන්ම වසාදමමින් ඔවුන් යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරලා තිබුණා. බොහෝ විට කොළඹ පාසල්වල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදුවුණා. විශේෂයෙන්ම මීගමුව ආශ්‍රිත සමහර පාසල්වල ඉතා ක්‍රමවත් ආකාරයෙන් උදෑසන 7.30 සිට සියලු වැඩකටයුතු සවස 1.30 වන තෙක් සිදුකරමින් පාසල් අධ්‍යාපනය ඉතා නිරවුල්ව පවත්වාගෙන ගියපු ආකාරය අපට දකින්න ලැබුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර පාසල්වලට හොයාගන්න බැරිව තිබුණා තමන්ගෙ පාසල ප්‍රධාන නගරයේ පාසලක්ද, එහෙම නැත්නම් නගරාශ්‍රිත පාසලක්ද, කොළඹ නගරයට ආසන්න පාසලක්ද නැද්ද කියලා. මෙක හොයාගන්න බැරිව අසරණ වෙච්ච විදුහල්පතිවරු හත්පොළේ ගාගන්න හැටිත් අපි දැක්කා. මේ විදුහල්පතිවරු හත්පොළේ ගාගත්තට පස්සේ ගුරුවරුන්ට පාසලට යන්න සිදුවුණා. ගුරුවරු පාසලේ පන්ති කාමරයට ගියාට දරුවො ඇවිල්ලා හිටියෙ නෑ. ඒ වගේම දරුවො ඇවිල්ලා තිබුණු පාසල්වල ගුරුවරු ඇවිල්ලා තිබුණේ නෑ.

මේ අතර උත්තර පත්‍ර පරීක්ෂාව සිදුවෙන හින්දා අධ්‍යාපනය අලකලංචියක් බවට පත්වෙලයි තියෙන්නේ. කොහොම හරි මේ සතිය ගතවුණාය කියමුකො. එතකොට ඊළඟ සතියට මොකද වෙන්නේ? ඒ වගේම පාරේ බස් වැඩකරන්නෙ නැතුව ගියොත් මේ පාරේ බස්වල එන දරුවන්ට සිද්ධ වෙන අකටයුත්ත සම්බන්ධව වගකිව යුත්තා කවුද? පාරේ එන එක බස් එකක් නැතුව ගියොත් දරුවට පාසල් එන්න සිද්ධ වෙන්නේ 7.30ට නෙවෙයි 8.30ට කියලා කියන පාසල් තිබුණා. අනුරාධපුරේ සහ කතරගම ආශ්‍රිත ප්‍රධාන පාසල් බොහෝ දුරට නිවාඩු දීලා තියෙද්දී සමහර පාසල් පවත්වාගෙන ගියා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර පාසල් ඉතා සාර්ථකව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් දියත් කරලා තිබුණා. මේ පුංචි පාසල්වල ඉන්න ගුරුවරු කිහිප දෙනා පාසලට ගෙන්වාගෙන දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සිදුකරන අතර ගුරුවරු කිහිප දෙනකුට පමණක් පාසලට එන්න බැරි බව දැනුම් දුන්නට පස්සේ ඒ අය නිවෙස්වල ඉඳලා දරුවන්ට අවශ්‍ය කටයුතු සූදානම් කරපු බවක් සමහර පාසල්වලින් දැනගන්න ලැබුණා.

ඒ කෙසේ වෙතත් මේ සතිය ගතවෙන්නේ සමානව අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය දරුවන්ට සහ මේ දරුවන් වෙනුවෙන් සමාන වගකීම් දැරීමේ අයිතිය ගුරුවරුන්ට අහිමි කරමින්. තෙල් ප්‍රශ්නය ඔඩුදුවන බව බලධාරීන් දැනගෙන සිටිය නිසාවෙන් මේ කටයුත්ත සිද්ධ කළත් ඇත්තටම විය යුතුව තියෙන්නේ මේ විදියට සැලසුම් රහිතව වැඩ කිරීම නෙවෙයි කියලයි අපට නම් හිතෙන්නේ. ඇත්තටම දරුවො සම්බන්ධව වගකීම දැරීම රජයකට විශාල වශයෙන් පැවරෙන දෙයක්. ඒත්, පහුගිය සතිය, ඊළඟ සතියට පරමාදර්ශයක් බවට පත්වෙලා ඊළඟ සතිය බරපතළ විපතක් බවට පත්වෙන්නට පෙර අධ්‍යාපන බලධාරීන්ට කොන්ද කෙළින් තියාගෙන තනි තීරණයක් ගැනීමේ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පාසල් වහනවා නම් ඔවුන්ට පුළුවන්කම තියෙනවා එක තීන්දුවක් අරගෙන මුළු රටේම පාසල් මේ සතියේදී වසාතබන බවට නිශ්චිතව පවසන්න. එහෙම නැත්නම් ඔවුන්ට පුළුවන්කම තියෙන්න ඕනෙ මුළු රටේම පාසල් විවෘතයි, නැත්නම් මෙන්න මේ දිස්ත්‍රික්කයේ පාසල් විවෘතයි, මෙන්න මේ දිස්ත්‍රික්ක දෙකේ පාසල් විවෘතයි කියලා නිවැරැදිව පවසන්න. එහෙම නැතුව විදුහල්පතිවරුන්ගෙ රැස්වීමෙදි එකක් කියලා, අධ්‍යාපන බලධාරීන් විදියට ටෙලිවිෂන් නාලිකාවල තව එකක් කියලා, එහෙට එකයි මෙහෙට එකයි කියලා නංගි පෙන්නලා අක්කා දෙන විදියේ ක්‍රමවේදයක් දියත් කරලා අනතුරට හෙළිය යුතු දෙයක් නෙවෙයි රටේ අධ්‍යාපනය. විභාග තියාගන්න බැරිව අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්වෙලා තියෙන රටේ අධ්‍යාපනය තව තවත් වළපල්ලට නොදමා කොන්ද කෙළින් තියාගෙන තීන්දු ගන්න පුළුවන් විදියෙ බලධාරීන් අධ්‍යාපනයට ලැබේවායි කියලා අපි ආයෙත් ප්‍රාර්ථනවා කරනවා.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රට ඇතුළෙ තිබ්බ ඩොලර් ටික එළියට ඇද්ද රාජපක්ෂලාගෙ කට්ටියගෙයි වික්‍රමසිංහලාගේ කට්ටියගෙයි නම් ටික අනුර කියාගෙන කියාගෙන යයි! (VIDEO)

Next Post

මේකට රට වහලා කියන්න එපාලු! ගෙදර ඉඳන් වැඩ කරනවා කියලලු කියන්නේ! හරීන් ප්‍රනාන්දු තමයි කියන්නේ!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.