ලේක්හවුස් ආයතනයේ 2020 වසරේ සිට 2022 වසර දක්වා සිදු වු මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් තොරතුරු හෙළි කර ගැනීමට නව ලේක්හවුස් සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය සමත්ව තිබේ.
ඒ අනුව ලේක්හවුස් ආයතනයේ අභ්‍යන්තර විගණක අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මේ සම්බන්දයෙන් මුලික පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව මුලික අභ්‍යන්තර විගණක පරීක්ෂණය අවසන් වන තුරු ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී – අළෙවි ඒ.එම්.එස් අධිකාරි , අළෙවි නොවු පුවත්පත් භාර ගැනීමේ අංශ ප්‍රධානී කළමණාකාර අනුර කුමාර , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අළෙවි පුද්ගලික සහකාර තරංජි මහත්මිය, විධායක නිලධාරී චම්පා මහත්මිය , ප්‍රාදේශීය අළෙවි විධායක තරිදු මහත්මා ඇතුළු 7 දෙනකු වහාම ක්‍රියාත්මක වන තුරු අළෙවි දෙපාර්තමේන්තුවේ දැරූ තනතුරුවලින් ඉවත් කර එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විවිධ දෙපාර්තමේන්තු වෙත මාරු කර තිබේ.
එමෙන්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අළෙවි ඒ.එම්.එස් අධිකාරි මහතාගේ නිළ කාර්යාලය මුද්‍රා තැබීමට ලේක්හවුස් ආරක්ෂක අංශය සහ අභ්‍යන්තර විගණක අංශය කටයුතු කර තිබෙ. අළෙවි දෙපාර්තමේන්තුවේ සිට වහාම ක්‍රියාත්මක වන තුරු මාරු කරන ලද කළමණාකරුවන් සහ විධායක නිලධාරීන් 6 දෙනකුගේ පරිගණක සහ කාර්යාලීය ලිපි ලේඛණ ඇතුළත් මේස සහ ලාච්චු සියල්ල මුද්‍රා තැබීමට ලේක්හවුස් ආරක්ෂක අංශය සහ අභ්‍යන්තර විගණක අංශය කටයුතු කර තිබේ.
අළෙවි දෙපාර්තමේන්තුවහි කිසිදු ලිපි ලේඛණයක් පිටතට යැවීම සහ පිටස්තර පුද්ගලයන්ට අළෙවි දෙපාර්තමේන්තුවට ඇතුළු වීම වළක්වමින් ලේක්හවුස් ආරක්ෂක අංශය විසින් එහි ආරක්ෂක මුර පොලක්ද ස්ථාපිත කර තිබේ.
ලේක්හවුස් අභ්‍යන්තර විගණක අංශයට ලැබුණු ලිඛිත තොරතුරු මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර දැනට අනාවරනය කර ගෙන ඇති තොරතුරුවලට අනුව අළෙවි දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට හිතවත් ප්‍රාදේශීය අළෙවි විධායකයන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ නමින් ප්‍රාදේශීය අළෙවි නියෝජිත ආයතන රැසක් පිහිටුවා තිබේ. 2020 වසරේ සිට මේ දක්වා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි විසින් ලේක්හවුස් ආයතනයේ තම හිතවතුන් 6 දෙනකු පමණ ප්‍රාදේශීය අළෙවි විධායකවරුන් ලෙස පත් කර තිබේ. එම පත් වීම් ලද පිරිසගේ ඥාතීන්ගේ නමින් ප්‍රා දේශීය අළෙවි නියෝජිත ආයතනද පිහිටුවා තිබේ.
එම ප්‍රාදේශීය අළෙවි විධායකයන් පත් කර ඇත්තේ චෝදනා ලැබ ඇති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – අළෙවිට අවශ්‍ය ආකාරයටය. එම අළෙවි නියෝජිත ආයතන වෙත අධ්‍යාපන ප්‍රකාශන මුද්‍රණය කරන ලද ප්‍රමාණයෙන් කොටසක් හොර රහසේ යවා මුදල් කර ගෙන ඇති බවටත් ඉතිරි අධ්‍යාපන ප්‍රකාශන තොගය සාමන්‍ය අළෙවි නියෝජිතයන් මගින් අළෙවි කර තිබේ. ඒ අනුව හිතවතුන්ගේ අළෙවි නියෝජිත ආයතන වෙත යවන ලද අධ්‍යාපන ප්‍රකාශන පිළිබද තොරතුරු හෝ මුදල් ලේක්හවුස් ආයතනයට ලැබී නැති බව අණාවරණය වී තිබේ.
උදාහරණයක් ලෙස ලේක්හවුස් ආයතනයේ පත්‍ර පිට කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ඇති ඩී.එස්.ආර් නම් වාර්තා පොතට අනුව අධ්‍යාපන ප්‍රකාශන මුද්‍රණ ඇණවුම 25000 නම් එම තොගය පත්‍ර පිට හැරීමේ දෙපාර්තමේන්තුවට සෘජුව ලැබී ඇති අතර ඉන් සාමන්‍ය අළෙවි නියෝජිත ආයතන වෙත යවා ඇත්තේ ඉන් 18000 පමණි. ඉතිරි අධ්‍යාපන ප්‍රකාශන 7000 ප්‍රමාණය ප්‍රාදේශීය අළෙවි විධායකයන්ගේ හිතවත් අළෙවි නියෝජිත ආයතන වෙත යවා මුදල් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතරතුර අළෙවි නොවු පුවත්පත් භාර ගැනීමේ දෙපාර්තමේන්තුවේ අළෙවි නොවු පුවත්පත් භාර ගැනීමේදී සෑම පුවත්පතකම තිබෙන විද්‍යුත් පරිඝණක කියවීමේ පුවරුව නැතහොත් බා කෝඩ් එක පරිඝණක ගත කිරීම සිදු වේ. නමුත් එකම පුවත්පත දස වාරයක් පමණ විද්‍යුත් පරිඝණක ගත කිරීම නැතහොත් බා කෝඩ් කිරීම කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අළෙවි නොවු පුවත්පත් සාවද්‍ය ලෙස ආයතනයට පැමිණි බව පෙන්වා ඇතත් සත්‍ය ලෙසම එම පුවත්පත් ආයතනය වෙත ලැබි නැත. එම අළෙවි නොවු පුවත් පත් හොර රහසේ අළෙවි ප්‍රධානියාගේ හිතවතකුගේ වෑන් රථයෙන් හොර රහසේ විකුණා ඇති බව අනාවරණය වී තිබේ.
ආයතනයේ අළෙවි නොවු පුවත්පත් ටෙන්ඩර් මගඩිය ගැන විවිධ චෝදනා පසුගිය කාලයේ නැගී තිබුණද ඒ සම්බන්දයෙන් පසුගිය පාලනාධිකාරිය කිසිදු සොයා බැලීමක් සිදු කර නැත. 2005-2015 වර්ෂයන්හි හිටපු අළෙවි කළමණාකරු සුනිල් සෙන්දනායක අධ්‍යාපන ප්‍රකාශණ මගින් රුපියල් එක්කෝටි අසුහත් ලක්ෂයක මුල්‍ය වංචාවක් කළ බවට අභ්‍යන්තර විගණන වාර්තා 3 ක් මගින් හෙළි කර තිබුණේ 2005 -2020 ලේක්හවුස් ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කළ 2020 වසරේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අළෙවි ලෙස පත් කරන ලද ඒ.එම්.එස් අධිකාරි විසින් වීමද විශේෂත්වයකි.
ලේක්හවුස් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රබල සාමාජිකයකු සහ හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වු ලේක්හවුස් ප්‍රධාන අභ්‍යන්තර විගණක ඒ.එම්.එස් අධිකාරි ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරේ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අළෙවි දක්වා උසස්වීමක් ලබා දෙන ලදී. එම උසස් වීම ලබා දෙන ලද්දේ ලද්දේ 2020 වසරේ පත් වු පොදුජන පෙරමුණේ වත්මන් ආණ්ඩුවේ හිටපු ලේක්හවුස් අධ්‍යක්ෂක මණ්ඩලය විසිනි.
හිටපු අළෙවි කළමණාකාර ලද සුනිල්සෙ න්දනායක 2005 -2019 අතර කාලයේ අළෙවි දෙපාර්තමේන්තුවේ සිදු කළ බවට සැලකෙන වංචාව වු රුපියල් එක්කෝටි අසුහත් ලක්ෂයක වංචාවේ විගණනය සිදු කර තිබුණේ හිටපු ප්‍රධාන අභ්‍යන්ත විගණක ඒ.එම්.එස් අධිකාරි වීමත් ඔහුටත් එවැනිම චෝදනාවක් එල්ල වීමත් දෛවයේ සරදමක් බවත් ලේක්හවුස් සේවකයන් පවසති.
හොරකම් කිරීමේ සියලු මාර්ග වැසීම ගැන සහ එම මාර්ග දන්නා අයගේ පත්වීම්ද ගැටලුකාරී බව ලේක්හවුස් සේවකයන් පවසති. මේ අතරතුර – අළෙවි ප්‍රධානීයා විසින් වෙනත් දෙපාර්තමේන්තු වෙනුවෙන් බැංකු ගිණුම් විවෘත කර තිබෙන අතර එම ගිණුම් හිටි හැටියේ වසා දමා තිබෙන බවද අණාවරණය වී තිබේ. එම ගිණුම් මගින් රුපියල් මිලියන ගණනින් මුදල් හුවමාරු වී ඇති තිබේ. එසේම අළෙිවි ප්‍රධානියකු විසින් ලේක්හවුස් ආයතනයේ එවකට ප්‍රධාන ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් වු කූරගල පුදබිම සදහා වාර 17 ක් ගමන් කර ඇති බවටත් ඒ සදහා හෝටල් සහ ගමන් වියදම් ලබා ගෙන තිබේ. නමුත් සත්‍ය ලෙසම කූරගල පුදබිමට ගොස් ඇත්තේ අවස්ථා 9 පමණ බවද හෙළිව තිබේ. එලෙස කූරගල පුදබිමට ගිය බවට දන්වා වියදම් ලබා ගත් ඇතැම් දිනවල එම ප්‍රධානියා ආයතනයේ සේවයට පැමිණි දිනයන්ද තිබීම වංචා සහගත බව සත්‍ය ලෙසම හෙළි වීමට හේතු වී තිබේ.
එසේම අළෙවි ප්‍රධානියකුට ප්‍රා දේශීය අළෙවි නියෝජිත ආයතන නිරීක්ෂණය සදහා දිනකට රුපියල් 3000 පමණ ගෙවීමක් සිදු කරනු ලබයි. පසුගිය 2020 කොරෝනා සමයේ රට වසා දමා තිබුණ දිනවලටද අළෙවි ප්‍රධානියා ප්‍රා දේශීය අළෙවි ඒනජන්සි නිරීක්ෂණයට ගිය බවට බිල්පත් ඉදිරිපත් කර ගෙවීම් ලබා ගෙන තිබේ. ඇතැම් දිනවල හෙතෙම නිවසට වී අළෙවි නියෝජිත ආයතන නිරීක්ෂණය කළ බවට ගෙවීම්ද ලබා තිබේ. මේ ගෙවීම් සදහා හිටපු නීතීඥ අධ්‍යක්ෂවරයකු විසින් අනුමැතිය පවා ලබා දී තිබේ.
ලේක්හවුස් ආයතනයේ වසර ගණනාවක සිට විථි වෙළෙදුන් පුවත්පත් අළෙවිය සාර්ථකව සිදු කර තිබේ.දිනපතා අළෙවි කරන ලද පුවත්පත් මුදල් සහ අළෙවි නොවු පුවත්පත් දිනකට පසුව ලබා දීම සහ මුදල් ගෙවීම මත විථී වෙළෙදුන්ට ඊට පසු පුවත්පත් ලබා දීම සිදුව තිබේ. දින දෙකකදී විථි වෙළෙදුන් මුදල් නොගෙවුවහොත් නැවත එම විථි වෙළෙදුන්ට පුවත්පත් ලබා නොදීම මගින් ආයතනයට පිටස්තර ණය ගැතියන් ඇති වීම වලක්වා තිබිණි. එම නිසා වීථි වෙළෙදුන් මගින් ආයතනයට මුදල් නොලැබීම අවම මට්ටමක තිබිණි. කෙසේ වෙතත් නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අළෙවි විසින් විථි වෙළෙදුන් ප්‍රධාන අළෙවි නියෝජිතවරු ලෙස රුපියල් 10,000 වැනි සුළු තැන්පතුවක් මත අළෙවි නියෝජිත ආයතන පිහිටුවා තිබේ. ඉතාව වැරැදි ව්‍යාපාරික ක්‍රමයන් මත විථි වෙළෙදුන් ප්‍රධාන අළෙවි නියෝජිතවරු ලෙස පත් කිරීම නිසා එවැනි ආයතන 50 ක් පමණ මේ වන විට ලේක්හවුස් ආයතනයට රුපියල් මිලියන 35 පමණ ණය ගෙවීමට තිබේ. ( ණය ගැතියන් වී තිබේ. )
ඒ කෙසේ වෙතත් නව අළෙවි නියෝජිත ආයතන ලෙස පත් කර ඇත්තේ විථි වෙළදුන් බැවින් ඔවුන්ගේ ලිපියන්හි එවැනි අළෙවි නියෝජිත ආයතන නොමැති බව අණාවරණය වී තිබේ.ඒ අනුව සෘජු ලෙසම රුපියල් මිලියන 35 පමණ ලේක්හවුස් ආයතනයට අහිමි වෙන තත්ත්වයක් ඇතිව තිබේ. ඒ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අළෙවි විසින් ගත් වැරැදි සහ අත්තනෝමතික තීන්දු හේතුවෙනි. මේ අතරතුර අළෙවි නොවන පුවත්පත් ලේක්හවුස් ආයතයට ගෙන ඒමෙන් අනතුරුව පරිගණක ගත කර යළිත් එම පුවත්පත් ප්‍ර දේශීය අළෙවි නියෝජිත ආයතන වෙත බිල්පත් සටහන් නොමැතිව යවා තිබේ. ඒ අනුව අළෙවි නොවු පුවත්පත් නැවත අළෙවි කිරීමට අළෙවි නියෝජිත ආයතන වෙත යවා තිබේ.. අමතරව අළෙවි නොවු පුවත්පත් ටෙන්ඩර් පිරිනමා ඇත්තේ ලේක්හවුස් ආයතනයේ නීතීඥ සේවා සැපයු හිටපු අධ්‍යක්ෂකවරයකුගේ හිතවතුන් පිරිසකට බවද අනාවරණය වී තිබේ.
එම හිතවතුන් පිරිස විසින් 2020 වසරෙ සිට 2022 වසර දක්වා අළෙවි නොවු පුවත්පත් ටෙන්ඩර විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවද අනාවරණය වී තිබේ. ඒ මගින් අයථා ලෙස රුපියල් මිලියන ගණනින් ලාභ හිටපු නීතීඥ අධ්‍යක්ෂකවරයා සහ ඔහුගේ ගෝල බාලයන් රැසක් අතරේ බෙදී ගොස් ඇති බවද වාර්තා වෙයි.
මේ අතරතුර පළමු වන ශ්‍රෙණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා වු අධ්‍යාපන ප්‍රකාශන වු මුතු අහුර , අතුරු මිතුරු , සිංහල , දෙමළ , ඉංග්‍රිසි ප්‍රකාශන විශාල ප්‍රමාණයක් වාණිජ මුද්‍රණ අංශයේ මුද්‍රණ ඇණවුම මගින් සිදු කර පත්‍ර පිට හැරීමේ දෙපාර්තමේන්තුවට පැමිණියද එහි ඇති ඩී.එස්.ආර් පොතහි වාර්තාවට අනුව සාමාන්‍ය පුවත්පත් අළෙවි නියෝජිත ආයතන වෙතයවා ඇත්තේ ඉන් හරි අඩක් පමණි.
ඉතිරි සියලු මුද්‍රණයන් හොර පාරෙන් විකුණා හෝ සිදුවු දෙයක් නොමැති ත්ත්ත්වයක් උදා වී තිබේ. ඒ අනුව නවයේ පහ ඒජන්සි , සහ අටේ පහ ඒජන්සි රැසක් පිහිටුවා තිබේ. එම පුවත්පත් අළෙවි නියෝජිත ආයතන මගින් අධ්‍යාපන ප්‍රකාශන සහ අළෙවි නොවු පුවත්පත් මගින් මුල්‍ය වංචා සිදුව ඇතැයි චෝදනා එල්ල වී තිබේ. විථි වෙළෙදුන් සාමන්‍යා පුවත්පත් අළෙවි නියෝජිත ආයතන ලෙස පත් කර මේ වන විට ලේක්හුවස් ආයතනටය රුපියල් මිලියන 35 පමණ අලාභ කර ඇත්තේ අළෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගේ වැරැදි ප්‍රතිපත්තිමය තීන්දු හේතු නිසා බව අනාවරණය වී තිබේ.
පැරැණි පුවත්පත් විකිණීමේ ටෙන්ඩරය මගින් එක්තරා නිලධාරයකු වංචා කර ඇති මුදල රුපියල් මිලියන 40 ක් පමණ වන බවද අණාවරණය වී තිබේ. එම වංචාව සදහා හිටපු නීතී අධ්‍යක්ෂකවරයකුගේ පුර්ණ අනුමැතිය ලැබි තිබුණු බවට අනාවරණය වී තිබේ. මේ වන විට ලේක්හවුස් අභ්‍යන්තර විගණන අංශයේ දැනට තිබෙන වාර්තා අනුව 2020 වසරේ සිට 2022 වසර දක්වා අළෙවි දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 70 වක පමණ එනම් රුපියල් කෝටි 7 ක පමණ වංචාවක් සිදුව ඇති බවට තොරතුරු හෙළිව තිබේ
මේ සම්බන්දව පරීක්ෂණ යට ගසන ලෙස ආණ්ඩුවට සම්බන්ද සුළු පක්ෂයක මන්ත්‍රීවරු සහ ඇමැතිවරු 6 දෙනකු විසින් ලේක්හවුස් ආයතනයේ ඉහළම බලධාරියකුට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ නමුත් සාධාරණ හා අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ෙලස ඉන් අනතුරුවද ඉහළම බලධාරියා විසින් විසින් අභ්‍යන්තර විගණන අංශයට දැනුම්වත් කර තිෙබ්. නමුත් ෙල්ක්හවුස් ෙස්වකයන් පවසනුෙය් ෙමම පරීක්ෂණය අභ්‍යන්තර විගණන අංශයට අමතරව අපරාධ පරීක්ෂණ ෙදපාර්තෙම්න්තුවට සහ අල්ලස් හෝ දුෂණ ෙකාමිෂන් සභාවට පරීක්ෂණය සදහා භාර දිය යුතු බවය. ෙමම පරීක්ෂණය නවත්වන ෙලස ෙද්ශපාලන බලපෑම් ඒල්ල වීමේ අවධානමක් ඇති බැවින් අල්ලස් ෙකාමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවට මෙය පැමිණිලි කිරීම සභාපතිවරයා සහ අධයක්ෂ මණ්ඩලයට කටයුතු කරනු අැතැයි ෙස්වකයන් බලාෙපාෙරාත්තු ෙවයි.
කෙසේ වෙතත් කුමන බලපෑම් එල්ල වුවද මධ්‍යස්ථ ලෙස මෙම පරීක්ෂණය සිදුකර ලේක්හවුස් ආයතනය සුරකිනු ඇතැයි ලේක්හවුස් සේවකයන් බලාපොරොත්තු දල්වා බලා සිටිති. ලේක්හවුස් ප්‍රධාන අභ්‍යන්ත ර විගණන වාර්තා 3 ක් අනුව හිටපු අළෙවි කළමණාකරු සුනිල් සෙන්දනායක රුපියල් කෝටි 2 ක මුල්‍ය වංචාවක් මත සේවයෙන් නෙරපු ලෙසම මෙම පරීක්ෂණයද අපක්ෂපාතී ලෙස සිදු කර සනාථ වන කරුණු මත පරීක්ෂණය යට නොගසා සත්‍ය ලේක්හවුස් සේවකයන් වෙත හෙළි කරනු ඇතැයි ලේක්හවුස් සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වී තිබේ. එසේම යම් අයකු විසින් ආයතනයෙන් අයථා ලෙස මුදල් හොරකම් කර ඇත්නම් එම මුදල් යළිත් ආයතනයට අය කර ගැනීමට නව ලේක්හවුස් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කරනු ඇතැයි ලේක්හවුස් සේවකයන් බලාපොරොත්තු වෙයි










