අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අගමැතිවරයා නැගිට ගිය හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ.
ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමට අගමැතිවරයා ගිය බවකි.
හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම හමුවීමට අගමැතිවරයා සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
කෙසේවෙතත් මන්ත්‍රීවරුන් මෙහිදී පවසා ඇත්තේ අගමැතිවරයා හැමදාම රැස්වීම අතරමගදී නැගිි යන බවත්, මතුව ඇති ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බවත්ය.










