• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැබිනි මව්වරුන්ට වහ පොවපු හැටි මෙන්න…

June 15, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ගැබිනි මව්වරුන්ට වහ පොවපු හැටි මෙන්න…
Share on WhatsAppShare on Facebook

පහුගිය දිනෙක ශ්‍රී ලංකාවෙ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි ඇඟ හිරිවැටෙන ප්‍රවෘත්තියක් වාර්තා කොට තිබුණේය. ඒ ප්‍රවෘත්තිය දළ වශයෙන් මෙසේය. බාල බෙහෙත් ගැබිනි මවුවරුන්ට දී ඇති බව එහි අන්තර්ගතයයි. ගර්භණී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති කෝටි 55,2458කට වැඩි ප්‍රමාණයක් කල් ඉකුත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත්, ඒවා මේ වන විට රෝගීන්ගෙන් 98%කට ලබාදී ඇති බවත් මේ ප්‍රවෘත්තිය හරහා වාර්තා විය. කෝටි 55,248ක් යනු මිලියන 5,52,452කි. මේ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන්ව ඇති බව එම වෙබ් අඩවි වාර්තා කොට තිබිණි. එම සිදුවීමට පසුබිම් කතාව සහ පෙර කතාව මෙසේය. එම වාර්තාවේ දැක්වෙන අන්දමට මේ පෙති මිලදී ගෙන ඇත්තේ 2013, 2014 සහ 2015 යන වර්ෂ සඳහාය. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්නය. මෙම බෙහෙත් වර්ග අදාළ වර්ෂවල භාවිතයේදී අවශ්‍ය නොවුණු සහ රෝගීන්ට ලබා නොදුන් ඒවා වන අතර, ඒවා කල් ඉකුත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කොට තිබේ. මේ අතර රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් එන්නත් තොගයක්ද මේ ආකාරයෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් අතරට එක්ව තිබිණි. 2016 වසරේදී චක්‍රලේඛ නිකුත් කරන විට මෙම බෙහෙත්වල සහ එන්නත්වල ජීව කාලය අවසන්ව තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව තොරතුරු අනාවරණ කරගෙන ඇත. නමුත් මේ වන විට එම එන්නත්වලින් 99%කුත්, බෙහෙත්වලින් 98%කුත් භාවිත කොට ඇති බව එම පාර්ලිමේන්තු කාරකසභාවේදී දැනගන්නට ලැබී තිබේ.

කෝප් කාරකසභාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පවසා තිබුණේ ඖෂධ ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනාගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණු බවය. රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ වර්ග 60ක තත්ත්වය පරීක්ෂා කරගත හැකි නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව මෙම කමිටුව පෙන්වාදී තිබේ. කෙසේ නමුත් ප්‍රශ්නය වන්නේ මෙම ආණ්ඩුව බලයට එන්නේම ගැබිනි මවුවරුන් ගැන කියාගෙනය. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ බොහෝ තර්ක විතර්ක සහිතවය. ආණ්ඩුවට බලයට එන්නට පෙර සිටම වඳ පෙති, වඳ කොත්තු වැනි විවිධ නාට්‍ය පෙන්වා තිබුණේය. වඳ පෙති නිසා ජාතිය වඳව යන බවත්, වඳ කොත්තු බොහෝ කඩවල විකිණීමට ඇති බවත් ඔවුන් නිතර නිතර තැන් තැන්වල කීවේය. ඒ පිළිබඳ ප්‍රවෘත්ති පළවිය. සමාජ ජාල නිතරම වාර්තා කළේය. එසේ වාර්තා කළේ නිකම්ම නොවේ. පින්තූර සහිතව සමහර කතන්දර අපටද අසන්නට දකින්නට ලැබුණේය. එසේම කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් සම්බන්ධව ඉතා බරපතළ සහ අවර ගණයේ චෝදනාවක් එල්ල කරමින් ඔහු පැලෝපීය නාළ අවහිර කර දරුවන් ලැබීමේ අවස්ථාව මවුවරුන්ට අහිමි කළ බවට තර්කයක් නිර්මාණය කළේය. එම තර්කය සමග ඔහුගේත්, ඔහුගේ පවුලේ අයගේත් සාමාන්‍ය ජීවිතය පවා බරපතළ අර්බුදකාරී තත්ත්වයකට ඇද දැමූ ආණ්ඩුව දරුවන් ගැනත්, ගැබිනි මවුවරුන් ගැනත් අනුකම්පාව ප්‍රකාශ කරමින් බලය ලබාගත්තේය. විශේෂයෙන්ම කුරුණෑගල රෝහලේ මෙම වෛද්‍යවරයා සම්බන්ධව ඡන්ද ප්‍රතිඵල පළවෙන්නාක් සේ රටේ එක්තරා ප්‍රධාන පුවත්පතක් දිනපතා පුවත් පළ කළේ අද වන විට ගැබිනි මවුවරුන් මෙපමණ ප්‍රමාණයක් පොලිසියට පැමිණිලි කර ඇති බව කියමින්ය. නමුත් අවසානයේදී දැන් අහන්නට දකින්නට ලැබෙන්නේ ගැබිනි මවුවරුන්ට හෝ දරුවන්ට අවශ්‍ය කරන බෙහෙතවත් දීගන්නට බැරි අසමත් ආණ්ඩුවක කතන්දරයයි. අසමත් බව කෙසේ වෙතත් අසමත් බව ඉක්මවා යන මේ නොසැලකිලිමත් බව නිසා ඇති විය හැකි බරපතළ තත්ත්වය නිර්මාණය වන්නේ තව මොහොතකින් පැයකින් දෙකකින් නොව, වසර දෙක තුනකින් විය හැකිය. මේ කල් ඉකුත් වූ බෙහෙත් භාවිතයට නුසුදුසු ඖෂධ මෙසේ මවුවරුන්ට ලබාදීමෙන් හානිය සිදුවන්නේ ගැබිනි මවට පමණක් නොව, මෙලොවට බිහිවන්නට ඉන්නා කිරිකැටියාටත්ය. එසේ නම් මේ විනාශ කරන්නේ මවගේ පමණක් නොව, දරුවාගේද අනාගතයයි. දරුවාගේ අනාගතය යනු රටේ අනාගතයයි. දරුවන් වැඩිහිටියන් වී මේ රට යළි ප්‍රතිසංස්කරණය කොට රට, රටක් ලෙස රැකගන්නට ඔවුන් සෞඛ්‍යාරක්ෂිත විය යුතුය. නමුත් මේ දේශපාලකයෝ තමන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා සහ රාජ්‍ය සේවකයෝ තමන්ගේ අතිශය නොසැලකිලිමත්කම නිසා වගේම තමන්ට ලැබෙන කීය හෝ කොමිස් මුදල නිසා බොඳ කරන්නේ රටේ ඊළඟ සිහිනයයි. මේ ඖෂධ මාෆියාවෙන් පීඩාවට පත්වූවන් කවුදැයි සොයා බලන්නට අපි රටේ බලධාරීන්ට මතක් කරමු.

පහුගිය දිනෙක අසන්නට ලැබුණේ උණට සෙම්ප්‍රතිශ්‍යාවට දරුවන්ට ලබාදෙන ඖෂධ නාමයක් සහිත සිරප් වර්ගයක්ද මෙසේ කල් ඉකුත්ව ගොස් ඇති බවත්, එම ඖෂධ ඇතැම් රෝහල්වලට ලබාදෙමින් ඇති බවත්ය. රෝහලේදී අපට ලබාදෙන්නේ දිනයක් කාලයක් වකවානුවක් සඳහන් නොකරන ලද පැකට්ටුවක් හෝ වෙනත් ආවරණයක් රහිත සාමාන්‍ය බෙහෙත් පෙති සහ අප විසින් ලබාදෙන බෝතලයකට ලබාදෙන සිරප් වර්ගයි. ඒවායේ දින වකවානු පිළිබඳ අපට අවබෝධයක් නැත. එසේම බෙහෙත් වර්ගයක රස වෙනස් වීම හෝ සුවඳ වෙනස් වීම නිසා එය කල් ඉකුත්ව ඇති බවක්, භාවිතයට නුසුදුසු බවක් සොයා ගන්නට තරම් අප දැනුවත් නැත. ඒ නිසා බෙහෙත් සහ රටේ අනාගතය සම්බන්ධව බලා කියාගන්නා ලෙස දැන් කියන්නට ඇත්තේ දෙවියන්ට පමණි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨාව භෞතීස්ම කරපු වියත්මගේ සෙට් එක ඔන්න කහපාටින් ආයෙත් එන්න එනවලු! රැවටෙන්න එපා! අපි කලින්ම කිව්වා!

Next Post

ප්‍රසන්නට චැලෙන්ජ් එකක්! පුළුවන් නම් එළියට එන්න! (VIDEO)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.