• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර මොළේ පිස්සු කෙළිද්දී චීන තානාපති බිරිය එක්ක පොලොන්නරුවටම ගිහින් මෛත්‍රීව මුණගැසෙයි! (PHOTOS)

June 10, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජාත්‍යන්තර මොළේ පිස්සු කෙළිද්දී චීන තානාපති බිරිය එක්ක පොලොන්නරුවටම ගිහින් මෛත්‍රීව මුණගැසෙයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද දින (10) පොළොන්නරුව, නවනගරය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසේදී පැවත්විණි.

චීන තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කරන ලදි.

විශේෂයෙන්ම චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා චීන රජය වෙත විශේෂ ස්තුතිය පලකරන ලදි. පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත තම ප්‍රසාදය පලකරන ලදි.

එමෙන්ම තම පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිතුමා චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් ලෙස ඉතා ඕනෑකමින් ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි. එමෙන්ම චීන රටේ විශේෂ පරිත්‍යාගයක් ලෙස ඖෂධ තොගයක් හෙට දිනයේ ලබාදෙන බවත්, ඉදිරියේදී තවත් විශේෂ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද පොරොන්දු විය.

පසුගියදා ඇති වූ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් මැතිතුමා වෙත යොමු කල ලිපිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා ප්‍රසාදය පලකර අතර රටේ සිටින පරිණත නායකයෙකු ලෙස සිදු කරන ලද එම ක්‍රියාව අගය කරන ලදි. එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වශයෙන් මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සක්‍රීය දායකත්ව අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම චීන රජයේ අභිප්‍රාය බව පැවසූ චීන තානාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා හට ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ආර්යාව සහ දූත පිරිසක් සහභාගී විය.

SendShareShare
Previous Post

ප්‍රසන්නගේ කතාවට කතෝලික සභාවෙන් සැර උත්තරයක්! 9 වැනිදා ප්‍රහාරයත් හරියටම පාස්කු ප්‍රහාරය වගේමයි! ගහනවා කියලා කලින් කියලා තිබුණා! වළක්වාගන්නේ නැතිව ගහනකම් බලන් හිටියා! දැන් ප්‍රසන්න වගේ අය එකඑක්කෙනා පිට වරද පටවලා අයෙමත් රට ගිනි තියන්න හදනවා! රැවටෙන්න එපා! (VIDEO)

Next Post

මේ විනාසය පාවිච්චි කරලා හොරා කන්න හදනවා! රට මංකොල්ල කනවා! අපි හිතුවෙ කෙළින් මිනිහෙක් කියලා! ඒත් කංචන ඔයා මහා ‌කැත මිනිහෙක්! (VIDEO)

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.