පවතින ආහාර හිගයට පිළියමක් වශයෙන් ගම් මට්ටමින් ප්‍රජා ගොවිපොළවල් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
මීට අමතරව ගැබිනි මව්වරුන්ට සහ දරුවන්ට ආහාර සැපයීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එසේම රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළක්ද පක්ෂය විසින් සකස් කොට ඇති බව හෙතෙම කීය.
පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස මහතාද දීප ව්‍යාප්ත වගා සංග්‍රාමයක් ආරම්භ කළේ ජනතාවට ආහාර ලබා දීමේ අරමුණින් යුතුවය.










