සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැදවීමකට අනුව පැමිණි බවත්, නමුත් කැදවා ඇත්තේ කවර හේතුවකටදැයි තමන් නොදන්නා බවත් නීතීඥ සේනකා පෙරේරා පවසා සිටියේ ය.
නීතීඥ සේනක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීමට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණයක නිරතව සිටියි.










