පසුගිය සතියේ අම්බලන්තොට ප්‍රදේශයේ පැවැති වගා සංග්‍රාා සමාරම්භක උත්සවයේදී ගොවිජනතාව විසින් දැක්වූ විරෝධයත් සමග ඉදිරි රැස්වීම් සියල්ල අවලංගු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කොට ඇත.
ඉකුත් රැස්වීමේ අමරවීර මහතා සභාවේ සිටියදී ගොවි ජනතාව ගොඩනැගිල්ල ඉදිරිපිට අමාත්‍යවරයා පැමිණෙන තෙක් ගේට්ටු අවහිර කරමින් උද්ඝෝෂණ පවත්වා තිබිණ.
එහිදී අමාත්‍යවරයාගේ නිල රථ පමණක් පැමිණි අතර අමාත්‍යවරයා පසුපස දොරින් පිටව ගොස් තිබූ බව වාර්තා විය.










