• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට විනාශවෙන ආර්ථික තීරණවලට අත උස්සපු තීරකයා කියන කවුද මේ කෝටිපති සමන්ත කුමාරසිංහ…

June 6, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
රට විනාශවෙන ආර්ථික තීරණවලට අත උස්සපු තීරකයා කියන කවුද මේ කෝටිපති සමන්ත කුමාරසිංහ…
Share on WhatsAppShare on Facebook

‘ගරු සභාපතිතුමනි, මම මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත්වුණේ 2020 ජුනි මාසයේ සිටයි. එතැනින් පස්සේ තමයි මේ සිදුවීම් ඇති වුණේ. අපි මුදල් මණ්ඩලයට පත්වෙන විටදීත් රජයේ මතයක් වී තිබුණේ, නිරන්තරයෙන්ම විනිමය අනුපාතය ස්ථාවරව තබාගත යුතුයි යන්නයි. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියනවා වගේම විනිමය අනුපාතය ස්ථාවරව තබා ගත්තාම රජයේ ණය අනුපාතයන් එතරම් අයහපත් ආකාරයට පෙනෙන්නේ නැති බැව් රජය විශ්වාස කළා. එසේම ගෙවන්නට තිබෙන ණය මුදල් වැඩිවීමක් වෙන්නේ නැතිය කියලා මතයේත් රජය සිටියා. නමුත් සෑම අවස්ථාවකදීම මුදල් මණ්ඩලයේ සිටි මමත්, සංජීව ජයවර්ධන මහතාත් වෙනත් මතයක් දරන්න වුණා. අපේ නිලධාරී මණ්ඩලය විසින් හැම අවස්ථාවකදීම අපට කියා සිටියා, එකල මෙලෙස ඩොලරය රුපියල් 203ක ප්‍රමාණයට තබා ගැනීම සඳහා මහ බැංකුවේ සංචිත සියල්ලම දාලා ආරක්‍ෂා කිරීම ඉතාමත්ම අනවශ්‍ය දෙයක්ය කියලා. එම මතය අපි දෙදෙනා විසින් ඉතාමත්ම තරයේම පිළිගත්තා. මේවායෙහි නිල වාර්තා සටහන් අපි තබා තිබෙනවා. එසේම මමත්, සංජීව මහතාත් හැම අවස්ථාවකදීම දැඩි ලෙස විරුද්ධ වුණා මෙසේ ඩොලරය රුපියල් 203 අගය මත තබාගෙන සිටීම ගැන. ඒක අපේ පැහැදිලි ස්ථාවරය වුණා.’

අපගේ ශ්‍රී ලංකාව මහා ආර්ථික සහ මූල්‍යමය අගාධයකට වැටී ඇති ශෝචනීය මොහොතකදී අසන්නට ලැබෙන මෙම සුවිශේෂී කතාව කුමක්ද..?

එසේම මෙලෙස ප්‍රකාශ කරන සුවිශේෂී පුද්ගලයා කවුද..?

අප සමාජයේ විද්වත් කාන්තාවක් වන ඇය ආචාර්ය රාණී ජයමහ මහත්මියයි. ඇය දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ (Monetary Board of the Central Bank of Sri Lanka) සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර, ආචාර්ය රාණී ජයමහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම පෙළේ ප්‍රවීණ ආර්ථික විශේෂඥවරියක් සහ බැංකු පරිපාලිකාවක්ද වෙයි. ඇය කලක් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙසද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනියක් ලෙසද කටයුතු කර ඇති අතර, ඇය දැනට ජනාධිපති මූල්‍යමය උපදේශිකාවක් ලෙසද කටයුතු කරන්නීය. පසුගියදා ඇය මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේ, රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන ‘කෝප් (COPE) කමිටුව නොහොත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (The Committee on Public Enterprises) ඉදිරියේදීය. එහිදී ඇය එම කමිටුවේ වත්මන් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉදිරියේ මේ ප්‍රකාශය සිදුකරන්නීය. ඇය මෙම ආන්දෝලනාත්මක වගතුග තවදුරටත් මෙසේ කියා සිටින්නීය.

‘එවැනි බොහෝ අවස්ථාවලදී අප සාකච්ඡා කරලා, එවකට හිටපු මහ බැංකු අධිපතිතුමාටත්, එවකට හිටපු භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මේ ගැන කරුණු ප්‍රකාශ කර සිටියා. අපි ඔවුන්ට කියා සිටියා මෙම අගය යම් ප්‍රමාණයකින් හෝ වැඩි කරන්න ඉඩ දෙන්න, නැතිනම් මේ රටේ තිබෙන විදේශ මූල්‍ය සංචිත විනාශ වීම සිදුවෙනවා කියලා. නමුත් අවාසනාවකට වගේ මුදල් මණ්ඩලයේදී තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් සභාවක් ඇති හෙයින්, එහිදී අප කියන මතය සම්පූර්ණයෙන්ම අයින් කරලා ඔවුන්ගේ මතයට යන්න පුළුවන්. එහිදී බොහෝ අවස්ථාවලදී මෙම තිදෙනාගේ මතය වූයේ, ඩොලරය රුපියල් 203 ප්‍රමාණයේම රඳවාගත යුතුයි කියන එකයි.’

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය
චරිත හේරත් මහතා –

කවුද මේ හිටපු තුන්දෙනා..?

ආචාර්ය රාණී ජයමහ මහත්මිය –
එතකොට හිටියේ එවකට මහ බැංකු අධිපති මහාචාර්ය ලක්‍ෂ්මන් මහතා, භාණ්ඩාගාරයේ ලේකම්තුමා සහ පත්කළ කමිටු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා යන තිදෙනායි. මේ තිදෙනාගේ මතය තුළින් සෑම විටකම ඩොලරය 203 ප්‍රමාණයෙන් තබාගෙන යෑමට එකඟ වුණා. ඒ හැම අවස්ථාවකදීම නිලධාරීන් අපිට පත්‍රිකා එවමින් කියා සිටියා මෙම 203 අනුපාතයේ තබා ගැනීමේ ආදීනව ගැන. එහෙත් ඒ කිසිදු පියවරක් අපිට අනුමත කර ගැනීමට නොහැකි වුණා.’

මහාචාර්ය චරිත හේරත් මහතා –
ඉදිරියේදී යම් කොමිසමකදී මේ ගැන තිබෙන නිල සටහන් ඉදිරිපත් කළ හැකියි නේද..?

ආචාර්ය රාණී ජයමහ මහත්මිය –
ඔව්. අපට එසේ කළ හැකියි.

මහාචාර්ය චරිත හේරත් මහතා –
මේක හරිම බරපතළ ප්‍රකාශයක්.

කෝප් කමිටුවේදී පසුගියදා සිදුකෙරුණු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් කියැවෙන්නේ දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන මහා අගාධය ගැන නේද..? එසේ නම් මෙම මහා විනාශයට වගකිව යුත්තේ කවුද..? මෙම ප්‍රකාශය නිමවීමත් සමගම කෝප් කමිටුව වෙත වේගවත් ස්වරයෙන් ප්‍රකාශයක් සිදුකරන්නට ගත්තේ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි. ඔහු මෙසේ කියා සිටියේය.

‘ඇත්තටම මේ සමන්ත කුමාරසිංහ කියන පුද්ගලයා කවුද..?

ඔහු කුමන දේශපාලන සම්බන්ධයක් හරහාද මුදල් මණ්ඩලයට ආවේ..?

කෝ දැන් ඔහු..?

වරක් මේ සමන්ත කුමාරසිංහ ‘ලංකාදීප’ පත්තරේට ලිපියක් ලියලා කියනවා, පොලී අනුපාතයයි මුදල් සැපැයුමයි අතර යම්කිසි සම්බන්ධයක් තිබෙනවා කියලා ආර්ථික විiාව හදාරපු අය කියනවා කියලා. ඔහු ඒවා විශ්වාස කරන්නේ නැතිලු. එහෙම පුද්ගලයෙක් නම් මේ තීරණයේ තීරකයා වුණේ, මෙතැන විශාල කඩාවැටීමක් තිබෙනවා. එක පුද්ගලයෙකුගේ තීරක ඡන්දය නිසා නම් මෙහෙම වුණේ නම් එය විශාල ප්‍රශ්නයක්. මේ සමන්ත කුමාරසිංහ ආර්ථික විiාවේ මූලධර්මයන් විශ්වාස කරන්නේ නැති නම්, එසේම ඔහු ආර්ථික විiාව ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් නම්, මෙය බරපතළ මතභේදයකට තුඩුදෙන කරුණක්.’

ආචාර්ය හර්ෂ ද සිල්වා මෙලෙස දැඩි ලෙස සිදුකළ ප්‍රකාශයත් සමග කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, මේ සිදුවීම් පිළිබඳව කමිටුව දැඩි ලෙස විමර්ශනය කරන බවත්, එසේම යමෙකුට දියයුතු යම් දඬුවමක් තිබෙනවා නම් එයද කමිටුව විසින් නිර්දේශ කරන බවත්ය. මෙය සැබෑ ලෙසම මහත් ආන්දෝලනයක් ඇති කරන පුවතක් බවට පසුගියදා පත්වුණේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් 05 දෙනෙකු සිටින අතර, යම් තීරණයක් ගැනීම සඳහා තිදෙනෙකුගේ වැඩි ඡන්දයක් අවශ්‍ය වෙයි. එනම් තිදෙනෙකුගේ එකඟතාවය අවශ්‍ය වෙයි. ඉහත සිදුවී ඇත්තේ එවැනි සිදුවීමකි. මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා සමග කමිටු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා එක්ව තම එකඟතාවය පළකර ඇත. එනම් මුදල් මණ්ඩලයේදී තිදෙනෙකුගෙන් යුත් සභාවක් ඇති හෙයින් එහිදී ඔවුන්ගේ මතය බලගතු වෙයි. කෙසේ හෝ මෙහිදී මුදල් මණ්ඩලයේ තීරක බලය භාවිත කිරීම කමිටු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා විසින් සිදුකර ඇත.

කෙසේ හෝ දැනට මහත් ආන්දෝලනයකට පත්ව සිටින, මෙම මහ බැංකු මුදල් මණ්ඩල හිටපු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා යනු කවරෙක්ද..? ඔහුගේ පැටිකිරිය කුමක්ද..? සමන්ත කුමාරසිංහ යනු ශ්‍රී ලංකාවේ සිටින සුපිරි ප්‍රකෝටිපතියෙකි. මොහු මෙරට තුළ තිබෙන අති සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් වන ‘මල්ටිකෙමි ඉන්ටර්නැෂනල් ගෲප්’ (Multichemi International Group) සමාගමේ තනි අයිතිකරුවාය. එනම් එහි සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වන්නේද ඔහුය. අද ශ්‍රී ලංකාවේත්, විදේශ රටවල් ගණනාවකත් ඉතා ප්‍රකට ‘නේචර් සීක්‍රට්ස්’ (Nature Secrets) නැමැති ස්වාභාවික රූපලාවණ්‍ය නිෂ්පාදනයන් මෙම සමාගමෙහි නිෂ්පාදනය කෙරෙයි. ඔහු සතුව ඇත්තේ මෙම සමාගම පමණක්ම නොවේ. රෙදිපිළි රසායන ද්‍රව්‍ය, පිරිසුදු කිරීමේ නිෂ්පාදන, කාබනික ආහාර, ජීව විiාත්මක පොහොර වර්ග ආදී විවිධ නිෂ්පාදන සිදුකෙරෙන සමාගම් කිහිපයක්ද සමන්ත කුමාරසිංහට අයත්ය. මොහු කොළඹ රාජකීය විiාලයේදී අධ්‍යාපනය හදාරා ඇති අතර, ඔහු පේරාදෙණිය විශ්වවිiාලයේ රසායන විiාව පිළිබඳ උපාධිධාරියෙකි. එසේම ඔහු ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිiාලයට අනුබද්ධිත හාවර්ඩ් ව්‍යාපාර විiාලයේ උපාධියක් හිමිකරගෙන ඇත.

සමන්ත කුමාරසිංහ තම ව්‍යවසායක ගමන ආරම්භ කරන්නේ මෙයට වසර 30කට පමණ පෙරය. එනම් 1993 වසරේදී ඔහු සේවකයන් 12 දෙනෙකුගෙන් යුක්තව තම ව්‍යාපාර කටයුතු අරඹයි. කාලය ගෙවී යත්ම ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව බංග්ලාදේශයේ සහ වියට්නාමයේද ව්‍යාපාර අයත් ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත්වෙයි. ඔහු බොහෝ විට තම ව්‍යාපාර සිදුකරනු ලැබුවේ තමන් සතු රසායනික විiා දැනුම හරහාය. මුල් සමයේදී සමන්ත කුමාරසිංහට කිසිදු දේශපාලනික සබඳතා ඇති වටපිටාවක් නොවීය. එහෙත් ඔහු 2007 වසරේදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනය විසින් පවත්වනු ලැබූ හොඳම ව්‍යවසායක සම්මාන උළෙලේදී, එම වසරට (2007) අදාළ ‘හොඳම ව්‍යවසායකයා’ සම්මානය දිනාගනී. ඉන්පසු දිනයකදී ඔහු ප්‍රථම වතාවට එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී මුණගැසෙයි. එතැන් සිට ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම පවුලේ අනෙකුත් සාමාජිකයන්ද සමීපව ඇසුරු කරන්නට ගනියි. ඒ වටපිටාව යටතේ සමන්ත කුමාරසිංහට කලින්, කලට විවිධ රාජ්‍ය තනතුරු ආදියද හිමිවන්නට ගත්තේය. මෙලෙස ඔහුට පසුගිය සමය තුළදී රාජපක්‍ෂ රජයන් හරහා හිමිවුණු සමහර තනතුරු සහ එම මණ්ඩල මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

n Member – Presidential Task Force for Economic Revival and Poverty Eradication – සාමාජික ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය.

බ President of Lanka Industry Forum for Empowerment – සවිබල ගැන්වීම සඳහා වන ලංකා කර්මාන්ත සංසදයේ සභාපති.

බ Chairman of Cosmetics Sector Advisory Committee at the Ministry of Industries – කර්මාන්ත අමාත්‍යාංශයේ විලවුන් අංශයේ උපදේශක කමිටුවේ සභාපති.

බ Member – Presidential Industrialization Commission – සාමාජික, ජනාධිපති කර්මාන්තකරණය කොමිෂන් සභාව.

බ Board Member of the Insurance Board of Sri Lanka – ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික.

බ Commissioner of the Presidential Taxation Commission – කොමසාරිස්, ජනාධිපති බදු කොමිෂන් සභාව.

සමන්ත කුමාරසිංහ විසින් මෙම බොහෝ සුවිශේෂී රාජ්‍ය තනතුරු දරා සිටින්නේ, පසුගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ 2009 වසරේ සිට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෑත සමය දක්වාය. එනම් රාජපක්‍ෂ පාලන සමයන් දෙකකදී ඔහු විටින්විට මෙම තනතුරු දරා ඇති අතර, දැනට වත්මන් ජනාධිපතිවරයා යටතේද ඔහු තවමත් සමහර තනතුරු දරමින් සිටියි. එනම් මෙවැනි වටපිටාවක් තිබියදී ඔහුට තම ජීවිතයේදී ලැබුණු සුවිශේෂම තනතුර හිමිවෙයි.
ඒ කුමක්ද..?

එය නම් අද අපගේ ප්‍රධාන කතාබහට ලක්වී තිබෙන ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ කමිටු සාමාජික තනතුරයි. මෙම කමිටුවේ සාමාජිකයන් සිටින්නේ 05 දෙනෙකු පමණක් වන අතර, ඉන් දෙදෙනෙක්ම වන්නේ මහබැංකු අධිපතිවරයා සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයාය. ඒ අනුව එනම් ඉතිරි සාමාජිකයන් තිදෙනාම පත්කරනු ලබන්නේ විධායක ජනාධිපතිවරයා විසිනි. ඒ හෙයින් මෙම තනතුරු අතිශය බලගතු වටපිටාවක් යටතේ පවතියි. තවද එම තනතුරු ජනාධිපතිවරයා වෙතින් හිමිවන්නේ එම පුද්ගලයන් වෙත ජනාධිපතිවරයා දක්වන සුවිශේෂ අවධානයද මතය.

එසේ නම් සමන්ත කුමාරසිංහට එම තනතුර හිමිවීම සිදුවූයේ කෙසේද..?

සමන්ත කුමාරසිංහට මෙය වෙනමම හිමිවන තනතුරක්ද නොවේ. එනම් ඔහුට එම තනතුර හිමිවන දිනයේදීම තවත් දෙදෙනෙකුටද එම තනතුරු හිමිවෙයි. ඔවුන් නම් මෙම ලිපියේ අප ඉහතින් කතා කළ ආචාර්ය රාණී ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන දෙදෙනායි. එනම් පසුගිය 2020 වසරේ පෙබරවාරි 26 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙම තිදෙනාට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ කමිටු සාමාජික තනතුරු 03 ලබාදීම සිදුකරණු ලබයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුදල් නීතියේ ‘8(2) සී’ වගන්තිය යටතේ, (Under Section 8(2) C of the Monetary Law Act) ජනාධිපතිවරයා විසින් මෙම සුවිශේෂ තනතුරු පිරිනමනු ලබයි. අද අපගේ මෙම ලිපිය හරහා ඔබ මෙම කමිටු සාමාජිකයන් දෙදෙනෙකු හඳුනා ගත්තද, එහි අනෙක් සාමාජිකයා ගැන ඔබ නිසි කරුණු දන්නේ නැත. ඔහු නම් අද බොහෝ සුබවාදී කතාබහකට ලක්වී සිටින සංජීව ජයවර්ධන මහතාය. මෙතෙක් ඉතිහාසයේ මුදල් මණ්ඩලයට පත්වන ප්‍රථම ජනාධිපති නීතිඥවරයා වන්නේ ඔහුය. ඔහු දැනට මුදල් මණ්ඩලයේ අවදානම් අධීක්‍ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා මහබැංකුවේ ආචාරධර්ම කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මොහු නීති විෂය යටතේ ඇති සිවිල්, ගිවිසුම්ගත, වාණිජ, දේපොළ, බදුකරණය, බැංකුකරණය යන ක්‍ෂේත්‍ර ගැන ප්‍රවීණයකු මෙන්ම විශේෂඥයකුද වෙයි.

දැන් අප නැවැත සමන්ත කුමාරසිංහ මහතාගේ වත්මන් වටපිටාව ගැන සොයා බලමු. කෙසේ හෝ 2020 වසරේදී මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබන ඔහු වසර දෙකක් පුරා එම තනතුරේ කටයුතු කර හදිසියේම 2022 වසරේදී ඉල්ලා අස්වෙයි. කෙසේ හෝ මෙය සිදුවන්නේ වත්මන් නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ තනතුරු බාර ගැනීමට ආසන්න දිනවලදීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ මෙලෙස සමන්ත කුමාරසිංහ විසින් ඉටුකරන ලද භූමිකාව මේ වන විට බොහෝ වැදගත් පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්වී ඇත. එයින් ප්‍රධානතම ස්ථානය වන්නේ රාජ්‍ය කෝප් කමිටුවයි. කෙසේ හෝ පසුගියදා එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම අර්බුදකාරී තත්ත්වයන් ගැන විමර්ශනය සඳහා ඉක්මනින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බැව්ය. දැනට ශ්‍රී ලංකාවට සිදුවී ඇති මහා ආර්ථික සහ මූල්‍යමය විනාශයට වගකිවයුතු පිරිස් වහා හඳුනාගෙන දඬුවම් පවා පැමිණවිය යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය. මෙය සාපරාධී ක්‍රියාවක් ලෙසටද ඔහු හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම තොරතුරු කෝප් කමිටුව හමුවේ අනාවරණ වීමත් සමග සමන්ත කුමාරසිංහ මහතා පිටු 08ක දීර්ඝ ලිපියක් කෝප් කමිටුව වෙත එවමින් මෙම සියලු චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කොට ඇත. ඇතැමුන් තම වගකීම්වලින් මිදීම සඳහා මේ ආකාරයේ පදනම් විරහිත චෝදනා තමන්ට එල්ල කොට ඇති බවද හෙතෙම සිය ලිපිය මගින් දැනුම්දී ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඩීසල් ගහන්න අමාරුයි! අද ඉඳන් ස්කූල් වෑන්වල මිලත් 40%කින් නග්ගයි!

Next Post

ජනපති පොහොට්ටුවේ හදිසි රැස්වීමක් කැඳවයි! සාකච්ජාව උණුසුම් වන ලකුණු! EXCLUSIVE

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.