• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලන මොකුත් නැති 21 සහ ඩීල්වලින් පිරුණු සුජාත පාර්ලිමේන්තුව…

June 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉල්ලන මොකුත් නැති 21 සහ ඩීල්වලින් පිරුණු සුජාත පාර්ලිමේන්තුව…
Share on WhatsAppShare on Facebook

1977 ජේ.ආර්. ජයවර්ධනගේ රජය බලයට පත්වනුයේ 6/5 ක දැවැන්ත පාර්ලිමේන්තු බලයක් සමගය. ඒ බලය යොදාගෙන ඔහු 1972 සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් සම්මත කරගත් 1972 ව්‍යවස්ථාව නැතහොත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කටුගා දමා නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේය. ඒ 1978 ව්‍යවස්ථාව නොහොත් දෙවැනි ජනරජ ව්‍යවස්ථාවයි. අද රට කරවනු ලබනුයේ එකී 78 ව්‍යවස්ථාවට අනුවය. මේ 78 ව්‍යවස්ථාව මීට පෙර 20 වතාවක් සංශෝධනය වී ඇත්තේය. ඉන් වඩාත් ආන්දෝලනාත්මක සංශෝධන කිහිපයක් වෙයි. ඉන් පළමුවැන්න 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ශ්‍රී ලංකාවට බලය බෙදීමේ පළාත් සභා හඳුන්වා දෙනුයේ එකී සංශෝධනය අනුවය. ඊළඟට රටම කතාකළ සංශෝධනය වනුයේ 18 වැනි සංශෝධනයයි. එකී සංශෝධනය ගෙන එන්නේ අන් කිසිවකට නොව එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මරණය තුරා බලයේ සිටිනු හැකිවනු පිණිසය. එතුවක් පැවැති නීතියට අනුව ජනාධිපති ධුරයට ඉදිරිපත් විය හැකි අවස්ථා ගණන දෙකකට සීමාවී තිබුණු නමුත් 18 වැනි සංශෝධනයෙන් එකී බාධාව ඉවත් කරනා ලදී.

අනෙක් වැදගත් සංශෝධනය 19 වැනි සංශෝධනයය. එමගින් යළි ජනාධිපති ධුරයට ඉදිරිපත්වීමේ අවස්ථාව වාර දෙකකට සීමා කරන ලද අතර, ස්වාධීන කොමිෂන් සභා ආදිය ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීමත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අහිමි කිරීමටත් කටයුතු කරන ලදී. ඉන් අනතුරුව කරළියට එන්නේ 20 වැනි සංශෝධනයය. අන් ව්‍යවස්ථා සංශෝධන මෙන් නොව 20 ගෙන එන්නේ ජනාධිපති බලතල වැඩි කර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමෙන්තුවට එන්නට පාර කපන්නටය. එහෙත් මේ ද්විත්ව පුරවැසි සහනය ඍජුවම බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන ආවකි. ඒ බව වසරකට පමණ පසු ලංකාවටම තේරුම් ගියේය. ඒ ඇමෙරිකානු ශ්‍රී ලංකා පුරවසියකු වන බැසිල් රාජපක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමෙනි. දැන් මේ සියලු සංශෝධන අතීතයට එක්ව ඇත්තේය. ඒවායේ හොඳ නරක ප්‍රතිඵල පමණක් අප භුක්තිවිඳිමින් සිටින්නෙමු. දැන් රටේම අවධානය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනය.

ගාලුමුවදොර අරගලකරුවෝද, රටේ පොදුමහත් ජනතාවද එක හඬින් 21 වැනි සංශෝධනය ඉල්ලා සිටිනුයේ 78 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවෙන් කොල්ල කා එක පුද්ගලයෙක් අතට ගොනුකළ, බලය ආපසු පාර්ලිමේන්තුවට ලබාගන්නටය. නැතහොත් නියෝජිත ප්්‍රජාතන්ත්‍රවාදයේ පරමාර්ථයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටය. විධායකය විසින් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අවභාවිත කිරීම වැළකීමටය. වර්ෂ 2015දී 19 වැනි සංශෝධනය ගෙනැවිත් රට තුළ ක්‍රියාත්මක කළ ස්වාධීන අධිකරණ, රාජ්‍ය සේවා සහ ප්‍රසම්පාදන වැනි කමිටු යළි සක්‍රීය කොට දේශපාලන බලපෑමෙන් සමස්ත රාජ්‍ය සේවාව ආරක්ෂ කරගන්නටය. එමෙන්ම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තවත් ප්‍රධාන අරමුණක් වෙයි. ඒ දැනට බරපතළ ලෙස දූෂණය වෙමින් පවතින ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිරිසිදු කර ගැනීමය.

ජාතික ලයිස්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රමයට හඳුන්වා දුන්නේ 1978 ව්‍යවස්ථාවෙනි. එය 1971 දක්වා ලංකා පාර්ලිමේන්තුවේ පැවැති උත්තර මන්ත්‍රණ සභාවට නැතහොත් සෙනට් සභාවට බොහෝ සේ සමාන විය. (සෙනෙට් සභාව යනු සෝල්බරි කොමිෂන් සභාව විසින් 1947 දී පිහිටුවන ලද පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයයි. 1947 නොවැම්බර් 12 වැනි දින ප්‍රථම වරට රැස්වූ ලංකාවේ සෙනට් සභාව 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාවේ නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර 1971 ඔක්තෝබර් 02 දින අහෝසි කර දැමීමට සිරිමා බණ්ඩාරනායක රජය කටයුතු කරනු ලැබීය. ඒ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවැනි සංශෝධනය මගිනි.) සෙනට් මන්්‍රත්‍රී ධුරයට බොහෝ සේ සමානවූ ජාතික ලයිස්තුවේ අරමුණු වූයේ තරගකාරී පාර්ලිමේන්තු මැතිවරණයකින් ජයගැනීමට අසීරු එහෙත් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු විද්වතුන්, ප්‍රාමාණිකයන්ට පාර්ලිමේන්තු දොර විවර කිරීමය. මේ ආකාරයෙන් බලන කල 78 ව්‍යවස්ථාවේ ඇති සාධනීය ලක්ෂණයක් ලෙස ජාතික ලයිස්තුව දැක්වීමේ වරදක් නැත. එහෙත් වත්මන් දේශපාලන ධාරාව තුළ ජාතික ලයිස්තුව දරුණු ලෙස අපයෝජනය වෙමින් පවතින්නේය.

ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සහිතව පත්වූ මෙරට මුල්ම පාර්ලිමේන්තුව 1989 මැතිවරණයෙන් තේරී පත්විය.

එහෙත් ජාතික ලයිස්තුව බලාපොරොත්තු වූ පරිදි උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් පිරීගියේ නැත. එහි උගතුන් සඳහා වෙන්වූයේ ඉතා සීමිත ඉඩකි. මේ තත්ත්වය මැතිවරණයෙන් මැතිවරණයට උග්‍ර විය. විවිධාකාර හේතු නිසා පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකිවූ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට එන්නට ජාතික ලයිස්තුව හොර පාරක් කරගත්තේය. ඊට අමතරව මැතිවරණයට තරග කොට පරාජයට පත් පුද්ගලයන්ට කෙළින්ම පාර්ලිමේන්තුවට ගොඩ බැසීමට පැරෂුට් එකක් ලෙසද ජාතික ලයිස්තුව යොදාගැනීමට තරම් ලංකාවේ දේශපාලනය නිර්ලජ්ජිත විය. මෙහි අප්‍රසන්නතම උදහරණය 2015 වසරේ දැක ගතහැකි වූ අතර එවර මැතිවරණය තරගකොට පරාජයට පත් තිලංග සුමතිපාල සහ එස්.බී. දිසානායක යන දෙදෙනා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එන්නට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරන ලදී. මෙම පත් කිරීම ජනතා පරමාධිපත්‍යයට කොකා පෙන්වීමක් ලෙස හඳුන්වාදිය හැකිය. ජනතාව ප්‍රතික්ෂේප කළද තමන්ට අවශ්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් කටයුතු කරන බව පාලකයන් ජනතාවට ඔප්පු කර පෙන්වන්නට ජාතික ලයිස්තුව යොදාගත්තේ එසේය.

ජාතික ලයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීවරු ඉවත් කිරීම සම්බන්ධ ක්‍රමවේදයක් තිබිය යුතුය. සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම අපට වැළකිය නොහැක. පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ තම ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට රිංගවූ බැසිල් රාජපක්ෂ ලංකාවේ ආර්ථිකය බිත්තියටම හේත්තු කළේය. කැටගොඩගේ ආකාරයේ ඉල්ලා අස්වීම මෙන්ම බැසිල්ගේ ආකාරයේ පත්වීම්ද පවතින නීතියෙන් තහනම් කළ නොහැක. තම පක්ෂයට ලබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට දිනේෂ් ගුණවර්ධන පත්කළේ තම පුත්‍රයා වූ යදාමිණි ගුණවර්ධනය. එවැනි දේ නතර කළ හැක්කේ එවැනි පාදඩ ක්‍රියා කරන දේශපාලනඥයන් එළිපිට ප්‍රතික්ෂේප කරනා තැනට ජනතාව පත්වීමෙනි. දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට පුරවැසි වගකීම්ද යොදාගත හැකි බව අප අමතක නොකළ යුතුය. ව්‍යවස්ථා සංශෝධනයන් සිදුකළ පමණින් සියල්ල හරියන්නේ නැත.

මේ මාතෘකාවට අදාළව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පිළිබඳ වෙනමම කතා කළ යුතුය. 2015 මහ මැතිවරණයට තරග කොට පරාජයට පත් රෝසි සේනානායක ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නැයි බොහෝ පාර්ශ්ව ඉල්ලා සිටියද රනිල් ඊට එකඟ නොවීය. ඔහු පවසා සිටියේ පරාජිත පුද්ගලයන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බවයි. සැබැවින්ම මේ ප්‍රකශය අගේ කළ යුත්තකි. එහෙත් 2019 මැතිවරණයෙන් පරාජයට පත් රනිල් තම පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා පමණක් නොව අවසන අගමැති ලෙසද පත්විය. එහිදී ඔහු තමා ප්‍රතික්ෂේප කළ ජනතාවට පමණක් නොව සමස්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායටම ඔච්චම් කළේ යැයි පැවසිය හැක. මන්දයත් පවතින ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව අගමැති ධුරය හිමිවිය යුත්තේ බහුතර පිරිසකගේ කැමැත්ත හිමි පුද්ගලයාටය. එහෙත් වත්මන් පර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ යනු භේරුණ්ඩ පක්ෂියෙකි. ඔහුට පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔහු පමණි. එහෙත් අද ඔහු අගමැතිය. මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට නොයවන්නට තීරණය කළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට දැන් සිතෙන්නේ මොනවාදැයි දන්නේ දෙවියන් පමණි.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලන බහුතරයකගේ අපේක්ෂාව පරිපාලන බලය පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවය. සැබවින්ම මේ වූකලී ප්‍රශස්ත අදහසකි. එහෙත් කඩිමුඩියේ ව්‍යවස්ථාව සංශෝධනය කර විධායකය භුක්තිවිඳින බලතල සියල්ල පැවරීමට තරම් මේ පාර්ලිමේන්තුව සුජාත එකක් දැයි අප සිතා බැලිය යුතුය. වත්මන් ආණ්ඩු පක්ෂයේ සංයුතිය එහෙම පිටින්ම ඩීල් දේශපාලනයේ කූටප්‍රාප්තියක් ලෙස හඳුන්වන්නට මහ ලොකු දේශපාලන කියවීමක් අවශ්‍ය නොවේ. එවන් පාර්ලිමේන්තුවකට බලය පැවරීමෙන් අපේක්ෂා කරනුයේ කුමනාකාරයේ වෙනසක්දැයි ලාංකිකයන් බරපතළ ලෙස සිතා බැලිය යුතු නොවන්නේද.

රටක ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම අතිශය සද්භාවයෙන් කළ යුතු එකකි. එහෙත් හොඳම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ පවා පුද්ගලික න්‍යායපත්‍ර නොතිබුණාම නොවේ. ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීමේ අවස්ථාව අහිමි කර එය එවක සිටි ජනාධිපති මෛත්‍රිපාල, සිරිසේනට පරිසර අමාත්‍ය ධුරය දරන්නට බාධාවක් නොවන වගන්තියක් ඇතුළු කිරීම ඊට එක උදහරණයකි. මෙවර 21 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමේ තහනම ඉවත්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය ගෝඨාභය රාජපක්ෂටම දැරීමට ඇති වුවමනාව නිසා බව පැහැදිලි වෙයි. අදටත් ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරට දරනුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. බැරැක්ක චින්තනය ඉහවහා ගිය ගෝඨාභය වැනි පුද්ගලයෙක් මුල් පුටුවේ තබාගෙන 21 ගෙන ඒමෙන් ලබන්නට හැකි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මොනවාදැයි කවුරු කවුරුත් තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු නොවන්නේද?

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉටුවිය යුතු වැදගත් කරුණක් ලෙස මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුවට වැට බැඳීම දැක්විය හැක. එක් පක්ෂයකින් මන්ත්‍රී ධුරයක් ලබා පටු වාසි තකා තවත් පක්ෂයකට එක්වී තනතුරු වරදාන ලබා ‘අහවලාගේ දෑත් ශක්තිමත් කිරීමට පැමිණි’ බවට ප්‍රකාශ කරනා ලැජ්ජා නැති දේශපාලනයට තිත තැබීම 21 වැනි සංශෝධනයෙන් සිදුවිය යුතුම ක්‍රියාවකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මෙවැනි ප්‍රතිපාදනයක් ඇතුළත්ව තිබුණමුත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ යෝජනාවකින් එම ප්‍රතිපාදනය ඉවත් විය.

21න් විය යුතු තවත් වැදගත් කාරණයක් ලෙස ජනාධිපති සමාව ඉවත් කිරීම දැක්විය හැක . අධිකරණයක් සාක්ෂි සටහන් විශේෂඥ සාක්ෂි තාක්ෂණික කරුණු ආදිය විමසා බලා ලබාදෙන තීන්දුවකින් වරදකරුවෙක් වන පුද්ගලයෙක් ජනාධිපතිවරයා තනි පෑන් පහරින් නිදහස් කිරීම අධිකරණ පද්ධතියට කරන අපහාසයකි. ගෝනවල සුනිල්ගේ සිට දුමින්ද සිල්වා දක්වා ජනාධිපති සමාව ලද මැරයන්ගේ කැරැට්ටුව විමසා බැලීමේදී ජනාධිපති සමාව යනු ශීලාචාර සමාජයකට අපහාසයකි. විනිශ්චය ආසනය ළඟට ගොස් විනිසුරුට අභියෝග කළ ගලගොඩඅත්තේ ඤාණසාර වැනි චීවරධාරී තක්කඩියන්ට ජනාධිපති සමාව ලබාදීම අධිකරණයට ටොකු ඇනීමක් නොවන්නේද? එවන් අනීතික සමාවන් ලබාදීමට ඉඩ ලැබෙන ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තිබියදී ස්වාධීන අධිකරණ කොමිසමක් පත්කළ පමණින් අධිකරණයට ස්වාධීනත්වය ලැබේ යැයි සිතීම මොන්ටිසෝරි දරුවන්ගේ සිහිනයකට වඩා බොළඳය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මිනිස්සු මරා දමන මහා පරිමාණ බෙහෙත් මාෆියාවක් ගැන පුබුදු දැවැන්ත හෙළිදරව් කිරීමක් කරයි! රාජපක්ෂවරුත් කොනක සිටින බවට අනාවරණයක්! (VIDEO)

Next Post

අහිංසක මිනිස්සුන්ගෙ බෙහෙත්වලින් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා! LOLC සමාගමේ හිමිකරු ඉෂාර නානායක්කාරගෙන් කොමිස් ඉල්ලපු UNP එකේ ලොකුම හොර ඩීල්කාරයා කව්ද? (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.