• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කර්මය නම් චක්‍රයකි! එදා නුඹලාට ආ දේ අද අප වෙත ඇවිත් ඇත…! දැන් ඇති…! සංහිඳියාවේ පාලම තනන්න කාලය ඇවිත්…!

May 29, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
කර්මය නම් චක්‍රයකි! එදා නුඹලාට ආ දේ අද අප වෙත ඇවිත් ඇත…! දැන් ඇති…! සංහිඳියාවේ පාලම තනන්න කාලය ඇවිත්…!
Share on WhatsAppShare on Facebook

බටහිර අහසේ හිරු ගිලීමට සූදානම්ව තිබිණි. මුළු අහස් කුසම වර්ණවත් පළසක් මෙන් රතු, කහ, තැඹිලි මිශ්‍ර වර්ණයන්ගෙන් රටා මවා තිබුණත් ඒ අහස් කුසේ වූයේ මහා විනාශයක පෙරනිමිති කියන අමුතු මූසල ස්වභාවයකි. තවද ගව් ගානකට ඇසෙන්නට අඳෝනා කියමින් නිසොල්මන් වූ වන ලැහැබේ තුරුපත් අතරට වී උලමෙක් විලාප තබන්නේය.

මේ මහ කැලේ දිය සොයා ගාටන වල් ඌරෙක්, මීමින්නෙක් හෝ ගෝනෙක් ඇරෙන්න යමෙක් එහා මෙහා නළියන සේයාවක් නම් නැත. අඳුර ගිලගත් ඒ ඉසව්වේ කණාමැදිරියකුගේ හෝ රෑබදුල්ලකුගේ එළියක් ඇරෙන්නට හුළු අත්තක් දල්වාගෙන කුඹුරු ඉඩමක් හෝ හේනක් බැලීමට බඩගෑ අයෙක් නම් තවද නැත. දවාලයක දර මිටියක් කඩාගෙන ඒමට හෝ දිගෙලි කළ ගව පට්ටි එළු රංචු ගමට දක්කාගෙන ඒමට කැලේට රිංගූ පිරිමි පරාණයක් හැර ගෑනුන් හෝ පොඩි එවුන් ඔය කැලෑව දිහාවට වැටුණු පොඩි අඩි පාරක ගෑටුවේ නැත. මන්ද එය ඔවුන්ගේ බිම වූ නිසාවෙනි.

ටවුමට ගිය එකෙක් ගොම්ම්න් ඇඳිරි වැටීමට මත්තෙන් සයිකලයට උපරිම ජවය යොදා ගමට ළඟාවූයේත් අත්ට්‍රැක්ටරය පැදවූයේ පණට ඇති ආසාව නිසාවෙන් හා දරුමල්ලන් තනිපන්ගලමේ ලැගීම නුහුරුට හුරු වූවා නිසාවෙන්ය.

ගොම්මන් කළුවර දැන් නම් මුළු ගම්මානයම ගිලගෙනය. තැන තැන වූ ගෙවල්වල එදා මෙන් අද ගුවන්විදුලි ‍යන්ත්‍රයේ හෝ රූප පෙට්ටියේ සද්දයක් නම් නැත. දැල්වූයේද භූමිතෙල් ලාම්පු‍ය. ගම්වලට ඇද තිබූ විදුලි රැහැන්වල අයිතිකාරයෝ වූයේද රෑ තිස්සේ නිශාචරව හැසිරෙන වවුලන්ය. දැල්වූ භූමිතෙල් ලාම්පු පිළිකන්නට වන්නට වූ කුස්සිය දිහාවෙන් තබා තිබුණේ එදා මෙන් අදත්, අද මෙන් හෙටත් පොඩි උන්ගේ පණ කෙන්ද ගැටගසා ගැනීමට තිබූ එකම මඟ ළිපේ ඉදුණු බතක්, පිට්ටුවක්, එක් ව්‍යාංජනයක් හෝ අල බතල ගෙඩියක්ය. පෙරදා මෙන් හවස් භාගයේ කෙල්ලන් කොල්ලන්ගේ උසුළු විසුළු හෝ කෙළිසෙල්ලම්ද අද නැත. ඒ වෙනුවට ගෙයක් ගෙයක් ගානේ ඇසෙන්නේ එක හුස්මට තේවාරම් කියමින් ජපකරන මහලු වැඩිහිටියන්ගේ හඬය. කෝවිලේ පවා යාතිකා හඬ හෝ තේවා නාදයන් වෙනදා මෙන් නොඇසේ.

මේ අනූව දශකයේ මුල් භාගයේය. බොහෝ දෙනා ගම්බිම් අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. නිවෙස් බොහෝමයක් හිස් විය. විටෙක ඔවුහු ගවගාල්වල වූ ගවයන්ගේ ලණු බුරුල් කර ඔවුනට රිසිසේ යෑමට ඉඩ සැලැස්වූහ. කුකුළු කොටුවල වූ කුකුළන්ටද, එළුවන්ටද අත්වූයේ ඒ ඉරණම පමණක්ය. මන්ද ගේදොර ඉඩකඩම් අතහැර යන ගමනේ ඔවුන්ට රැගෙන යාමට පහසු වුණේ වස්ත්‍ර කීපයක්, උපත් ලියවිලි, ඉඩකඩම්වලට අදාළ ලිපි ලේඛන, යමක් පිසගැනීමට භාජනයක් දෙකක් හා හාල්, ලු‍ණු පිරවූ මල්ලක් පමණක්‍ය. ඒ නිසා තනිවූ ගව රංචු මෙන්ම එළු රංචුද පාරේ තැන තැන ඔබමොබ හැසිරෙන අන්දම දක්නට ලැබිණි. අපූරුවට වගාකර තිබූ බණ්ඩක්කා, බටු මෙන්ම මිරිස් වගාවන්ද කිසි සාත්තු සප්පායමක් නැති නිසාවෙන් වල්වැදී කනාටු වී ගොසින්‍ය. නිල්ලට වැඩුණු ගොයමද ගවයන්ගේ හා එළුවන්ගේ ලැගුම්හලවී අවසන්ය.

ඔය අතරින් ගෙවල් මුරකළ බල්ලන් හාම්පුත්තු ගමන් කළ ට්‍රැක්ටරයක හෝ ලොරියක නැඟී ඔවුන් සමගම ගමන් කළහ. අවාසනාවන්ත ලෙස මඟහැරුණු බල්ලන් එකෙක් දෙන්නෙක් හාම්පුතුන් එන මං බලා මහ රෑ එළිවෙනකම් ශෝකයෙන් තැවෙමින් උඩු බුරන්නට විය. ඒ අසූව අනූව දශකයේ දිනයක් වූවා විය හැකිය. එක් අන්තයක මරණයේ දුර්ගන්ධයය. තවත් පසෙක හුදෙකලාවේ සියලු‍ දුක්ඛ දෝමනස්සයන් දරාගෙන සිටි නිහඬ ආමන්ත්‍රණයක විනාශයේ පෙරනිමිත්තකි.

හමා ආ සුළඟින් කැලැන්ඩරයේ පිටු පෙරළී ගියේ මතකය අසූව දශකයේ මුල් භාගයට රැගෙන යමින්‍ය. එදා 1981 මැයි 31 වැනිදාය. එදා මධ්‍යම රාත්‍රිය වන විට සිවිල් යුද්ධයේ මුල් සලකුණ සහ දෙමළ සාහිත්‍යයේ සහ උරුමයේ තෝතැන්නක් වූ උතුරු පෙනිසියුලාවේ සංස්කෘතික කේන්ද්‍රස්ථානය දැවී අළු වී යාම ආරම්භ වූයේය. මෙය හුදෙක්ම නූගත්, නිර්නාමික, සුපරීක්ෂාකාරී නොවූ මැර කණ්ඩායමයක් විසින් සිදුකරන ලද දෙමළ ජනයා විසින් ජන සංහාරයක් ලෙස නම් කරන ලද මහා විනාශයක පෙරනිමිත්තක් විය.

චෙල්ලප්පා වෘත්තියෙන් යාපනයේ දිස්ත්‍රික් උසාවියේ ලේකම් විය. පොතපත පරිශීලනයට පෙරැත්ත වූ චෙල්ලප්පා 1933දී තම නිවෙසේ කුඩා පුස්තකාලයක් ආරම්භ කළේය. එහි වූයේ ඔහු පරිශීලනය කළ පොත්, පුවත්පත් සහ සඟරා ආදියය. මේ පොත්ගුල කාලයත් සමග වර්ධනය වූ අතර අවසානයේ ප්‍රධාන වීදියේ ගොඩනැගිල්ලකට ගෙන ගොස් ග්‍රාහකයන් සඳහා විවෘත කිරීමට හැකියාවද ලැබිණි. මේ සඳහා යාපනය ප්‍රජාවේ ප්‍රමුඛ පිරිසක් ස්ථිර හා නවීන ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කිරීමට පටන් ගත්හ. ඒ මොහොතේ සිට, දැනුමේ ක්ෂේම භූමිය ගොඩනඟා ගැනීමට සහ දෙමළ ජනයාගේ මතකයන් එකතු කිරීමට විශාල පිරිසක් එක්රැස් වූහ. අවසානයේ මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පියකු වූ වී.එම්. නරසිම්හාන්ගේ මූලිකත්වයෙන් 1954 වසරේ මාර්තු 29 වැනිදා මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඉදිකිරීම් අවසන් වූ පුස්තකාල ගොඩනැගිල්ල 1959 ඔක්තෝබර් 11 වැනිදා එවකට යාපනය නගරාධිපති වූ ඇල්ප්‍රඩ් දොරෙඅප්පා විසින් විවෘත කළේය.

පුරාණ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ආභාසය ලැබූ සිත් ඇදගන්නාසුළු ගොඩනැගිල්ලක් තුළ තැන්පත් කර තිබූ අද්විතීය හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි දෙමළ තල් කොළ (ඕල), අත්පිටපත්, පාච්මන්ට්, පොත්, සඟරා සහ පුවත්පත් 95,000කට අධික ප්‍රමාණයක් ගිනි ජාල අතරින් දැවී අළුවී ගියේය.

1736දී දෙමළ කවියෙකු වූ මයිල්වාගන පුලවර් විසින් රචිත යාපනයේ ඉතිහාසයක් වන යාල්පානම් වෛපමාලෙහො දැනට පවතින එකම පිටපත වැනි අගනා වටිනාකමකින් යුත් ලේඛන පුස්තකාලයේ විය. මෙම පුස්තකාලය හින්දු රාමායණ වීර කාව්‍යයේ කුඩා සංස්කරණ, ඉතා පෞරාණික දෙමළ භාෂාවේ ග්‍රන්ථ එකතූන් අග්නි ජාලා මධ්‍යයේ කහ පැහැ ගන්වන ලදී. පුවත්පත්, වැදගත් ලේඛනවල මයික්‍රෝ ෆිල්ම් සහ දිවයිනේ යටත් විජිත පාලන සමයේදී ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෝනිං ස්ටාර් සඟරාවේ වාර්තා ආදිය පමණක් නොව, එහි දෙමළ පොත් 100,000කට ආසන්න ප්‍රමාණයක් සහ දුර්ලභ, පැරණි අත්පිටපත් සහ ලේඛනද බොහෝමයක් විය. සමහර වටිනා ලියකියවිලි වියළි තල් කොළ මත ලියා සුවඳ හඳුන් පෙට්ටිවල ගබඩා කළ ඒවා විය. පුස්තකාලයේ වූ ලේඛනවලින් සමහරක් ශාකසාර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඓතිහාසික ලියවිලි සහ ප්‍රමුඛ බුද්ධිමතුන්, ලේඛකයන් සහ නාට්‍යකරුවන්ගේ අත්පිටපත්ද ඇතුළත් විය. යාපනයේ ජනතාවගේ ඉගෙනීමට හා සංස්කෘතියට ඇති ආශාව හා සමාන වූ මෙම කේන්ද්‍රස්ථානයට එල්ල වූයේ අපරාධකාරී ම්ලේච්ඡ ප්‍රහාරයක්ය.

ඩේවිඩ් පියතුමා ඔහුගේ ආදරණීය ආයතනය පුලුස්සා දින කිහිපයකට පසු කම්පනයෙන් මියගියේය. එදා පුස්තකාලයාධිපතිනිය වූ රූබා නඩරාජා මහත්මිය හඬාවැටුණාය. ඩේවිඩ් පියතුමන්ගේ වියෝව සංකේතවත් කරමින් අදටත් පුස්තකාල මළුවෙහි ඉදිකර ඇති ඔහුගේ ප්‍රතිමාව වෘක්ෂලතාදියෙන් වටවී ඇති අතර එදා ජීවත්ව සිටි දෙමළ ජාතියේ සෑම සාමාජිකයකුටම සහ ඉන් පසුව උපන් සෑම පරම්පරාවකටම මේ අත්විඳින ලද පාඩුව ආපසු හැරවිය නොහැකි මතකයන් හා ඔවුන්ගේ පූර්වගාමීන්ගේ ජීවිත සහ මරණ, ඔවුන් නිර්මාණය කරන ලද සුන්දරත්වය මෙන්ම ඔවුන් සිදුකර ඇති විනාශය පිළිබඳ ශේෂයන් බොහෝමයක් එක්කාසු කළේය. මෙසේ තවත් එක් මැයි මාසයක අසුබ පරිච්ඡේදයක් අවසන් විය.

පොංගල් දිනට වැයෙන බෙර පදයට තාල තියනා නැට්ටුවකු සේ මිනිස් ආත්මයන්හි නපුරු සේයාවන් කලඑළිබසින්නට විය. රත් වූ රුහිරු සහිත මස් වැදැල්ලට ඇදෙනා කෑදර වෘක්කයන් සේ ප්‍රාණයන්හි වටිනාකම නොතකා කොයි කවුරුත් සංග්‍රාමයට ආරෝපණය වූහ. මහා ඝන කැලෑවේ ඔබ මොබ හැසිරෙන වල් ඌරෙක්ට බඳින කාල තුවක්කු වෙනුවට පණ නසාලීමට වෙඩි වරුසා ඇද හැලු‍ණේය. ගුවන සිසාරා දුම්‍ වළලු‍ විහිදුවමින් ජෙට් යානා ගමන් කළේය. අතට ගත් රෙදිකඩ මළු දෙකක් හා ඉඩකඩම්වල ලියකියවිලි පමණක් අතට ගත් වැසියෝ දශක තුනක් ආපස්සට ගමන් කළේය. දහස් ගණනක් මවුවරුන්ගේ දුවාදරුවන් අහිමි කළේය. බොහෝ බිරින්දෑවරුන් වැන්දඹුවන් විය. දරුවෝ බොහොමයක් මවුපියෝ අහිමිවීමෙන් අනාථ වූහ. නමුත් අළු මතින් පැන නඟින ශක්ති ධාරාවන්ගෙන් තව තවත් ශක්තිමත් වූ උතුරු පෙනිසියුලාවේ සංස්කෘතික කේන්ද්‍රස්ථානය වන යාපනය පුස්තකාලය අදටත් යාපනය නගරයට නුදුරු පන්නායි දෙසට දිවෙන මහත්මා ගාන්ධි මාවතේ යාපනය මධ්‍ය විද්‍යාලයට මුහුණලා ධවල වර්ණයෙන් නිසොල්මනේ බලා සිටින්නේ ලේ හැලුණු බිමක නැවත නැවතත් මේ හා සමාන වූ විනාශයන් නොවීමට වග බලා ගන්නා ලෙස අපූරු පණිවුඩයක් අප සමීපයේ තබමින්ය. බලලෝභී දේශපාලනය හමුවේ වර්ගවාදී චින්තනයන් වපුරන යුගයක මහා දැනුම් සම්භාරයකට ගිනි තබන්නා ත්‍රස්තවාදියා වන නමුත් මාතෘ භූමියේ නාමයෙන් තම රුහිරු මහ පොළොවට මුසුකළ දහස් ගණනක අම්මාවරුන්ගේ දරුවෝ විරුවන්‍ය. දකුණේ අම්මාවරුන්ගේ දරුවෝද මේ භූමියේ සාමය උදෙසා දිවිපිදුවෝය. උතුරේ අම්මාවරුන්ගේ දරුවෝද මේ මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදුවෝය. තවමත් ශේෂ වූ මතකයන් බුර බුරා නැඟෙන අග්නි ජාලාවෝ ලෙස විටෙක හද සසලවයි. කුපිත කරවයි. මේ වණවූ තුවාල සුවපත් කරනු හැකි වනුයේ තර්ක න්‍යාය ආදිය දිනෙක අවබෝධ කරගත් පසුවය. අදටත් නිසොල්මනේ බලා සිටින ෂෙල් වෙඩි හා මිසයිලවලට හසුවූ හිස් සිඳලූ තල් ගස් දලුලා වැඩිය යුතුය. නුපුරුදු ගසක් යට නුපුරුදු ග්‍රහලෝකාවාසීන් ලෙස විසූ අයගේ ඒ උදුරාගත් නිවහන් යළි ඔවුනට ඇවැසි විය යුතුය. දශක තුනක් පුරා නටබුන් වූ නගර යළි පණගැන්විය යුතුය. අතුරුදන්වූවන් වූ දරුමල්ලන් නෑසියන් යළි පැමිණෙන තුරා තල් වැටෙන් එහා සීමාව බලාසිටින අම්මාවරුන්ගේ දරුවන් අහිමි මවුවරුන්ගේ නෙත්වල කඳුළු පිසලිය යුතුය. මේ, උතුරේත් දකුණේත් සහෝදරත්වයේ සංහිඳියාවේ පාලම් තනන්නට කාලයයි.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

අගමැති ජාතිය අමතන්න කලින් විපක්ෂනායක ජාතියට කතා කරයි! අලුත්ම මාළිගා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! අපි අහුවෙන්නේ නෑ! ජනතාව අහුවෙන්නත් එපා! (VIDEO)

Next Post

වෛද්‍ය සිසුන්ටත් පොලිසියෙන් කඳුළු ගෑස්-අධි පීඩන ජල ප්‍රහාර!

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.