• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

May 28, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Share on WhatsAppShare on Facebook

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවලට වරදකාරිය වී වසර 2ක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී වීරවංශ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇයගේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා. ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා විසින්.

සිය නිල මැදිරිය තුළ දීර්ඝ ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් විත්තිකාරිය සිය සන්තකයේ තබාගෙන සිටි බවට නඩු විභාගයේ දී කරුණු තහවුරු වූ බවයි.

විත්තිකාරියට මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා ආගමන හා විගමන පාලකවරයාගේ සහාය ලැබී ඇති බව ද නඩු විභාගයේ දී කරුණු අනාවරණය වූ බව මහේස්ත්‍රාත්වරයා එහිදී පවසා තිබෙනවා. 

විත්තිකාරියට දඬුවම් ප්‍රකාශ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ දේශපාලඥයෙකුගේ බිරිඳක් වශයෙන් විත්තිකාරිය සිය නිල බලය සහ තනතුරු බලය භාවිතා කරමින් සිදු කර තිබෙන මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි.

විත්තිකාරිය මෙම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ එක් දින සේවය යටතේ. එහෙත් එය ලබා ගැනීම සඳහා ඇය අදාල කවුලුව හමුවට පවා ඉදිරිපත් වී නොමැති බවත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහාය ඇතිව ඇය එය කෙටි මාර්ගයකින් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙහිදී චෝදනා කෙරුණා. එබැවින් සමාජයට ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබාදෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙහිදී අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම විත්තිකාරියට අදාළ නීති විරෝධී ක්‍රියාව සිදු කිරීමට ආධාර අනුබල ලබාදුන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙසයි. 

මේ අතර වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ලබන 30 වැනිදා සලකා බැලීමට නියමිතයි.

SendShareShare
Previous Post

බන්දුල සුද්දයකට සැරසෙයි! සියලු රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්-අධ්‍යක්ෂ මණ්ඩල ගෙදර යවයි!

Next Post

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.