නව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබාදීමේ අපේක්ෂාවක් නැති බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට තවත් ණය පහසුකමක් ලබා දීමට යන බව මෙරට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණු අතර, එහි සත්‍යතාවයක් නැති බවයි ලෝක බැංකුව පවසන්නේ.
ලංකාවේ පුරවැසියන් පිළිබදව ලෝක බැංකුව සැලකිලිමත් වන බවත්, ආර්ථික ස්ථාවරභාවයක් සකස් කර ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන හා එක්ව ලංකාවට උපදෙස් දීමට තමන් කටයුතු කරන බව ලෝක බැංකුව පවසා තිබේ.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය ඖෂධ සහ අවදානම් සහගත ජනප්‍රජාවන්ට අවශ්‍ය සහන සැලසීම සදහා ලෝක බැංකුව විසින් කලින් සැලසුම් කර තිබෙන ව්‍යාපෘතිවලට අදාල සම්පත් වෙන් කිරීම පිළිබදව කටයුතු කරමින් සිටින බව ලෝක බැංකුව පවසයි.










