අද දිනයේදී තමන් ආණ්ඩුවට එක්ව මුදල් ඇමැතිකම ගන්නා බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මහතා පැහැදිලි කිරීමක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් වන කාල වකවානු ප්‍රකාශයට පත් කොට සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවත්, එවිට එහි මුදල් අමාත්‍ය ධූරය භාරගැනීමට තමන් සූදානම් බවත්ය.










