හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක්ව ඇමැති ධූරයක් ලබා ගැනීමත් සමග ඒ මහතා එතෙක් දැරූ වත්තල ආසන සංවිධායක ධූරය වෙනත් ප්‍රබලයකුට බාර දීමට සමගි ජන බලවේගයේ නායකත්වය තීරණය කොට ඇති බව වාර්තා වේ.
දැනටමත් ඒ සදහා වත්තල කතෝලික ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සම්බන්ධ ප්‍රබල ව්‍යාපාරිකයකු අයැදුම්පතක් පවා යොමු කර ඇති බව දැනගන්නට ඇත.
හෙතෙම ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවක්ද වාර්තා වේ.
මෙම ව්‍යාපාරිකයා කතෝලික ප්‍රජාව සහ කතෝලික පල්ලිය සමග ඉතා සමීපව කටයුතු කරන ජනප්‍රිය චරිතයක් බවද දැනගන්නට තිබේ.










