• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?
Share on WhatsAppShare on Facebook

2019 මැයි 13 සහ 2022 මැයි 18 එකම වගේ කතා දෙකක් ඒ දෙපාරම මහින්ද හිටියෙ එළියට ගිහින්, මේ දෙවතාවෙම රට හරියට කලබල වෙලා…

2022 මැයි මාසේ 18 වැනිදා ශ්‍රී ලංකාවේ යම් කිසි තීරණාත්මක ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල විය හැකියි කියලා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරලා තිබුණා. මේ වාර්තා කිරීමත් එක්ක එළිපිට නොපෙනුණත් අභ්‍යන්තරික වශයෙන් මිනිස්සු සෑහෙන්න කලබලයට පත්වුණා. ඇත්තටම මේ විදියේ ප්‍රහාරයක් එල්ල වීමේ පරිසරයක් ලංකාවේ තියෙනවද නැද්ද කියන එක නොදන්න බොහෝ දෙනෙක් හිතුවේ කුමක් හෝ දෙයක් සිදුවෙයි කියලා. ඇත්තටම හින්ද පුවත් පත වාර්තා කළේ මෙතෙක් අප දන්නා කරුණු එක්ක සම්බන්ධ විය හැකි සහ විශ්වාස කටයුතු සම්බන්ධතා සහිත සිදුවීම් පෙළක්. ඔවුන් කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැරැණි සාමාජිකයන් ඉන්දියවේදී එකතු වෙලා ලංකාවට මේ විදියේ ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවාය කියලා.

ඔවුන් ඒ සඳහා දිනය විදියට හඳුන්වා දුන්නේ මැයි මාසේ 18 වැනිදා. ප්‍රභාකරන්ගේ මරණයත් එක්ක ශ්‍රී ලංකාවේ පැවැති ඊළාම් යුද්ධය අවසන් වෙන්නේ මැයි 18 වැනිදා නිසා ඒ දවස විශේෂ වෙනවා. මේ ප්‍රහාරය සඳහා මැයි 18 වැනිදා තෝරාගන්නවා කියලා රට තුළ යම් කැලඹීමක් ඇතිකරන්න ඔවුන් සමත් වෙලා තිබුණා. මේ කැලඹීමත් එක්ක ලංකාවෙ පාසල් පද්ධතිය අඩාළ වුණා, නගරවලට යම් කිසි බලපෑමක් සිද්ධ වෙනවා. ජනතාව පාර තොටේ යන්න බය වෙනවා. මේ සියල්ලම සිදුවෙන්නේ මැයි 18 වැනිදා සම්බන්ධයෙන් වූ ආරංචියත් එක්ක. මැයි 18 වැනිදා ආරංචියත් සමග තවත් යම් යම් ආරංචි කිහිපයක්ම ලංකාවෙ එහෙන් මෙහෙන් පැතිරෙන්න පටන් අරගන්නවා. මේ මොහොතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 මැයි මාසෙ 13 වැනිදාත් මේ විදියේ සිදුවීමක් වාර්තා වෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් වීඩියෝවක් පළ කරන්නේ එක්තරා භික්ෂුන්වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා උන්වහන්සේට ඉතා හිතෛෂී අධ්‍යාපන නිලධාරියකු විසින් දැනුම් දුන් ආරංචියක් මත ලංකාවෙ එක්තරා ප්‍රධාන නගර කිහිපයකට ප්‍රහාර එල්ල විය හැකි බවත්, ඒවා පාසල් ඉලක්ක කරගෙන එල්ල විය හැකි බවත්. මේ පාසල් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වන බවට වූ ආරංචියත් එක්ක සම්පූර්ණයෙන්ම මැයි 13 වැනිදා පාසල් පද්ධතිය අඩාළ වෙනවා. මේ අඩාළ වීම 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය නිසා සිදුවුණු පාසල් අඩාළ වීමටත් වඩා භයානක සහ දරුණු කඩාවැටීමක්. එතකොට මේ නාට්‍යය පිටිපස්සේ ඉන්නේ කවුද, මේකෙ පිටපත ලියන්නේ කවුද කියන එක ගැන ටිකක් හොයා බලන්න සිදුවෙනවා. ඒකට හේතුව මැයි 13 වැනිදා පාසල් අඩාළ වීම ගැන හොයන්න ගිය අපට දැනගන්න ලැබුණු සමහර සිදුවීම් එක්ක ජනතාව යම් කිසි බයකින් සැකයකින් සහ ජනතාව නොදන්නා කාරණයක් පිළිබඳ යම් කිසි බරපතළ ප්‍රශ්නයකින් තමයි හිටියේ. මිනුවන්ගොඩ සහ කුලියාපිටියේ ඇතිවූ යම් යම් සිදුවීම් 2019 මැයි 13 වැනිදා සිදුවීමට ඇතිකරලා තිබුණු විශාල තිගැස්මක්. ඒත් එක්කම කුලියාපිටියට ගිය මාධ්‍යවේදීන් වන අපට දැනගන්න ලැබුණේ ඔවුන් කිව්වේ මිනුවන්ගොඩ ගුරුවරයෙක් සහ ශිෂ්‍යයෙක් මරලා දාලා කියලා. ඇත්තටම අපි මිනුවන්ගොඩ ගියාට පස්සේ අපට අහන්න ලැබුණා කුලියාපිටියේ යම් සිදුවීමක් සිදුවෙලා තියෙනවා, මේ සිදුවීමට අදාළව කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියන ආරංචිය තමයි පැතිරෙන්න පටන් අරගෙන තිබුණේ. නමුත් මේ සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරැදි ආරංචි පැතිරුණේ නැති බව අපට ඉතා විශ්වාසයෙන් සඳහන් කළ හැකියි.
කිසිවෙක් මේ සිදුවීම පිටුපස සිටි බවට වූ සාක්ෂිය තමයි මතුගම හෝ බදුරලිය ප්‍රදේශවල පාසලකදී බෝම්බ හමුවීම. මේ බෝම්බ පාසලට දැමූ බවට එක්තරා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා, ඒ අනුව යම් කිසි බියක් ඇතිකිරීමට කිසිවෙකුට අවශ්‍යතාවක් තිබී ඇති බව තමයි මේ සම්බන්ධව අප දන්නේ. ඒ අනුව යම්කිසි අවස්ථාවකදී සිදුවීමක් සම්බන්ධව වැරැදි තොරතුරු සමාජගත කරලා ඒ සමාජගත කිරීම හරහා සමාජයේ යම් කිසි කම්පනයක් සහ පීඩාවකට පත්කරලා ඒ සිදුවීම මත දේශපාලන වාසි හෝ වෙනත් කුමන හෝ වාසියක් ලබාගැනීමේ වුවමනාව කිසිවෙකුට ඇති බව 2019 මැයි 13 වැනිදා සිදුවීමෙදි අපට පැහැදිලි වුණු කාරණයක්.

එතකොට 2022 මැයි 18 වැනිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව වූ කාරණාව මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? 2018 බෝම්බ ප්‍රහාරය සහ 2022 බෝම්බ සිද්ධිය පිටුපස තියෙන පොදු සාධක මොනවද? 2019 මැයි 13 වැනිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ මතය ශ්‍රී ලංකාවේ සමාජගත වෙනකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්නේ විපක්ෂයේ. මහින්ද රාජපක්ෂ කියන චරිතය ඒ වෙනකොට පරාජයට පත්වෙලා විපක්ෂයට ගිහිල්ලා, විපක්ෂයේ අසුන් අරගෙනයි ඉන්නේ. ඔහුට ඒ වෙනකොටත් දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා. මේ ප්‍රශ්නය කොච්චර බරපතළද කියනවා නම් විපක්ෂ නායකවරයා විදියටවත් එතුමන්ව පිළිඅරගන්නට ලංකාවෙ ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තිබුණේ නෑ. දිගින් දිගටම ඔහු ප්‍රතික්ෂේප වෙමින් මේ දේශපාලන අස්ථාවරභාවය නිර්මාණය වෙමින් තිබුණා ඔහුගේ නමින්.

2022 මැයි මාසෙ 18 වැනිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ මතය සමාජගත වෙනකොටත් ඒ විදියටම මහින්ද රාජපක්ෂ මහත්තයගෙ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධව බරපතළ ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. අදත් ඔහු විපක්ෂ නායකවරයා හෝ අගමැතිවරයා හෝ වෙනත් දේශපාලන චරිතයක් නොවන තැනට පත්වෙලා තියෙනවා. මේ විදියට දිගින් දිගටම මේ දේශපාලකයාව ප්‍රධාන පුටුවකින් ප්‍රතික්ෂේප වෙන හැම වෙලාවකම රට ඇතුළේ බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ භීතිකාවක් ඇතිවෙනවාද? අපට මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයට චෝදනා කරනවා නෙවෙයි. යම් කිසිවෙක් මේ විදියේ මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවාද යන්න ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ විදියටම මේ සිදුවීම් සිද්ධ වෙන බවට අනියමින් ප්‍රචාරය කිරීම, ඒ ප්‍රචාර සමග රට ඇතුළේ යම් අස්ථාවරභාවයක් ඇතිවීම, රට ඇතුළේ යම් කිසි භීතියක් සමාජගත වීම සාමාන්‍ය කාරණයක් එතකොට මේ පුවත් කොහොමද සමාජගත වෙන්නේ? මේවට මුලක්, මැදක්, අගක් නොතිබීම මේවායේ තියෙන බරපතළ ප්‍රශ්නයක්. ඒ වගේම මේවා මාධ්‍ය හරහා වාර්තා වීමත්, ඒ මාධ්‍ය හාරහා වාර්තා වීමේදී ඒ සඳහා විවිධ උපක්‍රමශීලී මාධ්‍ය භාවිතාවන් යොදාගැනීමත් මේකෙ තවත් එක කාරණාවක්.

මැයි 13 වැනිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව 2019 කාරණාව මීට වඩා බරපතළ වෙන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා බරපතළ ඛේදවාචකයක් ලංකාවේ සිදුවෙච්ච අවස්ථාවෙම මේ සිදුවීම ඊට සාපේක්ෂව සිදුවෙන කාරණාවක් හින්දා. මේ වතාවේ මේ සිදුවීමේ තියෙන බරපතළකම වෙනනේ තවත් එවැනිම වූ යැයි සඳහන් කළ හැකි නමුත් ඒ තරම් මරණ සිදු නොවුණත් ලංකාවම ගිනිගත් තවත් සතියකට දෙකකට පස්සේ මේ සිදුවීම වාර්තා වීම. 2022 සිදුවීම මැයි 18 වැනිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ කතාව විතරක් හුදකලාව අරගත්තට පස්සේ මේ ප්‍රවෘත්තිය පළවෙන්නේ ‘ද හින්දු’ පුවත්පතේ පමණයි. එම ප්‍රවෘත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිවැරැදිව හොයා බලනවාද, ඒ පිළිබඳ පරීක්ෂණ කළාද, නැද්ද යන්න පිළිබඳ අපිත් හොයලා බැලුවා. එහෙම නම් මේ හින්දු පුවත්පත වාර්තා කරපු සිදුවීමත් එක්ක ලංකාව ඇතුළේ ආරක්ෂාව කොයි තරම් තර කරලා තිබුණද? අපි කොළඹට ඇවිල්ලා ආපහු යන අවස්ථාව වෙනකොට කිසිම තැනක නිසි පරීක්ෂාවකට ලක් වුණේ නැති බව කියන්නේ ඉතා වගකීම්සහගතව. මීගමුව මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථ වාහන හෝ බස් රථවල පැමිණෙන පුද්ගලයන් හෝ බස් රථ හෝ නිවැරැදිව පරීක්ෂා කළේ නැහැ. නමුත් අපි දැක්කා සමහර තැන්වල මාර්ග බාධක යොදලා තියෙනවා. ප්‍රධාන නගරවල සහ ප්‍රධාන වීදිවල අවි ගත් ආරක්ෂක නිලධාරීන් රඳවලා තිබුණා. ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව ඇතුළු ප්‍රධාන පෙළේ හමුදා අනු ඛණ්ඩයන්හි විවිධ නිලධාරීන් බොහෝ තැන්වල ඉන්න බව අපි දැක්කා. නමුත් මේ විදියට ඔවුන් රඳවා තබනවා හැර වෙනත් පරීක්ෂා කිරීමක් හෝ වෙනත් ආරක්ෂක වැඩපිළිවෙළක් හෝ වෙනත් අධීක්ෂණයක් හෝ සිදුවුණු බවක් අපි දැක්කේ නැහැ. එහෙම නම් ඇයි මේ බෝම්බ ප්‍රහාර කියන ඒවා මේ තරම් සුළු විදියට තකන්නේ? මැයි 13 වැනිදා සිදුවීම කෙසේ වෙතත් 2019 අප්‍රේල් 21 වැනිදා අපි හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා. එම සිදුවීම පිළිබඳ අපට දැනුම් දුන්නෙත් ඉන්දියානු රහස් ඔත්තු සේවය විසින්. එහෙම නම් මේ විදියට ඉන්දියානු රහස් ඔත්තු සේවය අපට දැනුම් දෙන පණිවුඩයක් අපි නොසලකා හැරීම සහ අපේ ආරක්ෂක අංශවල නිලධාරීන් විසින් ඉහළ අංශවලට කරන දැනුම්දීම්, ඉහළ නිලධාරීන් ගණන් නොගැනීම, ඉහළට යවන ලිපි ඒ අය නොසලකා හැරීම වැනි බොහෝ කාරණා නිසා අපිට මේ රටේ අපේ සහෝදරවරු අපේ වටිනා කියන මිනිස්සු 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. එහෙම වෙලා තියෙද්දිත් අයි මැයි 18 වැනිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එක සම්බන්ධව බරපතළ ප්‍රකාශයක් ඉන්දියාවෙදි මතුවෙලා තියෙනවා. ඔවුන් ඒ පිළිබඳ පූර්වාපර සිද්ධි ගැළපීමක් එක්ක අවස්ථා සම්බන්ධයක් සහිතව පැහැදිලි කිරීමක් කරනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත එකතු වීමක් ගැන ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා. ඒ පිළිබඳ ලංකාවේ පාර්ලිමේන්තුවෙ ඉන්න ශ්‍රී ලංකාවෙ ආරක්ෂාව පිළිබඳ වැඩියෙන්ම දන්න පුද්ගලයා විදියට අපිට පිළිගන්න පුළුවන් සරත් ෆොන්සේකා මහත්තයා කියනවා මේවා සෙල්ලම් නෙවෙයි කියලා. එහෙම නම් ඇයි මිනිසුන්ව මැරෙන්න අරිනවද මේ රටේ ආරක්ෂක අංශ. නැත්නම් මේ රටේ බලධාරීන්. බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ ප්‍රවෘත්තියක් මතු වුණාට පස්සේ ඇයි, මොන හේතුවක් නිසාද නොසලකා හරින්නේ?

මැයි 13 වැනිදා සිදුවීමත් මේ විදියටම ආරක්ෂක අංශ විසින් නොසලකා හැරිය නමුත් ඒ අවස්ථාවේ ජනතාව හිටියේ බයට පත්වෙලා. අප්‍රේල් 21 ප්‍රහාරය සිද්ධ වෙන්නේත් ආරක්ෂක අංශවල නොසලකා හැරීම සහ නොසැලකිලිමත් බව නිසා බව බරපතළ පරීක්ෂණවලින් තොරව සරල මනුෂ්‍යයො විදියට අපට තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. එහෙම නම් 2022 මැයි 18 සහ 2019 මැයි 13 අතර තියෙන සම්බන්ධතාව මොකක්ද? ඒ සම්බන්ධතාව අවබෝධ කරගැනීම සහ මේ සිදුවීම් පිටිපස්සේ තියෙන බළල් අත් මොනවද කියන එක අවබෝධ කරගැනීම සොයාගැනීම වටහා ගැනීම සහ අනෙක් අය සමග සාකච්ඡා කිරීම ඔබ සතු කාරණයක්. අපි ඔබට කාරණාව කියනවා විතරයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

Next Post

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.