ආර්ථික අර්බුධය අපේ දරුවන්ගේ ජීවිත බිළි ගනිමින් පවතී. දින දෙකක් වයසැති බිළිදියක්, කඩිනමින් රෝහල්ගත කිරීමට අවශ්‍ය පෙට‍්‍රල් සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගොස් ඇති බව වාර්තා වී තිබුණි. වෛද්‍යවරු පවසා ඇත්තේ, පැයකට කලින් ඇය රැගෙන ආවානම් ඇගේ ජීවිතය බේරා ගත හැකි බවයි.
එමෙන්ම, වයස අවුරුදු 12 ක තවත් දැරියක් ජීවිතාරක්ෂක ඖෂධයක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ජීවිතක්ෂයට පත් තිබේ.
මේ ඛේදනීය සිදුවීම් දෙක පිළිබදව වෛද්‍යවරියක තබා ඇති ට්වීටර් පණිවිඩයකට, මහේල ජයවර්ධන පිළිතුරු ට්වීටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර, පියෙකු ලෙස තමන් මෙම ප‍්‍රවෘත්තීන්ගෙන් කම්පනයට පත්ව සිටින බව පවසා තිබේ.
අදාල ප‍්‍රවෘත්ති කන වැකී ඇත්නම් සහ හෘදය සාක්ෂියක් ඇත්නම් මේ මරණවල වගකීම භාරගෙන ජනාධිපතිවරයා ඉවත්විය යුතු යැයි මහේල යෝජනා කරයි.
එසේම රට මේ තත්ත්වයට හෙළුෑ ව
ඔහුගේ එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ,
“ගෝඨාභය රාජපක්ෂ මෙය කියවා වරදක් ඇති බව හැඟෙන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙම තත්තවයට ඔහු සෘජුවම වගකිව යුතුයි. ඒ වගේම මේ පරිපාලනයේ කොටස්කරුවන් වූ සියලු දෙනා මීට වගකිවය යුතුයි.”
As a father I can only imagine what they must be going through 😢 If @GotabayaR read this and have any guilt should resign immediately as he was directly responsible for this situation and everyone els who was part of this administration… https://t.co/ICz0HlPnwl
— Mahela Jayawardena (@MahelaJay) May 22, 2022










