• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ANARCHY නොහොත් රට අරාජික වුණොත් අපිට වෙන්නෙත් මේ ටිකමද?

May 23, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ANARCHY නොහොත් රට අරාජික වුණොත් අපිට වෙන්නෙත් මේ ටිකමද?
Share on WhatsAppShare on Facebook

නුගේගොඩ ගුවන් පාලම මතින් නොයෙකුත් රථවාහන ගමන් කළද, ඒ මතින් ඇවිද යන මිනිසෙකු කිසිදු විටෙක දක්නට නැත. එසේ වන්නේ නගරය හරහා ඇවිද යන මිනිසුන් සියල්ලම පාලම යටින් ඇති පදික වේදිකාව මතින් ඇවිද යන හෙයිනි. එහෙත් මෙයට වසර කිහිපයකට පෙරදී මම සවස 5.30 – 6.30ත් අතර වේලාවක මෙම ගුවන් පාලම මතින් ඇවිද යන්නට වීමි. එකල ‘කාක්කන්’ ගැන ලිපියක් ලිවීම උදෙසා, යම් සත්‍ය දසුන් කිහිපයක් නිරීක්‍ෂණය කිරීමට අවශ්‍ය වූ හෙයින් මම එසේ කරන්න වීමි. ගුවන් පාලම මතින් ඇවිද යන විට පහළින් තිබෙන විශාල බෝගස් දසුන් ඉතාම පැහැදිලිව දක්නට හැකිය.

එනම් වෙනත් කිසිදු තැනක දක්නට නොහැකි ආකාරයෙන් එම බෝ ගසේ අතු මත තිබෙන විශාල කාක්කූඩු පාලම මත සිට ඉතාම පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකිය. කාක්කන් දවස පුරා නගරයේ හතරදිග් භාගයේම සැරිසැරුවද, සවස මෙම යාමය වන විට තමන්ගේ කූඩු වෙත පැමිණෙයි. වෙනත් සෑම ස්ථානයකදීම කාක්කන්ගේ කූඩු නිරීක්‍ෂණය කළ හැක්කේ බිම සිට උඩට තිබෙන දසුනකදී මිස, මේ ආකාරයෙන් ඉහළ සිට පහළට ඇති දසුනක් දැකිය හැක්කේ ඉතාමත් අල්ප වශයෙනි. අදටත් ඕනෑම දිනයකදී මෙම දසුන් නුගේගොඩ ගුවන් පාලම මත සිට දැකිය හැකිය.

අද කාක්කන්ගේ වගතුගකින් මේ ලිපිය ලියන්නට ගත්තේ, අද රට පුරාම මිනිසුන්ද කාක්කන් ගැන කතාබස් වන හෙයිනි. දවස පුරාම ඇසෙන ‘කපුටු කාක්, කාක් කාක්’ යන රථවාහන නළා ශබ්ද හැඬවීමද අද එක්තරා උද්ඝෝෂණ විලාසිතාවකි. එසේම රටේ දසඅත පැවැත්වෙන උද්ඝෝෂණවලදී කාක්කන් මෙන් පැලඳගත් මිනිසුන්, කාක් වෙස් මුහුණු, කාක්කන්ගේ විවිධ රූප නිර්මාණ ආදී විවිධ දේද දක්නට හැකිය. කෙසේ හෝ මෙතරම් විශාල උද්දීපනයක් ඇතිව ‘කාක් රැල්ලක්’ තිබුණද, බොහෝ පිරිස් කාක්කන්ගේ නිසි වගතුග දන්නේ නැත. දේශපාලකයන්ගේ පාර්ලිමේන්තුව හෝ වෙනත් ජන කණ්ඩායමක යම් දේශපාලනික සභාවක් හෝ මෙන්ම, කාක්කන්ටද පාර්ලිමේන්තුවක් හෝ සභාවක් හෝ ඇත. මෙය පිළිගත් ජාත්‍යන්තර සත්ව පර්යේෂණ තොරතුරුවලට අනුව හඳුන්වන්නේ ‘කාක් පාර්ලිමේන්තුව’ හෝ ‘කාක් කොංග්‍රසය’ ලෙසිනි. එම තොරතුරුවලට අනුව මෙය ඉංග්‍රීසි බසින් අර්ථගන්වා ඇත්තේ, ‘Parliment of Crows’ or ‘Congress of Crows’ ලෙසිනි. නුගේගොඩ ගුවන් පාලම මතදී මෙම ‘කාක්ක පාර්ලිමේන්තුව’ හොඳින්ම නිරීක්‍ෂණය කළ හැකිය. එකිනෙකා අතර කාක්කන්ගේ ශබ්ද සංකලනයන්, හැසිරීම් රටා මෙන්ම උන් විශේෂයෙන් තම පැටවුන්ට දක්වන සෙනෙහසද මෙහිදී නිරීක්‍ෂණය කළ හැකිය. කාක්කන් බොහෝ සමගියෙන් වෙසෙන සත්ව කොට්ඨාසයක්ද වෙයි. එහෙත් තමන්ට අහුවෙන ඕනෑම කුණු ජරාවක් ගිල දැමීමටද මෙම කාක්කන් ඉතා සමත්ය.

මෙවැනි වටපිටාවක් යටතේ අද මෙරට මිනිසුන් කාක්කන් සමකර ඇත්තේ මෙරට දේශපාලකයන්ටය. එසේ වන්නේ බහුතර එවැනි දේශපාලකයන්ද ජරාවල් කෑමට පුරුදු වී ඇති හෙයිනි. ජරාව යනු මුදල් කන්දරාවල් සොරකම් කිරීමයි. මේ නිසා වත්මන් ජන අරගලය තුළදී මෙය සුවිශේෂී විෂයක් බවටද පත්වී ඇත. එසේම මෙවැනි කපටි දේශපාලකයන් නිසා රටට සිදුවන විනාශය ගැනද කතිකාවක් ඇතිවී තිබෙයි. කෙසේ හෝ මෙවැනි වටපිටාවක් යටතේ ජනතාව එක් හඬින් ප්‍රකාශ කරන්නේ, එවැනි දේශපාලකයන් හරහා ශ්‍රී ලංකාව ‘අරාජික’ තත්ත්වයට පත්ව ඇති බවයි.

මෙලෙස පැවසෙන අරාජික තත්ත්වය යනු කුමක්ද..?
දැනට මෙරට තුළ මාස කිහිපයක සිට නිසි දේශපාලනික නායකත්වයක් නොමැත. පාර්ලිමේන්තුව වගකියන නිසි අගමැතිවරයකු හෝ කැබිනට් මණ්ඩලයක් හෝ නොමැත. මෙයට දින කිහිපයකට ඉහතදී නව අගමැතිවරයකු පත්කළද ඔහුට එරෙහිව පැනනැඟෙන දෝෂාරෝපණයන්ද බොහෝය. එසේම ජනාධිපතිවරයා ගන්නා තීන්දු, තීරණද අවතක්සේරුවකට ලක්වෙයි. ජන උද්ඝෝෂණ, ජන අරගල රටපුරාම දස අතේය. මේ ආකාරයට කිසිදු ලෙසක විසඳුම් ලබාදෙන දේශපාලනික වාතාවරණයක් නම් මෙරට පෙනෙනතෙක් මානයක දක්නට නැත.

අරාජික රටක් යැයි කියන්නේ මෙවැනි දේශයකටද..?

කෙසේ හෝ දැන් ශ්‍රී ලංකාව අරාජික තත්ත්වයට පත්වී අවසානද..?

එසේත් නැතිනම් එම තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේද..?

‘අරාජිකත්වය’ යනු කුමක්ද..?
මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ‘ඇනාකි’ (Anarchy) යන වදනිනි. මෙය ග්‍රීක භාෂාවෙන් උප්පත්තිය ලබා දැනට ඉංග්‍රීසි භාෂාව තුළ භාවිත කෙරෙන වචනයකි. යම් රටක ‘අරාජිකත්වය’ යනු නිසි ස්ථාවර වූ දේශපාලනික පාලක මණ්ඩලයක් හෝ බලධාරීන් හෝ නොමැතිව පිහිටුවා ගෙන තිබෙන සමාජයක් යැයි අර්ථකථනය වෙයි. තවත් ආකාරයකින් එය අර්ථකතනය කළ හැක්කේ කිසිදු මහජන බලයක් නොමැතිව පිහිටුවාගෙන තිබෙන පාලන තන්ත්‍රයක් ලෙසිනි. එය එවැනි රටක තිබෙන දේශපාලනික අධිකාරියේ ඇති දැඩි දුර්වලතාවය සහ ප්‍රබල ව්‍යාකූලත්වය හේතුවෙන් ඇතිවනු ලබන්නකි. මෙයට එවැනි පාලක තන්ත්‍රයක් තුළ ඇති දැඩි අක්‍රමිකතාවය හා නොමග යෑමද ප්‍රබලව බලපානු ලබයි. තවත් ඉතා සරල ආකාරයකින් පැවැසුවහොත් ‘ආණ්ඩුවක් නොමැතිකම’ (Stateless) යන්න ගෙනහැර දැක්විය හැකිය. වසර සිය ගණනකට පෙර පැවැති ලෝකයේ විවිධ රටවල්වල සිවිල් යුද්ධයන් හරහා මෙම අරාජිකත්වය ස්ථාපිත වූ බැව් පැවසෙයි. රුසියානු සිවිල් යුද්ධය, ඇමෙරිකානු සිවිල් යුද්ධය සහ තවත් රටවලදී පැවැති එවැනි යුද්ධවලදී යම්කාලීන වශයෙන් එවැනි අරාජිකත්වයන් පැනනැඟී ඇත. එසේම ඉන්පසුව කලින් කලට මෙම වර්තමාන යුගය දක්වාම ලෝකයේ විවිධ රටවල් තුළදී මෙම අරාජිකත්වය පැනනඟියි.

දැන් ඔබට රටක අරාජිකත්වය කුමක් දැයි හොඳින් පැහැදිලි වනවා ඇතැයි සිතමි. එසේ නම් ලෝකයේ කලින්කලට අරාජිකත්වයට පත්වූ විවිධ රටවල් ගැන තිබෙන වගතුග කුමක්ද? එය සැබැවින්ම ඉතාමත් දීර්ඝ කතාන්දරයකි. එහෙත් එම වටපිටාව ගැන යම් පමණකින් හෝ සොයා බලමු. මෙයට පෙර අප අවධානය යොමු කළ යුත්තේ ලෝකයේ විවිධ ආණ්ඩුක්‍රම වර්ග සහ විධි පිළිබඳවය. දේශපාලන විiාවට අනුව එය ප්‍රධාන වශයෙන් ක්‍රමවේදයන් 10කි.

■ Federal – ෆෙඩරල් නොහොත් සාමූහික ආණ්ඩුව.
■ Republic – ජනරජ සමූහාණ්ඩු.
■ Dictatorship – ඒකාධිපති හෝ ආඥාදායක ආණ්ඩුව.
■ Monarchy – රාජාණ්ඩුව.
■ Communist – කොමියුනිස්ට් ආණ්ඩු.
■ Transitional – අන්තර්වාර හෝ සංක්‍රාන්ති ආණ්ඩු.
■ Regional – කලාපීය ආණ්ඩු.
■ Revolutionary – විප්ලවවාදී ආණ්ඩු.
■ Capitalist – ධනවාදී ආණ්ඩු.

දැන් ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න, ඉහත ඔබට දැකිය හැක්කේ ආණ්ඩු ක්‍රම 09ක් පමණි. දැන් එසේ නම් ඉතිරි ආණ්ඩු ක්‍රමය වන්නේ කුමක්ද? එය නම් අප අද කතා කරන Anarchy නොහොත් ‘අරාජික ආණ්ඩු’ ක්‍රමවේදයයි. එනම් එසේ අරාජික තත්ත්වයට පත්ව පාලනය කෙරෙන රටවල්ද ලොව ඇත. එම රටවල් සඳහා කිසිදු පරිපාලන ක්‍රමවේදයක් නොමැත. කෙටියෙන් කිවතහොත් කිසිම රජයක් හෝ ආණ්ඩුවක් එම රටවල්වලට නැත. එසේම එම රටවලට කිසිම ආර්ථික පරිපාලනයක් හෝ මූල්‍යමය පරිපාලනයක් නොමැත. එවැනි රටවල ජනතාවද නිරන්තරයෙන් ජීවත් වන්නේ ඉතාමත්ම දුක්ඛිත, මහත් පීඩාවකට පත්වූ වාතාවරණයක් යටතේය. තවද එවැනි රටවල ජනතාවගේ ආදායම් අතිශයින්ම පහත වැටී ඔවුන් ඉතා දැඩි උද්ධමනයකටද මුහුණ දෙමින් ජීවත් වෙයි. කෙටියෙන් කිවතහොත් ‘අද කාලා, හෙට බඩගින්නේ ඉන්නට වන්නේ’ එවැනි ජනතාවකටය. එම මිනිසුන්ගේ ජීවිත නිතරම දැඩි අවනිශ්චිතභාවයකට පත්වෙයි. තමන්ගේ සුබසාධනය සොයා බලන්නට නිසි රාජ්‍ය පාලනයක් නොමැතිකමින් ඔවුහු මහත් සංවේගයටද පත්ව සිටිති. තමන්ගේ රටේ නායකයන් කවුරුන්දැයි ඔවුහු නොදනිති. රට තුළ යම් පිරිසක් නායකයන් ලෙස පෙනී සිටියද ඔවුන් තම පරිපාලන කටයුතු සිදුකරන්නේද දැඩි අවිනිශ්චිතභාවයකින් යුක්තවය. මෙලෙස යම් රටක් අරාජික තත්ත්වයට පත්වන්නේ නිකම්ම නොවේ. තම තමන්ගේ රටවලට කාලයක් පුරා යහපත් රාජ්‍ය පාලනයන් තිබී ඒවායෙහි ඇදවැටීමෙන් පසුව මෙලෙස අරාජිකත්වයට පත්වෙයි.

ලෝක දේශපාලන ඉතිහාසයේ සඳහන් වන ආකාරයට අතීතයේ රටවල් රැසක් අරාජිකත්වයට පත්ව ඇත්තේ එම රටවල් තුළ තිබුණු සිවිල් යුද්ධයන්ට පසුවය. එසේම ඉන්පසුව මෑත කාලයේ රටවල් රැසක් අරාජිකත්වයට පත්ව ඇත්තේ, එම රටවල තිබුණු රාජ්‍ය පාලකයන් පෙරළා දමන්නට එම රටවල් තුළම වූ විවිධ විරුද්ධ කල්ලි විසින් සිදුකරන ලද සන්නද්ධ අරගල හේතුවෙනි. එසේම මෑත සමයේදී සමහර රටවල් අරාජිකත්වයට පත්ව ඇත්තේ එම රටවල රාජ්‍ය පාලකයන්ගේ බුද්ධිගෝචර නොවූ ක්‍රියාකලාපයන් හේතුවෙනි. එවැනි වටපිටාවන්හිදී එම රටවල ජනතාව තම පාලනයන්ට එරෙහිව සිදුකරනු ලබන ප්‍රබල උද්ඝෝෂණ සහ අරගලවලදීත් තවත් එම රටවල් අරාජිකත්වය කරා ඇදී යන අයුරුද සාධක පෙන්වා දෙයි. පාලකයන් ජනතාවට ඇවැසි දේ ලබා නොදෙන විටදී ජනතාව දැඩි අසහනයට පත්වෙති. අරගල සිදුවන්නේ ඒ හෙයිනි. එහෙත් එම අරගල හේතුවෙන් එම රටවල ආර්ථිකය තවත් කඩාවැටෙන අයුරුද ආර්ථික සහ දේශපාලන විෂ්ලේෂකයන් පෙන්වාදී ඇත. කෙසේ හෝ මෙය ඇතුවත් බැරි, නැතුවත් බැරි ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය. මෙහිදී මුලින්ම ජනතාව අගාධයට ඇදදමා ඇත්තේ රාජ්‍ය පාලකයාය.

මෙම මෑත සමයේදී ලෝකයේ ඉතාමත් දරුණු ලෙස අරාජිකත්වයට පත්වුණු රටවල් 10ක් ගැන ජාත්‍යන්තර ලැයිස්තුවේ සඳහන් වෙයි. මෙම සමහර රටවල යම් පාලන තන්ත්‍රයක් පෙනෙන්නට තිබුණද, ඒවායින් ජනතාවට සිදුවන සුබසිද්ධිය ඉතාමත් අවම හෙයින් එම රටවල් අරාජිකත්වයට ඇද දමා තිබෙයි. මේ ගැන සොයා බලමු.

■ ඇෆ්ගනිස්තානය – (Afghanistan) :

අතිශය දරුණු ලෙස දශක ගණනක් පුරා යුද්ධයෙන් පීඩාවිඳින රටකි. එසේම ඇමෙරිකානු ආක්‍රමණය යටතේද වසර ගණනාවක් පුරා පැවැතියේය. කුසට නිසි අහරක් නැතිව සිටින මිනිසුන් මිලියන ගණනාවක් ජීවත් වෙති. මවුපියන් තම දරුවන්ගේ වකුගඩු විකුණා මුදල් සොයා ගන්නා තත්ත්වයට පත්වී ඇත. පසුගිය වසරේ සිට තලාබින් ත්‍රස්තවාදීන් රට අල්ලාගෙන පාලනයට නතුකර ගත්තේය. ඔවුන්ගේද කණ්ඩායම් දෙකකි. අතිශය දරුණු ලෙස අරාජිකත්වයට පත්ව ඇති රටකි.

■ ඉතියෝපියාව – (Ethiopia) :

පාලකයන් නැති එමෙන්ම සන්නද්ධ ප්‍රතිවිරුද්ධ කල්ලිවල අරගල ප්‍රහාරවලින් බැටකන රටකි. මෙමම රට දැනට අරාජිකත්වයට වැටී දශකයකට (අවුරුදු 10ක්) කාලයකට අධිකය. කිසිදු ආකාරයකින් එම අගාධයෙන් ගොඩඑන බවක් පෙනෙන්නට නැත. මෙරට ජනතාව මේ වන විට ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවක් අතිශය දරුණු ආහාර සාගතයකට මුහුණ පා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ එම තත්ත්වය දිනෙන්, දිනම උග්‍රවන බැව්ය. එසේම මේ වන විට ඉතියෝපියානු වැසියන් ලක්‍ෂ ගණනාවක් හරියට ඉන්න හිටින්නට තැනක් නැතිව අනාථ කඳවුරුවල වාසය කරන බැව්ද විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර ඉතියෝපියාව වසර පුරා ඉතාම දරුණු ලෙස දේශගුණික විපර්යාසවලින්ද පීඩා විඳියි. ඉතියෝපියාවට ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන රැසකින් උදව් උපකාර කළද, එරට වැටී තිබෙන මහා අගාධයෙන් ගොඩ ඒමට නොහැකි වී ඇත.

■ යේමනය – (Yemen) :

අතිශයම දරුණු ලෙස යුද්ධයෙන් පීඩා විඳින රටකි. ආර්ථිකය ඉතාමත් උග්‍ර ලෙස කඩාවැටුණු, උද්ධමනය ඉතාමත්ම ඉහළ දේශයකි. 2015 වසරේ සිට යුද්ධය හේතුවෙන් පාසල් 229ක් සහ රෝහල් 148ක් විනාශයට පත්වී ඇත. යේමන වැසියන් රැසක්ද අනාථ කඳවුරුවල වාසය කරති. පසුගිය සමයේ යේමනයේ සිටි රාජ්‍ය පාලකයන්ගේ අකර්මණ්‍යභාවය හේතුවෙන් එරට දැඩි මූල්‍ය සහ ආර්ථික අර්බුදයකට පත්වූ බැව් පැවසෙයි. මේ නිසා රට යම් අරාජිකත්වයකට පත්වන්නට වූයේය.

■ නයිජීරියාව – (Nigeria) :

යහපත් ආර්ථික රටාවක් තිබුණු අප්‍රිකානු රටක් වුවද, පසුගිය වසර 12ක් පුරා පවතින විරුද්ධවාදීන්ගේ සන්නද්ධ අරගල හේතුවෙන් එරට ආර්ථිකය බලවත් ලෙස කඩාවැටී ඇත. පාලකයන්ගේද නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකටද රට පත්වී ඇත. යම් ධනවත් ජනතා පැලැන්තියක් නයිජීරියාව තුළ වාසය කළද, රටේ සාමාන්‍ය ජනතාව දිනෙන්, දිනම දරිද්‍රතාවය කරා පත්වෙමින් සිටියි. මේ අනුව මේ වන විට රටේ ජනතාවගෙන් මිලියන 10කට (කෝටියකට) අධික පිරිසක් ඉතා දරුණු දරිද්‍රතාවයකට සහ ආහාර හිඟයකට පත්ව ඇත. ෆෙඩරල් ක්‍රමයේ රාජ්‍ය පාලනයක් තිබුණද රට අරාජිකත්වයට පත්වෙමින් තිබෙයි.

■ සිරියාව – (Syria) :

අරාජික රාජ්‍ය පාලනයත්, වසර 10ක යුද්ධය නිසාත් සිරියාව අන්ත ආර්ථික අගාධයකට පත්ව ඇති රටකි. මිලියන 21.7ක එරට ජනතාවගෙන් මිලියන 14ක ප්‍රමාණයක් ඉතාමත් දරුණු දරිද්‍රතාවයකට පත්වී සිටිති. මේ අතර මෙම පිරිසෙන් මිලියන 6.8කට නිසියාකාර ඉන්න හිටින්නට තැනක් නැත. බොහෝ පිරිස් විදෙස් ආධාර යටතේ පවත්වාගෙන යනු ලබන අනාථ කඳවුරුවල වාසය කරන අතර, ඔවුහු ආහාර අනාරක්‍ෂිතභාවයෙන් සහ ජල හිඟයෙන්ද පීඩා විඳිති. ආහාර ද්‍රව්‍යවල සාමාන්‍ය මිල සියයට 236කින් ඉහළ ගොස් ඇත. ඒකාධිපති රාජ්‍ය පාලනයත්, විදේශීය රාජ්‍ය අතපෙවීමත් නිසා සිරියාව අරාජිකත්වයට පත්වී ඇත.

■ සෝමාලියාව – (Somalia) :

වසර ගණනාවක සිට නිසි ස්ථාවර රාජ්‍ය පාලනයක් නොමැති හෙයින් රට අරාජිකත්වයට පත්ව ඇත. මිලියන 08කට අධික ජනතාවක් ආහාර නොමැතිව දරුණු සාගතයකට මුහුණ පා සිටින අතර, මිලියන 03ක පමණ ජනතාවක් ගෙයක් – දොරක් නොමැතිව අනාථ තත්ත්වයට පත්වී ඇත. රාජ්‍ය බලය කොල්ලකා ගැනීමට වෙර දරන විරුද්ධවාදී කැරැලිකරුවන් නිසා රටේ අරාජිකත්වය තවත් වැඩිවී ඇත. දේශපාලනික ප්‍රචණ්ඩත්වය ඉතාමත් උත්සන්න තත්ත්වයක පවතී.

■ මියන්මාරය – (Myanmar) :

ලෝකයේ ඉතාමත්ම දරුණු ලෙස අරාජිකත්වයට පත්වූ රාජ්‍යයකි. මිලියන 20ක පමණ ජනතාව දැඩි දරිද්‍රතාවයකට පත්ව ආහාර හිඟයකට පත්වී සිටිති. වසර ගණනාවක් පුරා ඇතිවී තිබෙන ජාතිවාදී කලබල සහ කෲර හමුදා පාලනය හේතුවෙන්, අහිංසක මිනිස් සංහාරයන් දරුණු ලෙස ඉහළ ගියේය. මියන්මාරයේ අර්බුදකාරී තත්ත්වයට උදව් කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර සංවිධානවලට පවා ප්‍රහාරයන් 300ක් පමණ එල්ලවී ඇත. ජාත්‍යන්තර සෞඛ්‍ය සේවකයන්ට පවා ප්‍රහාර එල්ලවී ඇත. වර්තමානයේ මියන්මාරයේ බලයේ සිටින හමුදා පාලනය එරට අතිශය දරුණු ලෙස අරාජිකත්වයට ඇදදැමුවේය.

මේ ආකාරයට ලෝකයේ අරාජික රටවල්වල වගතුග බොහෝ දිගු එකකි. ඒ සියල්ලක්ම ලියන්නට මෙහි ඉඩකඩ මදිය. කෙසේ හෝ පසුගිය සමීප කාලයේ ආර්ජන්ටිනාව, ටියුනීසියාව, ස්පාඤ්ඤය, බ්‍රසීලය, ග්‍රීසිය, ඉතාලිය, මෙක්සිකෝව වැනි රටවලද ප්‍රබල ජන උද්ඝෝෂණ සහ අරගල ඇති වුණේය. කෙසේ හෝ අරාජිකභාවය (Anarchy) යනු ඉතාමත්ම පුළුල් ක්‍ෂේත්‍රයක් පුරා පැතිරෙන විෂයකි. එනම් එය තවත් විවිධ අර්ථකථනයක් එකතු කරනු ලබන විෂයකි. එහෙත් මෙහිදී අප සොයා බැලුවේ යම් රටකට අදාළව සිදුවන අරාජිකත්වය ගැන පමණකි. මෙහිදී අප අවසානයේදී සිතා බැලිය යුත්තේ දැන් ශ්‍රී ලංකාවද සිටින්නේ අරාජිකත්වයේ දොරකඩ ළඟ බැව්ය. විටෙක එම දොරකඩින්ද ඔබ්බට ගොස් අරාජිකත්වයට පියනඟා ඇති බවක්ද සිතන්නට හැකිය. ශ්‍රී ලංකාවද නිසි රාජ්‍ය පාලකයකු හෝ නිසි රජයක් හෝ නොමැති රටක් නොවේද..?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!

Next Post

සජබෙ අරයා එනවා මෙයා එනවා කියලා කිව්වට කවුරුත් ඇවිත් නෑ! අදත් 8ක් දිවුරයි! ඔක්කොම පොහොට්ටුවේ හිටපු අය! 15යි කියපු කැබිනට් එක දැනට 19ට නගී!

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.