• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?

May 23, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රභාකරන් මරලා අවු. 13යි! යුද්ධයෙන් පසු හමුදාව මොනවද කරන්නේ?
Share on WhatsAppShare on Facebook

මවුවරුන්ට පියවරුන්ට තම දරුවනුත්, බිරින්දෑවරුන්ට තම සැමියනුත්, සැමියන්ට තම බිරින්දෑවරුනුත්, දරුවන්ට සිය මවුපියනුත් අහිමි කළ යුද්ධයේ කටුක කර්කශ බව යළි යළිත් මෙරට වැසියන්ට සිහිකළ යුතු නැත. ඒ කර්කශ කඨෝර යුද්ධය ශ්‍රී ලංකාව වෙළාගත් අඳුරු දශක තුන නිමාවූයේ 2009 මැයි 18 වැනි දිනය. ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් රන් අකුරින් සනිටුහන් කරමිනි. එදා 1975 වර්ෂයේ දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරමින් වේලු‍පිල්ලේ ප්‍රභාකරන් අපේ මවු රටට උරුම කළ අඳුරු යුගය නිමාකරමින් ලැබූ මේ ජයග්‍රහණය මල් යහනා මතින් ලැබූ ජයග්‍රහණයක් නොවේ. එය දහස් ගණනකගේ ලේ කඳුළු මතින් උරුම වූ ජයග්‍රහණයකි.

දෙමළ සටන්කාමීන් කියාගත් වෙලු‍පිල්ලේ ප්‍රභාකරන්ගේ සහචරයන් විසින් යුද්ධ හමුදා සොල්දාදුවන් 13 දෙනකු 1983 වර්ෂයේදී ඝාතනය කිරීමේ සිද්ධිය පාදක කරගමින් 1979 වර්ෂයේ දී පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1984 වර්ෂයේ සිට උතුරු පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ අතර ඊට අමතරව කොළඹ අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීහු ක්‍රියාත්මක වූහ. ඉන් අනතුරුව තිම්පු සාකච්ඡා ක්‍රියාත්මක වුවද එම සාකච්ඡා සාර්ථක නොවීය.

1995 අප්‍රේල් 19 දින ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කිරීමත් සමඟ තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. ඉන්පසු ත්‍රස්තවාදීන්ට එරෙහිව රිවිරැස, රණගොස, නොනවතින රැල්ල ආදී ක්‍රියාන්විත රජයේ හමුදාවන් දියත් කළ අතර 2001 වර්ෂයේ දී යළි සටන් විරාමයක් ඇතිවිය. මෙය 2003 දක්වා පැවති අතර 2006 වසරේදී සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් ඒවාද අසාර්ථක විය. 2006 වසරේදී රජයත් එල්ටීටීඊ සංවිධානයත් අතර විටින් විට යුද ගැටුම් ඇතිවිය. ඉන් අනතුරුව 2006 ජූලි 26 දින සිවුවැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් යුද්ධය අවසන් කිරීමේ තිර අදිටනින් යුතුවය. ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හිමිවූයේ දැවැන්ත පිටුබලයකි. මේ සඳහා යුදබිමේ නායකත්වය එවක යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ලබාදුණි.

මෙය හුදෙක්ම මානුෂීය මෙහෙයුමක්වූ අතර නැගෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්වීය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21 දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසකගේ ජල සැපයුම අත්හිටුවූ අතර මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් සිවුවැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඉතා පහසුවෙන් මාවිල්ආරු මුදාගත හැකිවූ අතර ඉන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වූ තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. බලය සහමුලින්ම ඉවත් කර නැගෙනහිර පළාත මුදාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවන්ට හැකිවිය.

නැගෙනහිර ජයග්‍රහණයෙන් පසුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් උතුරු පළාතට පමණක් සීමා වූ අතර උතුරු පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම සඳහා වූ උතුරු මානුෂීය මෙහෙයුම ඇරඹුණේ ඉන් අනතුරුවය. සාම්ප්‍රදායික යුද උපක්‍රම පසෙකටදා මෙරටටම ආවේණික වූ යුද උපක්‍රමයන් ඔස්සේ ඇරඹුණු උතුරු මානුෂීය මෙහෙයුම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවසානය උදාකරවීය.

එවකට බි්‍රගේඩියර්වරයකු වූ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකය මන්නාරම සහල් නැළිය දෙසින් මෙහෙයවා පුනරින්, පරන්තන් ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් නිදහස් කර ගත් අතර එය 2009 ජනවාරි 02දා කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. බලය සුන්කර ආරක්‍ෂක හමුදා පාලනයට නතු කරගැනීමට ශක්තියක් විය.

ඉන් පසුව 58 වැනි සේනාකය ධර්මපුරම්, මුරුසමොඩෙයි , විශ්වමඩු, සුගන්දිපුරම්, පුදුකුඩිඉරිප්පු මංසන්ධිය, ඉරනපලායි සහ පුදුමාතලන් ප්‍රදේශවලදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සලිත වන ආකාරයේ ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශවල බලය තහවුරු කරගත්හ. ඉන් නොනැවතුණු 58 වැනි සේනාංකය වෙල්ලමුල්ලි වයික්කාල් දක්වාද ගමන් ඇරඹූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරටින් තුරන් කර රට එක්සේසත් කිරීමේ තිර අදිටනිනි. ඒ වන විටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගනණක් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් සිටි අතර එම අහිංසක දමිළ ජනතාව නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවේද 58 වැනි සේනාංකයයි. එම ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලොව මෙතෙක් දියත් කළ විශාලතම ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක්වෙයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ අවසන් බිම් අඟලත් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අත්පත් කරගත් බව එවක හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත දැනුම්දුන්නේ උතුරු මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්ත ග්‍රහණයේ තිබූ වැඩිම භූමි ප්‍රමාණයක් අත්පත් කර ගත් 58 වැනි සේනාංකයේ එවකට සේනාංකාධිපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසිනි. එලෙස 2009 මැයි 19 දින අතිබිහිසුනු ත්‍රස්‌තවාදය පරදා ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ මළසිරුර නන්දිකඩාල් කලපුවෙන් හමුවූයේ සාමයේ පරෙවියන්ට මුළු ශ්‍රී ලංකා අහස් තලයම යළි විවර කර දෙමිනි.

යුද්ධය අවසන් වූ පසුවද ශ්‍රී ලංකා යුද හමුදාව සිය මෙහෙවර දශමයකිනුදු අඩුකළේ නැත. ඔවුහු සිය මෙහෙවර අඛණ්ඩව රට වෙනුවෙන් ඉටුකිරීමට පෙරට ආහ. තම රට වෙනුවෙන් පෙරට ඒමට ඔවුන්ට දිවා රෑ අව්ව වැස්ස ගැටලු‍වක් වූයේ නැත. ඒ සැබෑම ජාතියේ ආරක්ෂකයාගේ භූමිකාවයි.
යුද හමුදාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රාථමික රාජකාරියෙන් ඔබ්බට ගොස් සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් දියුණු කිරීම, අධ්‍යාපන පහසුකම් සැපයීම්, කෘෂිකාර්මික කටයුතු, ආගමික සහ සංස්කෘතික සහජීවන වැඩසටහන් විනෝදාස්වාද කටයුතු, ආදිය සිදුකරමින් ජාතිය ගොඩනැඟීමේ කටයුතුවලදීද පෙරමුණ ගත්හ.

විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කෙරුණු ආහාරවලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීම වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ‘තුරු මිතුරු’ නව රටක් ව්‍යාපෘතිය යටතේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙල්ලන්කුම්, මැණික්ෆාම්, ආඩියාපුලියන්තුලම්. නීරාවිය, කන්දකාඩු, ගල්කන්ද , බළල්ල, යාල පලටුපාන ගොවිපළ සහ අරලගන්විල කෘෂිකර්ම පුහුණු පාසැල, යුද හමුදා මූලස්ථාන කෘෂි ව්‍යාපෘතිය, කොහිලවගුරවත්ත රෙජිමේන්තු ගොවිපළ මෙන්ම සියලු‍ යුද හමුදා කඳවුරු ආශ්‍රිතව කෘෂිකර්ම සහ පශු සම්පත් බළකාය වෙතින් කෘෂිකර්ම ව්‍යාපෘතීන් ආරම්භ කර ඇත. එසේම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ජාතික කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථාන කඳවුරු හා යුද හමුදා ගොවිපළ කේන්ද්‍ර කරගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් පොහොර මෙටි්‍රක් ටොන් 25,000ක ප්‍රමාණයක් ජාතික කාබනික පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කර ලබාදීමට නියමිතව ඇත. මේ වන විට එම ව්‍යාපෘතියද යුද හමුදාව ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම ගංවතුර හදිසි නායයාම් ආදී ස්වභාවික විපත්වලදී අන් කවරකුටත් පෙරාතුව ජනතාව වෙනුවෙන් පෙරට එන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. මාවනැල්ල රාමසර කන්ද නායයාම ආදී වූ මහජනතාවට දැවැන්ත හානියක් සිදුකළ ව්‍යසන සියල්ලකම පාහේ යුද හමුදාව ඉටුකළ මෙහෙවර ජනතාව හා හමුදාව අතර නව මානුෂීය බැඳීමක සහ අවබෝධයක ශක්තිමත් පදනමක් ගොඩනැඟීය. එසේම යුද්ධය දරුණු ලෙසින් ක්‍රියාත්මක වූ සමයේ දී ඇති වූ සුනාමි ව්‍යසනයේදී දකුණේ මෙන්ම උතුරේද පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට යුද හමුදාව කටයුතු කළේය.

එසේම ශ්‍රී ලංකා යුද හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම්වල සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවේ හමුදාවන් වෙත ජාත්‍යන්තරයේ සුවිශේෂ කීර්තිනාමයක් අත්පත් කරගෙන ඇත. එසේම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරතවීමට හැකිවීම රාජ්‍යයකට ජාත්‍යන්තර වශයෙන් ලැබිය හැකි ඉහළම ගෞරවයකි. එමෙන්ම වෘත්තීමය හමුදා සෙබළකුට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවයේ යෙදීම අභිමානයක් මෙන්ම තම සේවා කාලය තුළ ලබාගත හැකි සුවිශේෂ අවස්ථාවකි. ශ්‍රී ලංකාව මේ වන විට සාම සාධක රාජකාරීන්හි අභිමානවත් ලෙසත් මහත් ගෞරවයක් ලබමින් රටට කීර්තියක් ලෙස ජාත්‍යන්තරයේ සේවයේ යෙදිමින් සිටී. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් පන්නරය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි ඉටු කරමින් මේ වන විට ජාත්‍යන්තරයේ උපයෝගී කරගනිමින් සිටී. එසේම ඒ හරහා ශ්‍රී ලංකාවට විදෙස් විනිමය උපයා දීමද සිදු වේ.

ඒවා එසේ වෙද්දී ශ්‍රී ලංකාවට තවත් ලෝක වසංගතයකට මුහුණ දීමට සිදුවිය. එහිදී රටේ වඩාත්ම විනයගරුක, ඵලදායීම සහ කාර්යක්ෂම මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් සතු ආයතනයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වය යටතේ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුමේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් සෙවීම, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයාගැනීම, අධීක්ෂණය, නිරෝධායනය මෙන්ම හුදකලා කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම, සමීප සම්බන්ධතා ඇති පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තු කිරීම යනාදී කටයුතුවලදී යුද හමුදාව දැක්වූ දායකත්වය අති විශාලය. එයින්ද නොනැවතී කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ ව්‍යාපෘතියේදී සෞඛ්‍ය අංශවලට සුවිශාල සහයෝගයක් ලබාදුන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැය 24 පුරාම ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් ලෙස විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ සහ දියත උයන පරිශ්‍රයේ එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරුණි. මෙහි තවත් සුවිශේෂම කටයුත්ත වන්නේ ජංගම එන්නත්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා යුද හමුදාව දියත් කළ එන්නත්කරණ මෙහෙයුමයි. විශේෂයෙන්ම එන්ත්කරණ මධ්‍යස්ථානයකට පැමිණීමේ හැකියාව නොමැති වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, විශේෂ අවශ්‍යතා ඇති අයට මෙන්ම ආබාධිත පිරිස් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ඉන් සෙත සැලසුණු පිරිසද අතිවිශාලය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය රටටම දැනුණු අවස්ථාවක් පසුගිය සතියේ ඇතිවිය. ඒ, පසුගිය 09 වැනිදා රටේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමගය. විශේෂයෙන්ම කිවයුතු වන්නේ ශ්‍රී ලංකා පොලීසියට මැදිහත්වී සමනය කරගැනීමට නොහැකි වූ කලහකාරීන්ගේ හැසිරීම් ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත් වී ඉතා කෙටි කලකදී සමනය කිරීමයි. එමෙන්ම ඒ වන විට අරලියගහ මන්දිරය ආශ්‍රිතව ඇතිව තිබූ කලහකාරී තත්ත්වය තුළ ඒ අවට සිටි කලහකාරී පිරිස් පාලනය කරගනිමින් අරලියගහ මන්දිරයේ සිටි ප්‍රභූන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
කෙසේ වෙතත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිදුවීම් නිසාවෙන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ආරක්ෂක හමුදා සාමාජිකයන් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාව මතුවිය. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව තමන්ගේ භට පිරිස් ප්‍රවාහන සන්නාහ රථ යොදා ගනිමින් භට පිරිස් ප්‍රවාහනය කළ අතර කොළඹ නගරාශ්‍රිත ආර්ථික මර්මස්ථාන ආවරණය කරමින් අදාළ සන්නාහ රථ සහ යුද්ධ හමුදා විශේෂ බළකා සංග්‍රාමික යතුරුපැදි ඛණ්ඩය යොදාගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළහ.

එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදාගනිමින් දේශය එක්සේසත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළාමෙන් යුද ජයග්‍රහණයෙන් වසර දහතුනක් සපිරෙන මොහොතේදීත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් දිවි පරදුවට තබා ඉදිරියට පැමිණ ශ්‍රී ලංකා යුදහමුදාව සිය ජාතික මෙහෙවර ඉටු නොකරන්නට රට ආර්ථික සහ සමාජයීය මෙන්ම දේශපාලනික වශයෙන්ද තවත් අර්බුදයට ලක්වීමට කිසිවෙකුටත් වැළැක්විය හැකි නොවනු ඇත.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

Next Post

දේශබන්ධු ගැන රහස් පොලිසියට කටඋත්තරය දී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වීම බාර දී ගෙදර යයි!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.