• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘අරගලෙ කන්නයි අපි ආවේ..! රාජපක්ෂ බෙටි කාපන් තුන්තීරේ…’!! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 21, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
‘අරගලෙ කන්නයි අපි ආවේ..! රාජපක්ෂ බෙටි කාපන් තුන්තීරේ…’!! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

පසුගිය මැයි 09 වැනි දින රාත්‍රිය ලංකාව එහෙම පිටින්ම වෙනස් වෙන්න තිබුණු රාත්‍රියකි. එදින උදයේ රාජපක්ෂවරුන්ගේ පාක්ෂිකයන් ගෝල්ෆේස් අරගල භූමියට පැන අරගලකරුවන්ට පහර දුන් අතර ඒ පහර දීමට එරෙහිව රට පුරා ජනතාව පාරට ආහ. මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලිපිය භාරදී අරලියගහ මන්දිරයේ සැඟව සිටියේ මරණ බයේය. ඒ වෙන කොටත් අරගලකරුවන් අරලියගහ මන්දිරය වටකොට තිබිණි. මහින්ද සහ පවුල හිටියේ ඇතුළේ කොටුවෙලාය. රාත්‍රිය වන විට මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනිබත් වෙන්නට පටන් ගෙන තිබිණි. රාජපක්ෂලාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂගේ ප්‍රතිමාව බිමට හෙළා ඇදගෙන යමින් තිබිණි. ජනාධිපති ගෝඨාභය ජනාධිපති මන්දිරයේ සිටියේ බංකරයක් ඇතුළේ සැඟවී සිටින්නා මෙන්ය. මිනිසුන් බලාපොරොත්තු වූයේ ගෝඨාභයගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන මොහොතය.

‘ගෝඨා අයින් වුණාද?’

‘ජනාධිපතියා අයින් වුණාද?’

එදින රාත්‍රියේත් පසු දිනයේත් මිනිස්සු ඇහුවේ ඒ ප්‍රශ්නයය. ගෝල්ෆේස් ජන අරගලයේ ජයග්‍රාහී මොහොතට තිබුණේ පැය කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් පමණි.

‘ගෝඨා එදා අස්වුණා නම් මොකද වෙන්නේ…?’

ගෝඨා අස්වුණා නම් ජනාධිපති ධුරයේ වැඩ බලන්න අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ වැඩබලන ජනාධිපති ධුරයට පත් වන්නේ කතානායකවරයාය. කතානායකවරයා ජනාධිපති වූවා නම් අනිවාර්යයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ තිබිණි. මන්ද සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ ඉල්ලීම වූයේ ගෝඨා ඉවත් වන්නේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවකට එක් විය හැකි බවය. එහෙම වුණා නම් පොහොට්ටු නායකත්වයට පත්වන්නේ රාජපක්ෂ පවුලේ නොවන අයෙකි. රාජපක්ෂ පවුලේ නොවන අයෙක් පොදුජන පෙරමුණු නායකත්වයට පත් වුණා නම් රාජපක්ෂලාගේ දේශපාලනය එතැනින්ම ඉවරය. කතානායකවරයා යටතේ ජවිපෙ වුවද සර්වපාක්ෂික ආණ්ඩුවකට සහාය දැක්වීමට ඉඩ තිබිණි. එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්වූයේ නම් විදේශ රටවල් ලංකාවට උදව් කිරීමට සලකා බලන්නවත් ඉඩ තිබිණි. ඒ වෙලාවේ දෙමළ ජාතික සන්ධානයේ නායක සුමන්තිරන්ලා පවා හිටියේ බලය බෙදීම පසෙක තියා සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වී ලෝකයෙන්ම ලංකාවට ආධාර ඉල්ලන්නටය. ලංකාවට ඩොලර් එවන්න කියා ඩයස්පෝරාවෙන් ඉල්ලන්නටය. එහෙම වුණා නම් මහින්ද රාජපක්ෂ පවුල පමණක් නොව ගෝඨාභයත් ඉන්නේ ත්‍රිකුණාමල නාවික බංගලාවේය. එසේ වූවා නම් මොවුන් කළ වැරැදි මොවුන් ලවාම පාපොච්චාරණය කරවා හොරකම් කර තිබේ නම් ඒ මුදල් දේපළ රාජසන්තක කළ හැකිව තිබිණි. ගෝල්ෆේස් ජන අරගලයේ ප්‍රධානතම ඉල්ලීම වූයේ රාජපක්ෂලා හොරාකෑ සල්ලි යළි රටට ලබාගත යුතුය යන්නය.

ඒත් සියල්ල තත්පරයෙන් වෙනස් විය.

මැයි මාසය ලංකාවට අපූරු මාසයකි. රටේ වාසනා චක්‍රය කරකැවෙන මාසයකි. 2009 ප්‍රභාකරන් ඝාතනය වූයේ මැයි මාසයේය. මිනිස්සු හිතුවේ ලංකාවේ අපලය අවසන් වී වාසනාවන්ත කාලයක් උදාවනු ඇතැයි කියාය. ඒත් සිංගප්පූරුවට වාසනාව ගෙන ආ එහි හිටපු අගමැති ලී ක්වාන් යූ කිව්වේ ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය දින්නාට ආර්ථිකය දිනයි කියා තමන් නොහිතන බවය. ඔහු එයට හේතුව ලෙස කීවේ මහින්ද ජාතිවාදියෙක් කියලාය.

‘මහින්ද රාජපක්ෂ ජාතිවාදියෙක්. මම ඔහුගේ කතා කියවලා තියෙනවා. මට ඔහුගේ ඔළුව වෙනස් කරන්න බැහැ…’

මේ ලී ක්වාන් යූ කී අනාවැකියය. ඔහු මේ අනාවැකිය කීවේ මියයෑමට කලින්ය. ඒ අනාවැකිය ඔහු පළ කළේ ඔහු මියයෑමට කලින් දුන් අවසන් මාධ්‍ය සාකච්ඡාවේදීය.

ඔහු කීවා හරිය. රාජපක්ෂලා යටතේ රට දින්නේ නැත. ලංකාවේ වාසනා චක්‍රය රාජපක්ෂලා 2009 ආපස්සට කරකැවීය. යළි මේ වාසනා චක්‍රය කැරකෙන දවස වූයේ රාජපක්ෂලා ගෙදර යවන්න මහජනතාව පාරට බැහැපු මැයි 09යය. එදා රාජපක්ෂ පවුලම ත්‍රිකුණාමලයේ නාවික නිවෙසේ කොටු කළා නම් ලංකාවේ වාසනා චක්‍රය හිමින් හිමින් හෝ කරකැවෙන්න පටන් ගන්න ඉඩ තිබිණි.
ඒත් සියල්ල තත්පරයෙන් වෙනස් විය. වෙනස් වූවා නොව වෙනස් කරනු ලැබීය. 2009 මැයි මාසයේ මෙන් 2022 මැයි මාසයේත් වාසනා චක්‍රය ආපස්සට කැරකුණි. 2009 වාසනා චක්‍රය ආපස්සට කැරකෙව්වේ රාජපක්ෂලා තනියමය. 2022 වාසනා චක්‍රය කරකවන්න රාජපක්ෂලාට හයියක් තිබුණේ නැත. ඒ වෙලාවේ ඒ හයිය දුන්නේ රනිල් වික්‍රමසිංහය.

2019 අගෝස්තු 05 කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ‘ගෝඨා – රනිල් රහස් ගිවිසුම හෙළිවේ’ යන සිරස්තලයෙන් අපූරු පුවතක් පළ විය. එතකොට රනිල් අගමැතිය. ගෝඨා ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද යෝජනා කළා පමණි. මේ ඒ පුවතය.

‘අගමැති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධනගේ මැදිහත්වීමෙන් උපකාර කොට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වයට තියෙන බාධා ඉවත් කිරීමට උදව් කරන බව ගෝඨාභයට දැනුම් දී ඇති බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට දැනගන්න ලැබී ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වජිර අබේවර්ධන ඇමැති යටතට අයත් වන අතරේ ගෝඨාභයට අලුත් ගුවන් ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාදී ඔහුගේ අපේක්ෂකත්වයට තියෙන බාධා ඉවත් කරන ලෙස අගමැති රනිල්, වජිර අබේවර්ධන ඇමැතිවරයාට උපදෙස් දී තිබේ. පැහැදිලිව පේන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය සමග රහස් ගනුදෙනුවක් ඇති බවත්, ජනාධිපතිවරණ ජයග්‍රහණයට පසු රනිල්ගේ ආරක්ෂාව සහ ඔහුට එරෙහි චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට ගෝඨාභය පොරොන්දු වී ඇත. ගෝඨාභය ජනාධිපති වීමෙන් පසුවත් යූ.ඇන්.පී. නායකත්වය තමා යටතේ තබාගැනීමටත් විපක්ෂ නායක ධුරය තමාට ලබාගැනීමටත් රනිල්ට අවශ්‍ය වී ඇති බව පෙනේ…’

රනිල් වික්‍රමසිංහගේ ලේලිය වන ඉෂිනි වික්‍රමසිංහ මෑතකදී පවසා තිබුණේ තම මාමා වූ රනිල්ට 2019 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් වික්‍රමසිංහ පවුල ගෝඨාභය දිනවන්න වැඩ කරන බවය. ගෝඨාභයගේ ජනාධිපතිවරණ කැම්පේන් එක කරන්න සැදී පැහැදී සිටින දෙරණ අධිපති දිලිත් ජයවීර මහබැංකු මංකොල්ලයේ චූදිත අර්ජුන අලෝෂියස්ගේ සමීප මිත්‍රයෙක් වන අතර දිලිත් ජයවීර හරහා රනිල්ටත් වික්‍රමසිංහ පවුලටත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කිසිදු හානියක් නොකරන බව ගෝඨාභය පොරොන්දු වී ඇති බව කලම්බු ටෙලිග්‍රාෆ් අනාවරණ කර තිබේ.

මේ එම වෙබ් අඩවිය හෙළි කරන ඇමැති වජිර අබේවර්ධන, රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන දවසේ මාධ්‍යයට කීවේ එක් මන්ත්‍රී ආසනයක් අතැතිව පර්ලිමේන්තුවට එන රනිල් වැඩි කාලයක් ගතවෙන්න කලින් විපක්ෂ නායක වී අගමැති වෙනවා කියාය.

වජිරට එකක් වැරැදුණි. ඔහු හිතපු විදියට රනිල්ට විපක්ෂ නායක වීමට බැරි විය. හැබැයි රනිල් එක් මන්ත්‍රී ධුරයෙන් අගමැති විය.

‘රාජපක්ෂ පවුල ගෝඨාගේ අපේක්ෂකත්වයට තිබුණු නීතිමය බාධා ඉවත් කළාට රනිල්ට දුන්නු තෑග්ගද මේ…?’

මේ අද ඊයේ නොව බොහොම කාලයක සිට රාජපක්ෂලා රනිල්ට දෙන්න බලාගෙන හිටිය තෑග්ගකි. 2010 ජනාධිපතිවරණයේදී රනිල්, රාජපක්ෂලාගේ වුවමනාවට තමාගේ කකුලෙන් ඇද්දා යැයි ෆොන්සේකා කීවේ වරක් දෙවරක් නොවේ. 2010 මහ ඡන්දයෙන් පසු පාක්ෂිකයන් සජිත්ගේ නායකත්වය ඉල්ලා කැරැලි ගහද්දී රනිල් විපක්ෂ නායක ධුරය අල්ලා ගෙන හිටියේ මහින්ද කොයි වෙලාවේ හෝ තමාව අගමැති කරයි කියලාය. ඒත් මහින්දට ඕනෑ වුණේ ඔහුව විපක්ෂ නායකකමේ තියන්නටය. 2018 කුමන්ත්‍රණයෙන් රනිල්ට අගමැති ධුරය අහිමි වී මහින්ද අගමැති වූ විට රනිල් කීවේ අපි විපක්ෂයට යමු කියලාය. ඊට එරෙහි වූයේ එක්සත් ජාතික පෙරමුණේ අනෙක් පක්ෂ නායකයන්ය. රනිල් බය වූයේ මෛත්‍රි සජිත්ට හෝ කරුට අගමැති ධුරය දෙයි කියලාය. මෛත්‍රි ඒ සඳහා සජිත්ට සහ කරුට ඇවිටිලි කළත් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළහ. ඒ වෙලාවේ ගෝඨාභය රනිල් හමුවෙන්න ආවේය. එතැනදී ඇතිවූ එකඟතාව නම් රනිල්ට ඇරෙන්න සජිත්ට හෝ කරුට අගමැති ධුරය දෙන්න ගියහොත් මහින්ද අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය. මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූයේ රනිල්ට අගමැති ධුරය හිමිවෙන බව සහතික කර ගැනීමෙන් පසුවය. 2020 මහ ඡන්දය පරාජය වී රනිල් ගෙදරට වෙලා සිටියදී රනිල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න යැයි කීවෙ මහින්දය. රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතු යැයි මහින්ද ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශයක්ද දී තිබිණි. එදා රනිල් පාර්ලිමේන්තු එන දිනයේ ‘ඔබ ඇවිත් යන්න එන්න’ යැයි යන සිරස්තලය යටතේ ‘ගුරුදා විග්‍රහය’ මේ ගනුදෙනුව අනාවරණ කළේය.

රාජපක්ෂලාට ඕනෑ වුණේ රනිල්ව ගෙනැවිත් සමගි ජන බලවේගය කඩලා සජිත්ව ඉවර කොට රනිල්ට විපක්ෂ නායක ධුරය අරන් දෙන්නටය. වැඩේ හරි ගියේ නැත. සමගි ජන බලවේගය රනිල් එන්නේ රාජපක්ෂ කොන්ත්‍රාත්තුවකට බව දැන සිටියේය. ඉන් පසු රනිල් කීවේ තමාට අගමැති ධුරය දුන්නොත් සමගි ජන බලවේගය කඩලා සජිත් ඉවර කරලා දෙන්නම් කියලාය. ඒකට රාජපක්ෂවරු එකඟ නොවීය. ඔවුන් ‘බලමු බලමු’ කිය කියා සිටියේය.

ගෝල්ෆේස් ජන අරගලය ආ විට රාජපක්ෂලා බොක්කෙන්ම බය විය. රාජපක්ෂලා ආරක්ෂා වීමට නම් ජනාධිපති ධුරය රාජපක්ෂලා අත තිබිය යුතු බවත්, ඒ සඳහා අගමැති ධුරය කැපකිරීම සුදුසු බවත් රාජපක්ෂ පවුලේ මතය විය. මහින්ද එයට එකඟ වුවත් ප්‍රශ්නය වූයේ මහින්ද ඉවත් වීමෙන් පත් කරන්නේ කවුද කියන එකය. ඒ සඳහා හොඳම මිනිසා රනිල්ය කියන මතය රාජපක්ෂ පවුලම එකාවන්ව පිළිගත්හ. රනිල් අගමැති කිරීමෙන් ඔවුහු අරමුණු කිහිපයක් ඉටු කරගන්න උත්සාහ කළහ.

පළමුවැන්න ගෝල්ෆේස් ජන අරගලය අල කිරීමය. දෙවැන්න සමගි ජන බලවේගය කඩාදමා සජිත්ව ඉවර කිරීමය. තෙවැන්න ජන අරගලය අවසාන කිරීමෙන් පසු රනිල්ගෙන් යළි අගමැති ධුරය රාජපක්ෂ පවුලට හිමිකර ගැනීම හෝ ඉදිරි කාලයේ රටේ ආර්ථික ප්‍රශ්න රනිල්ගේ කරේ ගහලා රාජපක්ෂවරු ‘අපි සුදනෝ’ වී මහ ඡන්දයකට යෑමය.

රාජපක්ෂලා මේවා සැලසුම් කළේ රටම ගිනිගත් මැයි 09ට කලින්ය. මැයි 09 නිසා සැලසුම් ඉක්මන් විය. ගෝඨාභය සජිත්ට අගමැති ධුරය ගන්න කියලා ආරාධනා කළේ බොරුවටය. ඉන් පසු ඔහු ෆොන්සේකාටද අගමැති ධුරය ගන්න ආරාධනා කළේය. කරු ජයසූරියටද ආරාධනා කළේය. මේ බොරු ආරාධනා පත්‍ර යැව්වේ රනිල් එක්ක සාකච්ඡා කරමින්ය. ලංකාවේවත් ලෝක ඉතිහාසයේවත් ඡන්දයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් ආ මන්ත්‍රීවරයෙක් අගමැති වී නැත. ගෝඨාභය, සජිත්ට ෆොන්සේකාට කරුට ආරාධනා කළේ ඡන්දයෙන් පරාජය වූ මන්ත්‍රීවරයෙක් අගමැති කරන ලැජ්ජාව වහගන්නටය. අන්තිමේදී ගෝඨාභය කීවේ සජිත් බැහැ කීව නිසා තමා රනිල් පත්කළා කියාය. ඇත්ත කතාව සජිත්ට කතා කළේ රනිල් පත්කරන තීරණය අරගෙන එය රටත් ලෝකයාත් ඉදිරියේ සාධාරණීකරණය කරන්නටය.

දැන් රනිල්ට භාරදීලා තියෙන වැඩේ රට ගොඩගන්න වැඩේ නොව සමගි ජන බලවේගය කඩලා සජිත් ඉවර කරන වැඩේය. ගෝල්ෆේස් ජන අරගලය අල කරලාම ඉවර කරන වැඩේය. රනිල් ගෝල්ෆේස් අරගලයේ අඩුපාඩු හොයන්න තම මස්සිනා වූ රුවන්වයි, ගෝල්ෆේස් අරගලකරුවන්ට කක්කුස්සි හදන්න කොළඹ පුරපතිනි රෝසි සේනානායකටයි භාර දුන්නේ අරගලය උපහාසයට ලක්කරන්නට මෙන්ය. ඇය පුරපති නිවෙසේ කෝටි ගණනක් වියදම් කොට කක්කුස්සියක් හැදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී තිබේ. රනිල් හැදුවේ ගෝල්ෆේස් සටන්කාමීත්වය මොට කරලා එතැන යොවුන් පුරයක් හදන්නටය.

දැන් ඒ වැඩේට රනිල්ට හරීන් සහ මනුෂද එක්වී තිබේ. පාස්කු බෝම්බ ප්‍රහාරයට ගෝඨාභය සම්බන්ධ යැයි පාර්ලිමේන්තුවේ මුල් වරට හෙළි කළේ හරීන් සහ මනුෂය. ඔවුන් එහෙව් ගෝඨාගෙන් ඇමැති ධුර ගැනීම දෛවයේ සරදමකි. හරීන්, ගෝඨාට බෝම්බ චෝදනාව එල්ල කරලා නවලෝක රෝහලට ගියේ ගෝඨා හරීන්ව රහස් පොලිසියට කැඳවන්න යන කොට එයට බයෙන්ය. ඒ වෙලාවේ නවලෝක රෝහලට හරීන් බලන්න රනිල් ගියේය. වජිර ගියේය. මනුෂත් දුවගෙන ආවේය. ඩීල් එක පටන් ගත්තේ එතැනිනි. එතැන් සිට හරීන් සහ මනුෂ රනිල්ගේ ගුණ වයන්නට පටන් ගත්හ. පාස්කු බෝම්බය ගැන අලුත්ගමගේ ඇමැති එක්ක සජීවී විවාදයට ගිහින් අලුත්ගමගේ කියන ඔක්කොම පිළිගත්තේ අලුත්ගමගේ සහ හරීන් සහ මනුෂ ජයික් හෝලටයේ ඩීල් එකක් දැම්මා යැයි වෙබ් අඩවි වාර්තා කරද්දීය.

ලංකාවේ ගම්වල ළමයින්ගේ සෙල්ලම් සින්දුවක් තිබේ. එම සින්දුව ප්‍රකට ‘එළුවන් කන්නයි මං ආවේ…’ යන නමින්ය. එළුවා සේ ආරක්ෂා කරන මිතුරාව දම්වැල් සේ අත්වලින් ආරක්ෂා කරගනිමින් එළුවා කන්න එන හතුරාට පනින්න ඉඩ නොදීම සෙල්ලමේ සිරිතය. රනිල්ටත් මතක් කළ යුත්තේ ඒ සින්දුවමය.

‘අරගලය කන්නයි මං ආවේ
රාජපක්ෂ බෙටි කාපන් තුන්තීරේ…’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අරලියගහ කුමන්ත්‍රණය ඉවරයි! මෙන්න අලුත්ම කුමන්ත්‍රණ සැලැස්ම! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.