කොළඹ නගරාසන්න ඉන්ධන පෝලිමක දැඩි උණුසුම්කාරී තත්ත්වයක් අද පස්වරුවේ හටගත්තා.
භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හලක් අසල රැඳී සිටි ජනතාව එලෙස වත්මන් රජයට තම විරෝධය පළකළේ රටේ උද්ගතව ඇති අර්බුදය විසඳාගැනීමට බලධාරීන්ට නොහැකි වීම හේතුවෙන්.
රාජපක්ෂවරුන් ආරක්ෂා කරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි බව සඳහන් කළ ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට සිය අප්‍රසාදය පළකරමින් අදහස් පළ කළේ මෙලෙසින්.










