ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටින මිනිසුන් පිරවුම්හල් ඉදිරිපිට මේ දිනවල දැකගත හැකියි.
එදිනෙදා රැකියාවක නිරත වන්නට, වාහනයට ඉන්ධල ලබාගැනීම සඳහා ඔවුන් දරන්නේ දරන්නේ දැඩි වෙහෙසක්.
අලුයම තුනට පමණ පෝලිමට පැමිණි පුද්ගලයන්ද මේ පොලිම්වල රැඳී සිටින්නේ සුන් වූ බලාපොරොත්තු ඇතිව.
එවන් තත්ත්වයක් තුළ නාවින්න ඉන්ධන පිරවුම් හල අසල පෝලිමේ රැඳී සිටි ජනතාව අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් අද උද්ගත වුණේ ඉන්ධන ලබාදීමේදී ඇතිවූ ගැටලුවක් හේතුවෙන්.
පොලිසිය මැදිහත්ව එම තත්ත්වය සමනය කිරීමට කටයුතු කළද එම ජනතාව තම විරෝධය පළකරමින් මෙලෙස අදහස් දක්වා සිටියා.










