• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 14, 2022
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2005 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය මහින්ද රාජපක්ෂට ජනාධිපති අපේක්ෂක ධුරය දෙන්න තීරණය කළ විට රනිල් දකුණට ගිහින් අපූරු කතාවක් කීවේය.

‘මහින්ද මගේ ඥාතියෙක්…’

රනිල් කිව්ව මේ කතාවට හැමෝගෙම ඇස් උඩ ගියේය.

‘මේ කතාව ඇත්තක්ද…?’

මාධ්‍යවේදියෙක් රනිල්ගෙන් ඇසුවේය.

‘ගිහින් අහන්න සෑම් විජේසිංහගෙන්…’

රනිල් උත්තර දුන්නේ උපහාසාත්මක සිනහවකිනි. මාධ්‍යවේදියා සෑම්ගේ නිවෙසට ගියේය. සෑම් රනිල්ගේ කතාව හරි යැයි කීවේය. සෑම් ගැටමාන්නේය. රාජපක්ෂලාත් ගැටමාන්නේය. මේ සෑම් විජේසිංහ ඒ මාධ්‍යවේදියාට රනිල්ගේ සහ මහින්දගේ ඥාතිත්වය හෙළිදරව් කළ ආකාරයය.

‘මහින්දගේ තාත්තාගේ සහෝදරයා ඩී.එම්. රාජපක්ෂ විවාහ වුණේ වීරතුංග පවුලෙන්. වීරතුංග පවුලේ අයෙක් ජේ.ආර්.ගේ සහෝදරියක් විවාහ කරගත්තා. රනිල්, ජේ.ආර්.ගේ බෑණා. රාජපක්ෂලා, ජයවර්ධන, වික්‍රමසිංහ, විජයවර්ධනලාට ඥාති වෙන්නේ ඔහොමයි…’

මේ සෑම් කී කතාවය. සෑම් විවාහ වුණේ රනිල්ගේ පියාගේ සහෝදරියක් වූ මුක්තා සමගය.

‘ඒකද රාජපක්ෂලා රනිල්වත්, රනිල් රාජපක්ෂලාවත් මෙච්චර විශ්වාස කරන්නේ…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මහින්ද අගමැති ධුරය අතහැර යද්දී පොදුජන පෙරමුණෙන්වත් අගමැතිවරයෙක් පත් කරන්න රාජපක්ෂලා බය විය. සජිත්ට දෙන්නත් බය විය. ශ්‍රීලනිපයට දෙන්නත් බය විය. හේතුව ආපහු ආණ්ඩුව ගන්න බැරි වෙයි කියන බයය. රනිල්ට අගමැති ධුරය දුන්නේ ඥාතිත්වය සහ විශ්වාසය සලකාය. ගෝල්ෆේස් අරගලය නිවුණාම යළි අගමැති ධුරය රනිල්ගෙන් ගන්න පුළුවන් බව දැනගෙනය. රාජපක්ෂ පවුල යළි නැගිටින තෙක් රනිල් අගමැති ධුරය සහ ආණ්ඩුව ආරක්ෂා කරගනියි කියලා හිතලාය.

රනිල් සහ රාජපක්ෂලා අතර ලේ ඥාතිත්වය කොහොම වෙතත් දේශපාලන ඥාතිත්වයක් තිබේ. ඒ මිනිස්සු යන්න කිව්වත් නෑසුණා වගේ එල්ලිලා ඉඳීමේ දේශපාලන නහරය දෙගොල්ලන්ටම ජන්මයෙන් ලැබීමය.

1994 චන්ද්‍රිකා ජනාධිපති වීමෙන් පසු පැවැති 1997 පළාත් පාලන ඡන්දය සහ 1999 පළාත් සභා ඡන්ද යූ.ඇන්.පී.ය පරාජයට පත්විය. එම පරාජයට පසු රනිල් යූ.ඇන්.පී. නායකත්වයෙන් ඉවත් වෙන්න යැයි යූ.ඇන්.පී.යේ ජ්‍යෙෂ්ඨ නායකයන් වූ විජයපාල මෙන්ඩිස්, නන්ද මැතිව්, සුසිල් මුණසිංහ කැරැලි ගැසීය. ඒ රනිල්ට එරෙහි යූ.ඇන්.පී.යේ පළමු කැරැල්ලය. ඒත් රනිල් තමා පරාජය වූයේ ජාතික මැතිවරණයකින් නොවන බව කියා තමා ඉවත් වෙන්නේ නැතැයි කීවේය.

රනිල් 1999 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂක විය. ඔහු 1999 ජනාධිපතිවරණයත්, 2000 මහ ඡන්දයත් දෙකම පරාජයට පත්විය. එවිට ඔහුට එරෙහිව කැරැලි ගැසුවේ පක්ෂ මහලේකම් ගාමිණී අතුකෝරාල සහ පක්ෂ සභාපති කරු ජසයූරියය. රනිල් ඒ කැරැල්ලට බය විය. හේතුව පක්ෂ ලේකම් කළ ගාමිණී සහ සභාපති කළ කරු ඔහුට එරෙහිව කැරැලි ගැසීමය. ඔහු කැරැල්ල ජය ගන්න කරුව නියෝජ්‍ය නායක කළේය. ගාමිණීව උපනායක කළේය.

ආපහු රනිල්ට එරෙහිව කැරැල්ලක් එන්නේ රනිල් 2005 ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුවය. ඒ කැරැල්ලට 2001 රනිල්ගේ ආණ්ඩුවක් හදන්නේ ශ්‍රීලනිපයේ සිට යූ.ඇන්.පී.යට ආ ජී.එල්. පීරිස්, හිරේ සිටි එස්.බී. මෙන්ම රනිල්ගේ සමීපතමයකු වූ මිලින්ද මොරගොඩද විය. රාජිත සේනාරත්නද ඒ අතර විය. රනිල්ට ඒ කැරැල්ල මර්දනය කරගන්න අපහසු විය. එවක ජනාධිපති මහින්ද රනිල්ට ඒ කැරැල්ල මර්දනය කරලා දුන්නේ කරු ඇතුළු කැරැලි කණ්ඩායම ආණ්ඩුවට එකතු කරගනිමිනි.

ඔවුන් පිටත් වීමෙන් පසු රනිල් කරුට දී තිබුණේ නියෝජ්‍ය නායකකම, එස්.බී.ට දී තිබූ ජාතික සංවිධායකකම, උපනායක තනතුරු සියල්ල අහෝසි කොට පක්ෂයට ඉන්නේ එක නායකයා යැයි කීවේය.

2008 සහ 2009 පළාත් සභා ඡන්ද පිට පිට පරදිද්දී රනිල්ට එරෙහිව යළි කැරැල්ලක් ආවේය. ඒ කැරැල්ල ගැහුවේ රනිල්ව කැරැලිවලින් බේරාගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ය. රනිල් කැරැල්ල මර්දනය කරන්න 2010 ජනාධිපතිවරණයට ෆොන්සේකාව ගෙන ආවේ තමා පක්ෂයට අලුත් මුහුණක් ගෙන ආවා කියමින්ය.

2010 ජනාධිපතිවරණයට පසු ෆොන්සේකා රනිල්ට එරෙහිව කැරැල්ලක් ගැහුවේ 2010 ජනාධිපතිවරණයේදී රනිල් ඔහුව පරාජය කරන්න කුමන්ත්‍රණ කළාය කියමින්ය. ෆොන්සේකා රනිල්ගෙන් වෙන් විය.

2010 මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී.ය අන්ත පරාජයට පත්වීමෙන් පසු සජිත් කරු එක්ක රනිල්ට එරෙහිව කැරැල්ලක් ගැහුවේය. රනිල් ඒ කැරැල්ල ජයගත්තේ සජිත්ට සහ කරුට සම නියෝජ්‍ය නායක ධුර දීලාය. ඒත් කැරැල්ල අවසන් නොවීය.

2011 පළාත් පාලන ඡන්දය 2012, 2013 පළාත් සභා ඡන්ද යූ.ඇන්.පී.ය හොම්බෙන් යන්න පරදිද්දී රනිල්ට එරෙහි විරෝධය පක්ෂය තුළ දැඩි විය.

වරක් රනිල් එළවන්න මාතර සිට පෙළපාළියක් ආවේය. විහාරමහා දේවි උiානයේ සිට සිරිකොතට පෙළපාළියක් එද්දී මහින්දගේ ආණ්ඩුව කාපට් කරන්න පාර වහලා එය නතර කළේය. ඉන් පසු සජිත්ගේ සහ කරුගේ ආධාරකරුවන් සිරිකොතට ගල් ගැහුවේය. රනිල්ට නායකත්වයෙන් ඉවත් වෙන්න යැයි අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරද්දී රනිල් කීවේ මහානාහිමිවරු සිරස අධිපති මහරාජාගේ කොන්ත්‍රාත් කරනවා කියාය. ඒත් රනිල්ට බේරෙන්න අමාරු විය. ඔහු නායකත්ව මණ්ඩලයක් පත්කොට එහි සභාපති ධුරය කරුට දුන්නේය.

2015 රනිල් අගමැති වී 2018 පුංචි ඡන්දය අන්ත පරාජයකට පත්වීමෙන් පසුත් රනිල්ට එරෙහි කැරැල්ලක් පැනනැඟුණි. රනිල් අගමැති බලය පාවිච්චි කොට එයද මර්දනය කළේය. 2019 ජනාධිපතිවරණ පරාජයට පසු රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට පක්ෂයම හඬ නැඟීය. රනිල් ඉවත් නොවීය. පක්ෂයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනකු හැර සියල්ලන්ම යූ.ඇන්.පී.ය හැර ගොස් සජිත් සමග සමගි ජන බලවෙගය නමින් පක්ෂයක් හදාගත්හ.

2020 මහ ඡන්දයෙන් රනිල්ට අසුනක් අහිමිවී පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබිණි. යූ.ඇන්.පී.ය පස්වැනි තැනට වැටිණි. ඉන් පසු රනිල් එක්ක සිටි රවී, නවීන්, අර්ජුන ඇතුළු හිටපු මන්ත්‍රී පිරිසක් රනිල්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න බලකරමින් කැරැල්ලක් ගැසීය. ඒත් රනිල් ඉවත් වූයේ නැත. නායකත්වයෙන් ඉවත් වෙන්න කියා පාක්ෂිකයන් වූ මිනිස්සු කැරැලි ගහපු පළමුවැනි නායකයා රනිල්ය.

‘දෙවැනියා කවුද?’

දෙවැනියා ගෝඨාභය රාජපක්ෂය. එදා රනිල්ට කැරැලි ගැහුවේ යූ.ඇන්.පී.කාරයන්ය. අද ගෝඨාට එරෙහිව කැරැලි ගහන්නේ මහජනතාවය. ගෝඨාත්, රනිල් මෙන් මේ කැරැල්ල මර්දනය කරන්න බොහෝ දේ කරයි. පළමුව කළේ රාජපක්ෂලා සිටි කැබිනෙට්ටුව අහෝසි කිරීමය. ඉන් පසු මහින්දගේ නායකත්වයෙන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමය. ඉන් පසු කැරැල්ල තව දරුණු වූ විට මහින්දව අගමැති ධුරයෙන් ඉවත් කොට කැරැලිකරුවන්ට පහරදී බය කරන්න රාජපක්ෂ පවුලම උත්සාහ ගත්හ. එයද සාර්ථක නොවීය. මහින්ද ඉවත් විය. ඒත් කැරැල්ල එසේමය. ප්‍රතිඵලය මැති ඇමැති නිවාස 50කට වැඩි ගණනක් ගිනිබත් වීමය.

ඒත් ගෝඨා පාවිච්චි කරන්නේ රනිල්ගේ උපක්‍රමයමය. පසුගිය බදාදා ඔහු රනිල්ට එන්න කියා රනිල්ව අගමැති කොට කැරැල්ල මර්දනය කරන්න පුළුවන්ද බැලුවේය. එදිනම රෑ ෆොන්සේකාව ගෙන්වා කැරැල්ල මර්දනය කරන්න බැලුවේය. ඔහු ෆොන්සේකාට අගමැති ධුරය භාරගන්න කී විට ෆොන්සේකා එකහෙළා එය ප්‍රතික්ෂේප කළේය. තවත් විටෙක ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුට අගමැතිකම දෙන්න උත්සාහ කළේය. ගෝඨා මේ ගහන්නේ රනිල් යූ.ඇන්.පී.යේ නායකත්වයේ ඉන්න ගහපු ගේමමය. අන්තිමට මහ සද්දන්ත අලියෙක් වුණු යූ.ඇන්.පී.ය කුක්කෙක් බවට පත්වන තෙක් රනිල් ගේම් ගැහුවේය. අද ගෝඨා කරන්නේත් පෙරදිග මුතු ඇටය ලෙස නම් දරපු ලංකාව පෙරදිග කඳුළු බින්දුව බවට පත්වන තෙක් ජනාධිපති පුටුව අල්ලා ගෙන සිටීමය.

‘ගෝඨා ගෝ හෝම්’

මේ වචන ටිකෙන් කියන්නේ ගෝඨාට ගෙදර යන්න කියාය. ගෝඨා කියන්නේ මම වෙනුවට රාජපක්ෂලා ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව ගෙදර යවන්නම් කියලාය. රනිල් සෙල්ලම් කළේ පක්ෂයත් එක්කය. පක්ෂ නැති වුණාම තව පක්ෂ හදන්න පුළුවන්ය. ඒත් රටක් නැති වුණාම රටක් හදන්න බැරිය.

ගෝඨාභය සේම රාජපක්ෂලාත් ඒ බව දැන දැනම රනිල්ව අගමැති කළේ ලංකාව පුරාම මිනිස්සු ගම් හැදුවත් බලය අතනොහරින්නටය. එහෙම බලනකොට සෑම් විජේසිංහ කී ලේ ඥාතිකමට වඩා මේ ඥාතිකම රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා එකතු කර ඇති බව පෙනේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහා ජන සභාවක් 21 කොළඹදී! හිමිවරු දහස් ගණනක් සමග පියතුමන්ලාත් එක්වෙයි! ජනාධිපතිට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන්නත් සූදානම්! EXCLUSIVE

Next Post

ගන්න ඩොලර් නෑ! ලංකාවට ආ ගෑස් නැවක් සතියක් තිස්සේ මුහුදේ!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.