• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යළි ඉපදේ… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 7, 2019
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 1 min read
A A
යළි ඉපදේ… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

බුදු බණට අනුව යමකුගේ පුනරුත්පත්තිය තීරණය වන්නේ ඔහු හෝ ඇය ඉහත ආත්මයේ කළ කුසල් අකුසල් අනුවය. මේ බුදු බණට අනුව මේ දවස්වල මිනිසුන් කතාබහ කරන්නේ මෛත්‍රිපාලගේ දේශපාලන පුනරුත්පත්තිය සිදුවන්නේ කොහේද, කොහොමද, කොතැනද කියන එක ගැනය. මෛත්‍රි පසුගියදා පොළොන්නරුවේදී කීවේ තමා දේශපාලනයේ යළි ඉපදෙන බවය. මෛත්‍රි හිතන්නේ මෛත්‍රිගේ පෙර ආත්මය ජනාධිපති ධුරය දරපු කාලයයි කියාය. බුදු දහමට අනුව කියවන්න ඕන මෛත්‍රී ජනාධිපති ධුරය දරපු කාලයේ කළ කුසල් අකුසල් නැතහොත් පින් පව් මොනවාද කියාය. ඒ අනුව මෛත්‍රිගේ යළි ඉපදීම විග්‍රහ කළ හැකිය.
ජනාධිපති ආත්මය දන්නේ වෙන කවුරුවත් නොව 1994 සිට 2015 තෙක් වසර 27ක් දහදුක් විඳි අහිංසක යූ.ඇන්.පී.කාරයන්ය. යූ.ඇන්.පී.කාරයන්ගේ ඡන්දයෙන් මෛත්‍රි ඒ ආත්මය ලබාගත්තේ රනිල් වික්‍රමසිංහට පින් සිදුවන්නටය.ඒ වෙලාවේ ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.යෙන් නම් දෙකක් ඉදිරිපත් වී තිබිණි. එක් නමක් යූ.ඇන්.පී. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරියය. අනෙකා යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. මේ වෙන කොටත් මේ දෙදෙනාගෙන් එක් අයෙක් පොදු අපේක්‍ෂකයා කරන්න සෝභිත හිමි රට පුරා නිදහස් සහ සාධාරණ සමාජයක් සඳහා වූ මහජන ව්‍යාපාරයක් ආරම්භ කොට තිබිණි. එම ව්‍යාපාරයේ තේරීම වූයේ කරු ජයසූරියය. එයට මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරු ඇතුළු රටේ පිළිගත් සංඝ නායකයන්ගේ ආශීර්වාදය ලැබී තිබිණි. සෝභිත හිමියන්ගේ තේරීම බකල් කළේ චන්ද්‍රිකා සහ රනිල්ය. චන්ද්‍රිකා කීවේ කරු ආවොත් රාජපක්‍ෂ විරෝධී ශ්‍රීලනිප මැති ඇමැතිවරු පොදු අපේක්‍ෂකයාට සහාය පළකරන්න එන එක් නැතැයි කියාය. කරුට අපේක්‍ෂකත්වය දුන්නොත් තමාට නායකත්වය අහිමි වේ යැයි රනිල් බය විය. ඒ නිසා රනිල් කීවේ පොදු අපේක්‍ෂකයා යූ.ඇන්.පී.යෙන් තෝරා නොගත යුතු බවය. මෛත්‍රිගේ අපේක්‍ෂකත්වයට යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර චන්ද්‍රිකා මෛත්‍රිව ආණ්ඩුවෙන් එළියට ගෙන පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මෛත්‍රි යූ.ඇන්.පී.යේ සහාය ලබන පොදු අපේක්‍ෂකයා යැයි රටටම කීවාය. රනිල් පක්‍ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්කර එයට අනුමැතිය ගත්තේ ඉන්පසුවය. සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එයට විරෝධය පළකළත් රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය දිනාගන්න සමත් විය. මේ වෙන කොට ෆොන්සේකා මෛත්‍රිපාලගේ අපේක්‍ෂකත්වයට එරෙහිව සිටි අතර, චන්ද්‍රිකා සහ රනිල් ඔහුවත් කැමැති කරගත්හ. රනිල් සහ චන්ද්‍රිකා සෝභිත හිමියන්ව මෛත්‍රිට කැමැති කරවා ගන්න යොදා ගත්තේ කරුවය. සෝභිත හිමි මෛත්‍රිගේ අපේක්‍ෂකත්වය පිළිගත්තේ අකැමැත්තෙනි.
මෛත්‍රි ජනාධිපති විය. ජනාධිපති වූ විගස මෛත්‍රි එවකට කතානායක චමල් රාජපක්‍ෂගේ නිවෙසේ මහින්දව හමුවිය. ඒ හමුවේදී රාජපක්‍ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට මෛත්‍රී එකඟ වූ බවත්, ඒ අනුව මෛත්‍රීට ශ්‍රීලනිප නායකත්වය දෙන්න මහින්ද එකඟ වූ බවත් චම්පික රණවක සිය මුහුණ පොතෙහි සඳහන් කොට ඇත. එතැන් සිට මෛත්‍රිට ඕනෑ වුණේ ශ්‍රිලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානය තමන් වටා එක් කරගෙන 2020 සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා වෙන්නටය. ඒ සඳහා මෛත්‍රි පළමුව ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර පිරිනැමීය. සෝභිත හිමියන් මෛත්‍රීගේ ඒ තීරණය දැඩි ලෙස විවේචනය කළේය. ඒත් මෛත්‍රි කීවේ ආණ්ඩුව ගෙනයන්න යූ.ඇන්.පී.යට බහුතර බලයක් නැති නිසා ශ්‍රිලනිපය ආණ්ඩුවට එක්කර ගතයුතු බවය. ජනාධිපතිවරණයේදී මෛත්‍රි එකඟවූ ආකාරයට දින 100යේ ආණ්ඩුව විසුරුවා හරිනවා නම් අද ගෝඨාභය ආණ්ඩුව ගෙනියනවා සේ ආණ්ඩුව ගෙන යන්න මෛත්‍රිට හැකියාව තිබිණි. මෛත්‍රිට ඕනෙ වුණේ දින 100න් මහ මැතිවරණය පවත්වා යූ.ඇන්.පී.යට අති විශාල බහුතර බලයක් ගන්න ඉඩ නොදී ආණ්ඩුව පිළුණු කොට ශ්‍රිලනිප මැති ඇමැතිවරුන් ආණ්ඩුවට එක්කොට ආණ්ඩුව අප්‍රසාදයට පත්කොට මහ මැතිවරණයේදී යූ.ඇන්.පී.යට බහුතර බලයක් නොලැබෙන තැනට ගැටේ ගැසීමය. එමෙන්ම ඔහුට 2020 ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න රාජපක්‍ෂවරු අතරෙන් ගෝඨාභය රාජපක්‍ෂගේ සහාය දිනාගත යුතු යැයි ඔහුගේ උපදේශකයෝ ඔහුට උපදෙස් දුන්හ. ගෝඨාභයට එරෙහිව නඩු දමා ගෝඨාභය බය කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දෙනු ලැබීය. මෛත්‍රිගේ සමීපතම උපදේශකයෙක් වූ පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට නම් කළ මලිත් ජයතිලක ‘මා දුටු 2015 විප්ලවය’ නම් වූ පොතේ සඳහන් කොට ඇත්තේ ඔහු සහ මෛත්‍රිගේ තවත් සමීපතම උපදේශකවරයෙක් වූ ශිරාල් ලක්තිලක හොර රහසේම මෛත්‍රිව මුණගස්වන්න ගෝඨාභයව වෙනත් අයකුගේ වාහනයකින් පැජට් පාරේ නිවෙසට ගෙන්වා ගත් ආකාරයය. ඉන්පසු ඔහු සහ ශිරාල් ගෝඨාභය සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවත් එහි සඳහන් වේ. මෛත්‍රි මහින්දට නාමයෝජනා දෙන්න එකඟ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. මේ වන විට ගෝඨාව අත්අඩංගුවට ගත නොහැකි සේ අධිකරණය නියෝගයක් දෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ 21-05-2015 පාර්ලිමේන්තුවේදී මෙම නියෝගය දැඩි ලෙස විවේචනය කරන්නේ මෙරට විනිසුරුවන් පක්ෂග්‍රාහී බවත්, මෙම නියෝගය ගැන සොයා බලන්න පොදුරාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවන්ට භාරදිය යුතු යැයි කියමින්ය. ඒත් මෛත්‍රි කියන්නේ තමන් අධිකරණ නිදහස තහවුරු කර ඇති නිසා අධිකරණය දෙන ඕනෑම නියෝගයක් තමන් පිළිගන්නා බවය. මෙලෙසම රනිල් රාජපක්ෂලාට කඬේ යනවා යැයි මාධ්‍යයට පහර ගහද්දී මෛත්‍රි කියන්නේ තමන් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවය.
මෛත්‍රිට තමාගේ දේශපාලනය න්‍යායපත්‍රයට හානියක් නොවන ආකාරයට නඩු තීන්දු දෙන තාක් අධිකරණය හොඳ විය. ඒත් 2018 කුමන්ත්‍රණයට එරෙහිව නඩු තීන්දු දෙන්න ගත් විට ඔහු විනිසුරුවන් දැඩි ලෙස විවේචනය කළේය. ඔහු මාධ්‍ය නිදහස ආරක්ෂා කළේ මාධ්‍ය ඔහුට පහර නොදී රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුවට පහර දුන් නිසාය. මාධ්‍යයද මෛත්‍රි සහ රනිල් හප්පවා රාජපක්ෂලා බලයට ගෙන එන්න මෛත්‍රිව මුරුංගා අත්තේ තබා රනිල්ටත් ආණ්ඩුවටත් දුවන තෙක් ගැසූහ. රනිල්ගේ තේරීමක් වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඇවන්ගාඞ් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභයව උසාවි කූඩුවට නග්ගපු විට මෛත්‍රිට යකා නැග කෑමොර දී වහාම දිල්රුක්ෂිට අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉවත් වෙන්න යැයි නියෝග කළේය. මෛත්‍රි මේ හැම දෙයක්ම කළේ 2019 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක වී ගෝඨාභයව අගමැති අපේක්ෂක කරගන්නටය. ඒත් මහින්ද, බැසිල් සහ ගෝඨාභය කතා කරගෙන තමන්ට මේ දෙන්නේ හොඳ දිරච්ච ලණුවක් බව මෛත්‍රිට හෝ ඔවුන්ගේ උපදේශකයන්ට දැනුණේ නැත. කාපු ලණුවේ දිග මෛත්‍රිට තේරුණේ බැසිල් පක්ෂයක් හදා 2018 පුංචි ඡන්දයෙන් රටම අල්ලාගත් විටදීය. ඉන්පසු මෛත්‍රි බැලුවේ ගෝඨාව අමතක කොට මහින්දට අගමැති ධුරය දී අපේක්ෂකයා වෙන්නටය. ඒ වැඬේ හරි ගියේ නැත. මෛත්‍රිට තරු වීසිවුණේ මහින්ද සහ බැසිල් එක්වී ගෝඨාභයව ජනාධිපති අපේක්ෂකයා කළ විටදීය. තමන් ලණු ඉල්ලාගෙනම කෑ බව තේරුම් ගත් මෛත්‍රි සජිත්ව ජනාධිපති අපේක්ෂක කොට සජිත්ගේ ආණ්ඩුවේ අගමැති ධුරය ගන්න ගේමක් ගැහුවේය. මේ ගේමට සජිත්ව කරළියට ගෙන ආ මංගල ඇතුළු යූ.ඇන්.පී. ප්‍රබලයන් හැමෝම හසුවිය.
මෛත්‍රි යූ.ඇන්.පී.ය කැලැත්තුවේ මුදල් ඇමැති ධුරයෙන්ය. රවි මුදල් ඇමැති කාලයේ ගෙවල් හදන්න සජිත්ට යහමින් මුදල් දුන්නේ නැත. රවිට මුදල් ඇමැති ධුරය දුන්නට යූ.ඇන්.පී.යේ ආර්ථික ඔස්තාර්ලා ලෙස නම්දරා සිටි හර්ෂ සහ එරාන්ද විරුද්ධ විය. මංගල විදේශ ඇමැති ලෙස වැඩ කරද්දී මෛත්‍රි මංගලව රිස්සුවේ නැත. ඒ නිසා ඔහු හැම විටම කීවේ එරාන් හෝ හර්ෂ මුදල් ඇමැති විය යුතු යැයි කියාය. රවි, හර්ෂ සහ එරාන් අතර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප පොරයක් තිබිණි. ඒ වගේම හර්ෂ සහ එරාන් රනිල් ආර්ථිකය පිළිබඳව තමන්ගෙන් උපදෙස් නොගෙන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් උපදෙස් ගැනීම මේ දෙදෙනා රිස්සුවේ නැත. ඔවුන් රවිට සහ අර්ජුන්ට එරෙහිව මෛත්‍රි සමඟ සන්ධානයක් ගසාගෙන තිබිණි. බැඳුම්කර වංචාව පළමු වරට ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත හරහා රටට හෙළිදරව් කළේ හර්ෂය. බැඳුම්කර කොමිසමේ තිරය පිටුපස නිර්මාතෘවරුන් හර්ෂ සහ එරාන්ය. ඔවුන් කොමිසමෙන් රවි සහ අර්ජුණ යන දෙදෙනාටම එකවර ගසනු ලැබීය. මෛත්‍රි මංගලට අකැමැති වුවත් මංගල මුදල් ඇමැතිකොට කුමාරස්වාමි මහබැංකු අධිපති කොට ආණ්ඩුවේ ආර්ථික මර්මස්ථානවල බලය අතට ගන්න චන්ද්‍රිකාට ඕනෑ විය. එරාන් සහ හර්ෂ එහි අගසව්වන් වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. අන්තිමේදී මුදල් ඇමැති ධුරය ගෙන යන්නේ මංගල නොව එරාන්ය. සජිත්ට එපා නොකියන්න ගෙවල් හදන්න මුදල් ලැබිණි. ඒ මෛත්‍රිගේ ආශාවය. ඒත් 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය වන විට මංගල හිටියේ මෛත්‍රි සමඟ බද්ධ වෛරයෙන්ය. හේතුව මාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් මංගල සහ මෛත්‍රිත් මෛත්‍රිගේ දුවත් අතර වූ ප්‍රශ්නයකි. මේ වනකොට මංගල හිටියේ මෛත්‍රිව ඉවත්කොට රනිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හැදිය යුතුය යන ස්ථාවරයේය. මෛත්‍රි මහින්දට අගමැති ධුරය දුන්නේ මේ අතරමැදය. ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු රනිල් මුදල් ඇමැති ධුරය තමා යටතේ තබාගැනීමටත් ඇමැති ධුරයෙන් ඉවත් කළ රවිට යළි ඇමැති ධුරයක් දීමටත් තීරණය කළේය. මෙයින් හර්ෂ සහ එරාන් කෝපයට පත්විය. මංගලට මුදල් ඇමැති ධුරය දෙන්න තමන් සූදානම් යැයි මෛත්‍රි සජිත්, එරාන් සහ හර්ෂ හරහාත්, මංගලගේ හිතවතුන් හරහාත් මංගලට පණිවුඩ යවනු ලැබීය. මෛත්‍රි තමාව ඉවත් කරන්න හදන මංගලලා හීලෑ කරගෙන මංගලලා සහ රනිල් හප්පන්න වැඬේ කළේය. සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කරන්න යැයි මෛත්‍රි මංගලලාට ලණු දෙන්න පටන් ගත්තේ ඉන් පසුවය. ජනාධිපතිවරණය ජය ගන්න නම් ආණ්ඩුවේ සහ පාස්කු බෝම්බයේ පව් මෛත්‍රි පිට කපා මෛත්‍රිටයි රාජපක්ෂලාටයි එකට තියා ගහන කැම්පේන් එකක් කළයුතු වුවත් මෛත්‍රි සජිත්ගේත් කණ්ඩායමේ පමණක් නොව රනිල්ගේ කණ්ඩායමේත් කටවල්වල ප්ලාස්ටර් ඇලෙව්වේ තමන් අවසන් මොහොතේ ප්‍රාතිහාර්යයක් කොට සජිත් දිනවන බව කියමිනි. මංගලත් එසේ සිතා මෛත්‍රිට විශ්‍රාම ගත් පසු පැකේජයක් දෙනු ලැබීය. මෛත්‍රි තමන්ව අන්දවා ඇති බව හැමෝටම තේරුම් ගියේ ඡන්දයට පෙර දවස් දෙක තුනෙහිය.
ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු රට ආණ්ඩු කරන්න නොගොස් මෛත්‍රිව ඉවත් කරන්න මරාගෙන මැරෙන සටනක් කළා නම් අද කවුරු හෝ වේවා ජනාධිපති පත්වන්නේ යූ.ඇන්.පී.යෙන්ය. 1956 යූ.ඇන්.පී. ආණ්ඩුව විනාශ වූයේ අගමැති පොරය නිසාය. 2019 යූ.ඇන්.පී. ආණ්ඩුව විනාශ වුණේ මුදල් ඇමැති පොරය නිසාය. රාජපක්ෂලා ජනාධිපති අපේක්ෂක ලණුව ගිල්ලලා මෛත්‍රිව විනාශ කළහ. මෛත්‍රි මුදල් ඇමැති ලණුව ගිල්ලලා යූ.ඇන්.පී.ය විනාශ කළේය. මෛත්‍රි ඔහුට යූ.ඇන්.පී.යේ අපේක්ෂකත්වය අරන් දුන් රනිල්ව අගමැති අගමැති ධුරයෙන් නෙරපීය. ඔහුව අපේක්ෂත්වයට යෝජනා කළ චන්ද්‍රිකාව ශ්‍රීලනිපයෙන් නෙරපීය. ඔහුට සහාය දුන් ෆොන්සේකාට ඇමැති ධුරයක්වත් දුන්නේ නැත. ඔහුව ජනාධිපති කළ යූ.ඇන්.පී.ය පාවලා දුන්නේය.
දැන් මෛත්‍රි යළි උපදින්න සිහින මවමින් සිටී. මෛත්‍රි 2015 ඉපදුණේ සමනල්ලු එක්කය. මේ පාර ඉපදෙන්න යන්නේ දෙබරු එක්කය. මෛත්‍රිගේ අවසානය ගැන මේ ලියුම්කරු 21.07.2019 දී ලිපියක් ලීවේ 2020 ජනාධිපති වෙන්නේ මෛත්‍රිටත්, ඔහුගේ උපදේශකයන්ටත් දුවන්න ගහන අයෙක් කියාය. මේ එම ලිපියේ අවසාන පරිච්ඡේදයය. “ජනාධිපතිවරණයට ඇවිත් දින්නා නම් මහින්දටවත් රාජපක්ෂලාටවත් මයිලක හානියක් වන්නේ නැත. හැබැයි දෛවය යළි හිතපු නැති විදිහට කැරකුණේය. මහින්දලාට ගහන්න මහින්දගේ පක්ෂ ලේකම් ජනාධිපති විය. මෛත්‍රි මහින්දලාටත් මහින්දවාදීන්ටත් පන්න පන්නා ගැහුවේ ඉතිහාසයේ කිසිදු නායකයකු තම හතුරන්ට නොගහපු ලෙසය. හිරේ දැමීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. පසුව මෛත්‍රි රනිල්ටත් යූ.ඇන්.පී.යේ රනිල්වාදීන්ටත් ගැහුවේ ඊටත් වඩා හයියෙන්ය. ඔහු යූ.ඇන්.පී.යේ රනිල්ලාට ගැහුවේ සජිත්ව බේරලාය. ඔහුට අවශ්‍ය සජිත්ව ජනාධිපතිකොට තමාගේ දේශපාලන පව් බේරාගන්නටය.
ඒත් දෛවය වෙනස් කරන්න කාටවත් බැරිය. 2020 එන ජනාධිපති වෙන කවුරුවත් නොව මෛත්‍රිට පාඩම් උගන්වන නායකයෙකි. පොතේ හැටියට මෛත්‍රි හිතවාදියෙක්ට, මෛත්‍රිගේ උපදේශකයන් ආරක්ෂා කරන, මහරාජලා ආරක්ෂා කරන නායකයෙක්ට 2020 ජනාධිපති වෙන්න බැරිය. යූ.ඇන්.පී.යෙන් හෝ පොදුජන පෙරමුණින් එන්න ඕනෑ මෛත්‍රිටත්, මෛත්‍රිට උපදෙස් දුන් උපදේශකයන්ටත්, මහරාජාගේ මාධ්‍යයටත් වන්දි ගෙවන්න වැඬේ සලසන නායකයෙකි. 2020 ජනාධිපති වෙන්නේ මොනවගේ කෙනෙක්ද කියලා ඔළුවේ චිත්‍ර අඳින අයට හොඳම හෝඩුවාව ඒකය.”

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි.)

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නායකයා ‌තෝරන එජාප කමිටුව සදුදා රැස්වෙයි

Next Post

මල්ලියි-දුවයි ‌‌බේරගන්න මෛත්‍රී ‌පෙරට එයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.