රටම දන්නා කියන මුසම්මිල් පවුලේ දියණීයක වන ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව ඇත.
ඒ පසුගිය දිනෙක පැවැති ප්‍රාදේශීය මැතිවරණයේදී කන්සවේටිව් පක්ෂය වෙනුවෙන් ටැටන්හෝ පළාත නියෝජනය කරමින්ය.
මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ පාලක කන්සවේටිව් පක්ෂය ප්‍රාදේශීය මැතිවරණයෙන් පසුබෑමකට ලක්ව සිටියදී ටැටන්හෝ පළාතෙන් ශස්නා මුසම්මිල් මහත්මිය ජයග්‍රහණය කිරීමය.
ශස්නා මුසම්මිල් යනු හිටපු කොළඹ නගරාධිපති, වත්මන් පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්මියගේ දියණියය.












