• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

MGR පරිප්පු එවලා පස්සේ ඉන්දියන් හමුදාව එව්වා! ස්ටාලින් කෑම නැව් එවලා ඊළඟට මොකක් එවයිද?

May 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
MGR පරිප්පු එවලා පස්සේ ඉන්දියන් හමුදාව එව්වා! ස්ටාලින් කෑම නැව් එවලා ඊළඟට මොකක් එවයිද?
Share on WhatsAppShare on Facebook

අද කාලේ භාෂාවෙන් ‘කල්ලතෝනි’ යැයි කියන්නේ හොර බඩු ගෙනයන එකටය. එහෙත් 60 -70 දශකවල කල්ලතෝනි යනුවෙන් හැඳින්වූයේ ජීවත්වීමට නොහැකි නිසා ඉන්දියාවේ සිට මෙරටට හොරෙන් පලා ආ නීති විරෝධී සංක්‍රමණිකයන්ටය. ‘ඔන්න එනවා අල්ල ගන්න කල්ලතෝනිලා….’ නමින් එකල ජනප්‍රිය ගුවන්විදුලි ගීයක්ද බිහිව තිබිණි. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. දැන් ඉන්දියානුවෝ වඩාත් හොඳ ජීවිතයක් සොයා ලංකාවට පලා එන්නෙ නැත. නමුත් පවතින ආර්ථික අර්බුදය නිසා උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෝ විශාල වශයෙන් ඉන්දියාවට පලායමින් සිටිනා බව වාර්තා වේ. මේ තත්ත්වයට විසඳුමක් ලෙස ලංකාවේ ජනතාවට උදව් කිරීමට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තමිල්නාඩු ප්‍රාන්තයට අවසරදී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසනුයේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ගේ ඉල්ලීමකට අනුව මේ තීරණය ගත් බවත්, ශ්‍රී ලංකාවට සහල් සහ ඖෂධ ලබාදීමට තමිල්නාඩුව ක්‍රියාකරනු ඇති බවත්ය. ඉන්දීය විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ තමිල්නාඩු ආධාර ශ්‍රී ලංකා ආණ්ඩුවට කැමති පරිදි බෙදාහැරිය හැකි බවයි.

මේ දිනවල ලංකාවට ඇති ලොකුම හව්හරන අනෙකක් නොව ඉන්දියාවේ මිතුරුකමය. දැන් ලංකාවේ ඇත්තෝ කන්නේ බොන්නේත්, තෙල් ගහන්නේත්, බෙහෙත් හේත් ගන්නේත් ඉන්දියාවේ සල්ලිවලිනි. එහෙයින් තමිල්නාඩුව ලංකාවට උදව් කිරීමේ ඇත්තේ අහවල් වරදක්දැයි ඔබටද සිතෙන්නට පුළුවන. එහෙත් ඉන්දියාවේ පවතින තීතිරීති අනුව ප්‍රාන්ත රජයකට ඍජුවම විදේශයකට ආධාර කළ නොහැක. එය කළයුත්තේ මධ්‍යම රජයයි. පවතින නීතිය වෙනස් කරමින් ඉන්දියාව මේ අවසරය තමිල්නාඩුවට නිකම්ම ලබාදුන්නා සිතන්නට අප ඉක්මන් වියයුතු නොවේ. මීට පෙරද තමිල්නාඩුව ලංකාවේ උතුරු පළාතේ ජනයාට උදව් කරන්නට ගොස් මහා ඇබැද්දියක් සිදුවූයේය. ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා දුරදිග ගිය ඒ අර්බුදය මේ තීරණය සමග එකට තියා බලන්නට අපට නිතැතින්ම සිදුවේ.

1987 වසරේ මැයි මස අග වන විට ශ්‍රී ලංකා හමුදාව උතුරේ දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබුණේය. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයෙන් දියත්වුණු එම මෙහෙයුම ‘ඔපරේෂන් වඩමාරච්චි’ යන නමින් හැඳින්විය. මෙම මෙහෙයුම නිසා කොටි සංවිධානය සැලකිව යුතු අර්බුදයකට මුහුණදෙමින් සිටියේය. ඊට සමාන්තරව උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන්ටද දැඩි අසීරුතාවන්ට මුහුණදීමට සිදුවිය. එක් අවස්ථාවකදී කොටි සංවිධානය බිත්තියටම හේත්තු කරන්නට ජෙනරාල් කොබ්බෑකඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකා හමුදාවෝ සමත් වූහ. තමන් විසින් පෝෂණය කරන ලද කොටි සංවිධානය පත්වෙමින් තිබෙන අසරණ තත්ත්වය ඉන්දියාව ඉවසා සිටියේ නැත. වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ඔවුහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට බල කරන්නට වූහ. එහෙත් ජේ.ආර්. ඊට එකඟ වූයේ නැත.

තත්ත්වය උණුසුම් වෙද්දී තමිල්නාඩු බලධාරීහු ක්‍රියාත්මක වූහ. ශ්‍රී ලංකාවට ආධාර ගෙන එන්නට ඔවුහු සූදානම් වූහ. ශ්‍රී ලංකාව එකී ආධාර ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි. අවසන රතු කුරුස ධජය සහිත ධීවර බෝට්ටු ගණනාවක ආහාර ද්‍රව්‍ය පුරවාගෙන තමිල්නාඩු දේශපාලනඥයෝ ලංකාව බලා පිටත්වූහ. මෙම බෝට්ටු පෙළ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නතර කළ නවික හමුදාව ඔවුන් ආපසු හාරවා යවන්නට සමත් වුවද ඉන් තත්ත්වය සමනය වූයේ නැත. 1987 ජූනි 04 වෙනිදා සවස 3ට පමණ නවදිල්ලියේ සිටිනා ශ්‍රී ලංකා තානාපති කැඳවූ ඉන්දීය බලධාරීහු උතුරු ප්‍රදේශයේ ජනයාට අහාර ද්‍රව්‍ය ගුවනින් හෙළනා බවත් ශ්‍රී ලංකා හමුදාව එම යානාවලට පහරදීමක් සිදුකළහොත් සිය ප්‍රහාරක යානා යොදවා ශ්‍රී ලංකාවට පහර දෙන බවත් පැවසුවේය.

එදින සවස 4.30 පමණ වන විට ඉන්දීය ගුවන් යානා ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු විය. ඇන්ටනෝව් යානා කිහිපයක් මගින් පැරෂුට් ආධාරයෙන් තිරිඟුපිටි, එළවළු, සහල් සහ භූමිතෙල් උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට හෙළනා ලද්දේ මිරාජ් ප්‍රහාරක යානා දෙකක ආරක්ෂාව මධ්‍යයේය. මෙලෙස හෙළනා ලද ආහාර අතර අවි ආයුධ සඟවා තිබුණු බව කියැවුණද ඒවා අද දක්වා තහවුරුව නැත. ‘ඔපරේෂන් පූමාලෙයි’ ලෙසින් හැඳින්වූ මෙම මෙහෙයුම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව අමු අමුවේ උල්ලංඝනය කළ ආක්‍රමණයක් ලෙස අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස විසින් හඳුන්වා දෙන ලදී. මෙම සිදුවීමේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට උදව් කරනු ඇති බව ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ නමුත් එසේ සිදුවූයේ නැත. ‘යැංකි ඩිකී’ තමා ඇමෙරිකාවට රැවටුණු බව වටහා ගත්තේය. අවසන ශ්‍රී ලංකාව මිත්‍රත්වයේ දෑත් දිගුකළ අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය එක් කරමින් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම එහි ප්‍රතිඵලය විය. වඩමාරච්චි මෙහෙයුම නතරවූ අතර ඉන්දීය සාම සාධක හමුදාවෝ මෙරටට පැමිණියහ.

ඉන්දියාව කොටි සංවිධානය පුහුණු කිරීමත්, ලංකාවේ ස්වෛරීත්වය බිඳ දමමින් ආහාර හෙළීමත් හුදු අහම්බයක් නොවේ. එය ඉන්දීය දේශපාලනයේ එක්තරා ව්‍යප්තිවාදී ලක්ෂණයකි. බි්‍රතාන්‍ය ජාතිකයන් දකුණු ආසියාවෙන් නික්මීමත් සමගම ඉන්දියාව අධිරාජ්‍යයක් ලෙස ගොඩනැගිය යුතු බව විශ්වාස කළ චින්තකයෝ මෙන්ම දේශපාලන නායකයෝද එරට සුලබ වූහ. ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික විද්වතකු වූ සර්ධාර් පනික්කාර් එවැන්නෙකි. ඔහුගේ න්‍යායන්ට අනුව බුරුමය, ටිබෙටය සහ නේපාලය පමණක් නොව ශ්‍රී ලංකාවද එම අධිරාජ්‍යයේ කොටස් විය යුතුය. දියුණු ලෝකයත් සමග ගනුදෙනු කිරීමේදී ඉන්දියාවේ මේ ආක්‍රමණශීලී අදහස් යම් පමණකට නිෂේධනය වුවද අද දක්වා මුළුමනින්ම නැතිව ගොස් නැත. තමිල්නාඩුවෙන් ලංකාවට දෙන ආධාර ඉන්දීය මධ්‍යම රජය කරන ආධාරවලින් වෙන්කර වටහා ගැනීමට තරම් දේශපාලන කියවීමක් ශ්‍රී ලාංකිකයනට තිබිය යුතුයයි මේ ලියුම්කරු විශ්වාස කරන්නේ එහෙයිනි.

කොටි සංවිධනය යුදමය වශයෙන් පරාජය වුවද ඊළාම් රාජ්‍යයේ ඊනියා සිහින සිතියම ඇතැම් වර්ගවාදී දකුණු ඉන්දීය නායකයෝ තවමත් සිතෙන් දරා සිටිති. ඔවුහු ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තමිල්නාඩුවේ කොටසක් කරගන්නට තවමත් සිහින දකිති. උතුරු නැගෙනහිර සහෝදර ජන කොටස් සම්බන්ධයෙන් වඩාත් උනන්දුවෙන් සොයාබැලීමේ වගකීම ශ්‍රී ලංකවේ ආණ්ඩුවට තිබෙන බව අප පවසන්නේ යාබද තමිල්නාඩු බලපෑමෙන් උතුරු පළාත තවමත් මිදී නැති බැවිනි. අනෙක් අතට දකුණු ඉන්දියාව පමණක් නොව ඉන්දියාවේ මධ්‍යම රජයද මෙකී අධිපතිවාදී සිතුවිලිවලින් මිදී ඇතැයි අපට පැවසිය නොහැක. 1971 එවක නැගෙනහිර පාකිස්තානය ලෙසින් හැඳින්වූ ප්‍රදේශයට සිය හමුදා යවා, පාකිස්තානය දෙකඩ කරමින් බංග්ලාදේශය නමින් වෙනමම රටක් බිහි කරන්නට මුල්වෙන්නේ ඉන්දියාවය. කලාපයේ භූමිය, මායිම් තම ඕනෑ එපාකම් අනුව වෙනස් වියයුතු බවට ඉන්දියාව අසල්වාසී රටවලට අනතුරු ඇඟවූයේ එදාය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විමල්ගේ බොරුව, වංචාව මුජිබර් එළිපිටම හෙළිකරයි! (VIDEO)

Next Post

සමගි ජන සන්ධානය ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම්! වහාම 21 ක්‍රියාත්මක කරමු! විධායකය වහාම අහෝසි කරමු! නීතීඥ සංගමය හමුවී සජිත් වැඩපිළිවෙළ ඉදිරිපත් කරයි! (PHOTOS & VIDEOS)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.