දැනට ක්‍රියාත්මක හදිසි නීතිය වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ , හදිසි නීතිය පැනවිම තුළින් සාමකාමි විරෝධතාකරුවන් ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමක් සිදුවන බවයි.
මහජන විරෝධයට ඇහුන්කන් දෙමින් ඊට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංගමය පෙන්වා දෙන්නේ රජයේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් දැනට පවතින අස්ථාවර පසුබිම තවදුරටත් වර්ධනය විය හැකි බවත්, සාමාන්‍ය පුරවැසියන්ගේ යහපැවැත්මට හානි කරමින් විරෝධතාකරුවන්ට මෙන්ම ආරක්ෂක නිලධාරීන්ටද හානි සිදු විය හැකි බවයි.
මෙවැනි වාතාවරණයක් හමුවේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවිය හැකි බැවින්, හදිසි නීතිය වහා ඉවත් කරන ලෙස සිය සංගමය රජයට බල කරන බව අදාල නිවේදනයේ සඳහන් වේ.










