• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නැතිව තාත්තා කෙනෙක් බෙල්ලෙ වැල දාගත්තා! කරන්ට් කැපුවාට පත්තු කළ කුප්පි ලාම්පුව පෙරළී සිසුවියක් ගිනි ඇවිලී මළා! මේ මොන සාපයක්ද දෙවියනේ?

May 8, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කන්න නැතිව තාත්තා කෙනෙක් බෙල්ලෙ වැල දාගත්තා! කරන්ට් කැපුවාට පත්තු කළ කුප්පි ලාම්පුව පෙරළී සිසුවියක් ගිනි ඇවිලී මළා! මේ මොන සාපයක්ද දෙවියනේ?
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ට ගොවිතැනට පොහොර ටික නැතිවෙනකොට කන්න නැතිවෙනකොට ජීවත් වෙන්න බැරි වෙනකොට මේ රටේ ආර්ථිකෙත් එක්ක සටන් කරන්න බැරිව අසරණ වෙනවා. තමන්ම තේරුම්ගන්න කෙනෙක් මේ රටේ නැති වෙනකොට මිනිස්සුන්ට දැනෙන ආතතිය දරාගන්න බැහැ. මේ නිසා අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු. මේ විඳින දුක මිනිසුන්ට ඔරොත්තු නොදෙනකොට ජීවිතයෙන් පලායාම එකම විසඳුම බව හිතනවා. නමුත් ඒ පලායාම මේ ප්‍රශ්නවලට විසඳුම නම් නෙවෙයි. අපේ රටේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න තියෙන්නේ තව ඉතාම කෙටි කාලයක්. නමුත් විදුලිය කැපීම නිසා අපි පාඩම් කරන්නේ කොහොමද? මේ අසරණ දරුවන් හිතනවා. මේ මානසික ආතතිය කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වාම දරාගන්න බැහැ. ගේදොර ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්න බැරිවෙනකොට මිනිස්සු අසරණ වෙනවා.

විවිධ කරදරවලට මුහුණ පානවා. මේ වගේ දුෂ්කරතා නිසා ජීවිත හැරගිය දෙදෙනකු ගැන පුවත් පසුගියදා වාර්තා වුණා. ඒ, යාපනය සහ ගල්ගමුව ප්‍රදේශවලින්.

ගල්ගමුව වලස්වැව ප්‍රදේශයේ ජීවත් වුණු හැට හැවිරිදි ඩබ්ලිව්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා ජීවත් වෙන්න රැකියාව විදියට කළේ පුහුල් ගොවිතැන හා කුලී වැඩ. තෙල්, පොහොර නිසි කලට නොලැබීම නිසා ඔහුගේ ගොවිතැන විනාශ වුණා. ඒත් එක්කම ඔහුගේ පවුලේ දැඩි ආර්ථික ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. කන්න බොන්න නැතිවුණාම, එදිනෙදා වියදම් දරාගන්න බැරි වුණාම ඔහු තම බිරිය සමග නිතර නිතර බහින්බස් වීම් ඇතිවෙන්නට පටන් ගත්තා. ගෙවල්වල ප්‍රශ්න දරාගන්න බැරිවුණාම හැමෝම අසරණ වෙනවා.

ඇතැම් දිනවල ඔවුන් තුන් වේලටම හරි හමන් ආහාරයක් නැති නිසා කහට කෝප්පයකින් කුස පුරවාගත්තා. ඒ බව ඩිංගිරි බණ්ඩාගේ බිරිඳ හැඬූ කඳුළින් පවසා තිබුණා. ඇය තවදුරටත් පැවසුවේ පසුගිය දින කිහිපයේ ගෙදර අඩුපාඩුකම් නිසා සැමියා හා තමා අතර බහින්බස්වීමක් ඇතිවූ බවත් උරණ වූ සැමියා හේනට යන බව පවසා පිටව ගිය බවයි. නමුත් ඔහු රාත්‍රිය වන තුරුම නැවත නොපැමිණි බවත් ඇය පැවසුවා.

සැමියාගේ බිරිඳගේ නෝක්කාඩුකම් තිබෙන්නේ බත ඉදෙනකම් විතරයි කියලයි අපි අහලා තියෙන්නේ. මේ බිරිඳත් එහෙම හිතලා තමන්ගේ ස්වාමියා බඩගින්නේ ඉන්නා බව දන්නා නිසා තම මිණිබිරිය අත ඔහුට රොටි දෙකක් යැවීමට කටයුතු කළා. නමුත් හේනට ගිය මිණිබිරියට තම සීයාව සොයාගන්නට නොහැකි වුණා. ඉන්පසු දැරිය තම සීයා සොයා අසල වන රොදට ගියා. එහිදී ඇයට දැකගන්නට ලැබුණු දෙයින් ඇගේ දෑස් අදහාගත නොහැකි වුණා. තම සීයා ගෙල වැලලාගෙන මියගොස් සිටිනු ඇයට දැකගන්නට ලැබුණා. ඇය කෑගසාගෙන නැවත ගෙදර දිව ඇවිත් ආච්චිට මේ බව පැවසුවේ හැඬූ කඳුළින්.

මේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ ගල්ගමුව පොලිසිය. ගල්ගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන පුෂ්පකුමාර මහතා මෙම මරණය ගෙල වැලලාගැනීම නිසා සිදුවූවක් බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින බවත් පවසා සිටියා.

මීට සමාන හද කම්පාකරවන අනෙක් සිදුවීම වාර්තා වුණේ යාපනයෙන්. කන්කසන්තුරේ ඉලවාලි පිරාන්පට්ටු ප්‍රදේශයේ ජීවත් වුණු 16 හැවිරිදි සුදර්ශන් සදුර්නිකා දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඊට සූදානම් වෙමින් සිටියා. මේ දිනවල දිනපතාම දිවයිනේ සෑම ප්‍රදේශයකම විදුලිය විසන්ධි කරන නිසා එහි බලපෑම අධ්‍යාපන කටයුතුවල නිරත සියලු දරුවන්ට දැඩි බලපෑම් එල්ලකර තිබෙනවා. එලෙස විදුලිය විසන්ධි කර තිබූ පසුගිය 02 වැනිදා රාත්‍රී 7ට පමණ සදුර්නිකා කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටියා.

‘මම කොහොම හරි ජීවිතය ජයගන්නවා. සාමාන්‍ය පෙළ විභාගයට තව හරියටම තියෙන්නේ සති තුනක් වගේ කාලයක්. රටේ විදුලිය විසන්ධි කළත් කොච්චර අගහිඟකම් තිබුණත් කාලය හරි වටිනවා. කොහොම හරි කරුවලේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕනේ. එහෙම මහන්සි වුණොත් විතරයි මෙගේ දෙමව්පියෝ රැකගෙන අනාගතය සාර්ථක කරගන්න පුළුවන්….’ සුදර්නිකා ඒ විදියට හිතන්නට ඇති. ඒත් ඒ බලාපොරොත්තු සිහින බොඳවෙන්න ගතවුණේ තත්පර කිහිපයක් විතරයි.

සුදර්නිකාගේ පියා ජීවිකාව විදියට කළේ රියැදුරු රැකියාව. මේ දිනවල ඉන්ධන හිඟයක් පවතින නිසා ඔහු නිතරම අමතර පෙට්‍රල් බූලියක් නිවෙසේ තබාගැනීම පුරුද්දක් විදියට කළා. ඒ, ඉන්ධන නොමැති විටදී භාවිතයට ගැනීම සඳහා. එම ඉන්ධන බූලිය ඔහු තබා තිබුණේ තම දියණියගේ කාමරයේ. නමුත් සුදර්නිකා මොහොතක්වත් නොසිතන්නට ඇති මේ පෙට්‍රල් බූලිය තමාගේ අනාගතය දවා අළුකරයි කියලා. ඇගේ අතේ වැදීම නිසා කාමරයේ තිබූ කුප්පි ලාම්පුව බිමට පෙරළුණා. දොර වසා තිබූ කාමරය පුරාම ලාම්පුවේ තිබූ භූමිතෙල් ගලා ගියා. ඒත් සමගම හටගත් ගිනි දලු ක්ෂණයකින් ඇදී ගියේ පෙට්‍රල් බූලිය දෙසටයි. මොහොතක් ගතවන්නටත් මත්තෙන් බුර බුරා නැඟුණු ගිනි දලු සුදර්නිකාවත්, කාමරයත් එකම ගිනි ජාලාවක් බවට පත්කළේ අහිංසක ඇගේ බලාපොරොත්තු දුම්රොටු ලෙස වා තලයට මුසු කරමින්.

නිවැසියන් සහ අසල්වාසීන් ඒ මොහොතේම ගින්න නිවා දැමීමට කටයුතු කළත් රෝහල්ගත කරන විටත් සුදර්නිකා මෙලොව හැරගොස් තිබුණා.

එම සිදුවීම් දෙකම රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදයේ විවිධ පැතිකඩ අපට පැහැදිලි කරන සාක්ෂි නොවේද? රටටම බලපා ඇති ආර්ථික ප්‍රශ්න සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත මොන තරම් වෙනස් කරනවාද කියන එක මේ කතාවලින් පැහැදිලි වනවා. ඇතැමෙක් ජීවන බර දරාගන්න බැරිව සියදිවි නසාගනිද්දී, තවත් කෙනෙක් මරණයට පත්වෙන්නේ අදූරදර්ශී බලධාරීන්ගේ ක්‍රියාකලාපයන්ගේ බලපෑමක් විදියට. ඒ වගේම මෙවැනි සිදුවීම් රාශියක් පසුගිය දිනවල අපට අහන්නට දකින්නට ලැබුණා.

භූමිතෙල් පෝලිමක පැය ගණනක් රැඳී සිටි මහනුවර වත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙක් බිම ඇදවැටී මියගියා. ඒ වගේම වැලිපැන්න ප්‍රදේශයේ පියෙක් තම දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැති නිසාම ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. අපට වාර්තා වන සිදුවීම් වගේම තවත් මෙවැනි සිදුවීම් සිය දහස් ගණනක් රටේ අස්සක් මුල්ලක් නෑරම මේ මොහොතේත් සිදුවන බව සිතාගත හැකියි. ජීවන බර අහස උසට නැගෙමින් තිබෙද්දී එදිනෙදා පුංචි රැකියාවකින් දිවි සරිකරගත් අසරණයන් ජීවත් වෙන්නෙ කොහොමද? සිතා බලන්න…. එය ඔබටත්, මටත් එක සේම පොදු වූවක්.
තෙල් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල, ගෑස් පෝලිම්වල මිනිස්සු පැය තුන හතර විඳවනවා… ජීවිතය නැතිකර ගන්න බැරිකමට, වෙන කරන්න දෙයක් නැතිකමට මිනිස්සු මැරි මැරී ජීවත් වෙනවා. හෙට දවස අදට වඩා හොඳ වේවි කියලා හීනෙකින්වත් හිතන්න පුළුවන් වාතාවරණයක් නෙවෙයි අපේ රටේ අද තිබෙන්නේ. සුබවාදීව හෙට දවස දකින්න කියලා කොයි තරම් අය මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වත්, ජීවිතේ බර දැනෙන්නේ දුප්පත් අසරණ මිනිසුන්ට විතරයි. සීතල කාමරවල ඉඳන් රටේ ප්‍රශ්න විසඳන්න හදන ලොකු ලොකු ඇත්තන්ට මේ අසරණයන්ගෙ වේදනාව දැනෙන්නෙ නැහැ.

රට අගාධයකට යමින් තිබියදී, පුළුවන් අය රට හැරදා යද්දී, උපයන සොච්චම එදා වේල කන්නවත් ප්‍රමාණවත් නොවෙද්දී අසරණ දුප්පත් මිනිස්සු මොනවද කරන්නේ? මේ මානසික පීඩාවන් එක්ක රටේ දෛනිකව වාර්තාවන හෘද රෝගීන්ගේ සංඛ්‍යාවත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මානසික පීඩාව නිසා හටගන්නා බෝ නොවන රෝගත් වැඩි වෙනවා. මිනිස්සු ලෙඩ්ඩු වෙනවා. ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒත් මොනව කරන්නද? කොහොම හරි ජීවිතේ ගැටගහගන්න ඕනෙ. කෝටි ගණනින් කොමිස් ගහගත්ත, පරම්පරා ගණනාවකටත් එක්ක හම්බකරපු සල්ලි පිටරටවල ගොඩගහගත්ත මේ රටේ අදූරදර්ශී පාලකයන්ට මේ දුක කවදා දැනේවිද? ඒත් එක දෙයක් නම් පැහැදිලියි. ජනතාවට මේ විදියෙ දුකක් වේදනාවක් දීලා වැඩි කාලයක් නම් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ පාලකයන්ට. ඒක සොබාදහමේ නියතයක්. අපි හැමෝම ඒ සොබාදහම ඉස්සරහ පුංචි කූඹියො. ඉතින් අපි බලා ඉඳිමු, සොබාදහම මේ රට මේ තැනට පත් කරපු දුෂ්ටයන්ගෙ හෙට දවස මොන විදියට විසඳයිද කියලා…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මෛත්‍රීපාල සජිත්ටයි අනුරටයි ලියුම් ලියයි!

Next Post

කිසි දෙයක් වෙලා නෑ! මහනාහිමිවරු ජනපතිට තුන්වන ලියුමත් එවයි! දැඩි අප්‍රසාදය පළ කරයි!

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.