• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

69 ලක්ෂයේ ආණ්ඩුවට එරෙහිව වසර 69කට පසු කරන දැවැන්තම හර්තාලය අද!

May 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රජයේ සේවකයන් අද පාරට! හවස කොළඹ යනවා නම් බලාගෙන!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව අද (06) දිවයින පුරා පැය 24ක හර්තාලයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන මතයට ගරු කිරීමට රජය සහ ජනාධිපතිවරයා හෙට දිනය වන විට පියවර නොගතහොත් මැයි 11 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා හර්තාල් ව්‍යාපාරය වෙනස් කරන බව හර්තාල් කමිටු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC) අනතුරු අඟවනවා.

සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලිබල සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළු කණ්ඩායම් 2,000කට අධික සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හර්තාලයට සහභාගී වීමට නියමිතයි.

දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හර්තාලයට සහය පළ කරමින් අද දිනයේදී ලොතරැයි අලෙවි නියෝජිතයින් සිය රාජකාරීවලින් වැළකී සිටීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ලොතරැයි අලෙවි කරන්නන්, නියෝජිතයින් රට තුළ ලොතරැයි අලෙවියේ නිරත නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ කියා සිටියේ.

හර්තාලයට සහය පළකරමින් දුම්රිය වෘත්තීය සමිති එකමුතුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළා.

මෙම වර්ජනය සඳහා දුම්රිය වෘත්තීය සමිති 40කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන බව එම සංගමය පවසනවා.

වෘත්තීය සමිති කිහිපයක් එක්ව හෙට දිවයින පුරා ක්‍රියාත්මක හර්තාලයට සහය පළ කරමින් ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි ඩීසල් හිඟයක් පවතින අතර එය පොදු ප්‍රවාහන සේවා කටයුතුවලට බලපාන බවයි සභාපතිවරයා පැවසුවේ.

බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද හර්තාලයට සහභාගී වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවකයින් ද වැඩ වර්ජනයේ නිරත වීමට නියමිත අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් වැඩ කරන නමුත් අතේ කළු පටි පැළඳ වර්ජනයට සහාය පළ කරනු ලබනවා.

අද ක්‍රියාත්මක කිරීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලයට සහය පළ කරමින් කඩසාප්පු සහ වෙළඳසැල් වසා දමන ලෙසත්, ඔවුන්ගේ නිවෙස්වල කළු කොඩි ඔසවන ලෙසත් හර්තාල් කමිටු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

සියලුම ආගමික සිද්ධස්ථානවලට උදේ 08.30 සිට 09.00 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥා කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කිරීමෙන් හෝ පොදු දේපළවලට හානි කිරීමෙන් වළකින ලෙසත්, සාමකාමීව ඉදිරියට යන ලෙසත් හර්තාලයේ සහ අනෙකුත් මහජන විරෝධතාවල නිරතවන්නන්ගෙන් වෘත්තීය සමිති ඉල්ලීමක් කර තිබෙනවා.

1953 හර්තාලයෙන් වසර 69කට පසු පැවැත්වෙන දැවැන්තම හර්තාලය මෙය ලෙසයි වෘත්තීය සමිති කියන්නේ.

SendShareShare
Previous Post

මුලින් කෝටියක් දුන්නා! ඔන්න දැන් තමිල්නාඩුවෙ DMK මන්ත්‍රීවරු කණ්ඩායම මාසෙක පඩියත් ලංකාවට දෙන්න තීන්දු කරයි! හොඳට තිබ්බ රටක්! අපි වැටිච්ච තැනක්!

Next Post

අලුත්ම ජනමත සමීක්ෂණයෙන් 96%ක්ම කියන්නේ ගෝඨාටයි මහින්දටයි යන්න කියලා! පාර්ලිමේන්තුව ඇතුළේ හොර ඩීල් දාලා මාට්ටු වුණු එවුන්ට ඊළඟ ජන්දෙදි අබ සරණයි!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.