සිරගත කොට සිටින රන්ජන් රාමනායක මහතා හට එළඹෙන වෙසක් පොහොය දිනට හෝ ජනාධිපති නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඇතුලු පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
මැයි දින පෙළපාලියට එක්වීමට පැමිණි අතරවාරයේ මෙම උද්ඝෝෂණය සිදු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී මරික්කාර් ප්‍රශ්න කර සිටියේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් රන්ජන් රාමනායක මහතාට එසේ කළ නොහැක්කේ මන්ද යැයි කියයා.










