එළඹෙන සතිය තීරණාත්මක සහ ඉතිහාසගත වන බවත්, දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙකක් ඇතුළුව ව්‍යවස්ථානුකූල තීන්දු රැසකට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නින්දෙන් ඇහැරුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු දහදෙනෙක් මහා නාහිමිපාණන් වහන්සේලා මුණ ගැසී, රටේ ප්‍රශ්නයට හේතුව සජිත් සහ අනුර යයි පවසා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ඉහළ සිට පහළට සියල්ල විනාශ කර දැමුවේත් රට බංකොලොත් කළේත් පවතින ආණ්ඩුව බව ඔවුන්ට අමතක වී ඇතැයි ද පැවැසීය.
දැන් ඇතමුන් අන්තර්පාලනයක් ගැන යෝජනා ගෙන එන බව පැවසූ විපක්ෂ නායකතුමා,රටේ ජනතාව ගෝඨාභයට සහ රාජපක්ෂවරුන්ට ගෙදර යන්නයි කියද්දී ඔවුන් සමග ආණ්ඩු පිහිටුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමග සහ රටේ සම්පත් හොරා කෑ පිරිස් සමග ආණ්ඩු කරන්නේ කෙසේදැයි තමන් ජනතාව ගෙන් විමසා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා කළ යුත්තේ මේ ආණ්ඩුව පෙරළා දැමීම බව ද පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සමගි බල පාගමන ඊයේ (30) පෑලියගොඩින් අවසන් කරමිනි.
පසුගිය 26 වෙනිදා මහනුවරින් ආරම්භ කළ සමගි බල පා ගමන දින පහක් මුළුල්ලේ කොළඹ බලා පැමිණියේය.
ඒ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමගය. එය පෑලියගොඩින් අවසන් වූ අතර අද කැම්බල් පිටියේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පෙළපාලි ආරම්භකොට “නිදහස් අරගලයේ සියවසේ මැයි රැලිය පැවැත්වේ