• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරාගන්න බැරි බඩු මිල අස්සේ පොත්වලට වෙන්න යන දේ හොයන්න අපි ගියා කඩේ!

May 3, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
දරාගන්න බැරි බඩු මිල අස්සේ පොත්වලට වෙන්න යන දේ හොයන්න අපි ගියා කඩේ!
Share on WhatsAppShare on Facebook

‘බ්‍රිස්ටල් බෝඩ් එකක් නං ඉතිං දෙන්න වෙන්නෙ රුපියල් හතළිහකට විතර තමා. ඒත් සුදු පාට බි්‍රස්ටල් බෝඩ් නං ඉතිං හොයන්ඩවත් එපා…’ ඔහු කියනවා.

‘‍ඒ මොකද ඒ?’‍ අපි ඇහුවා.

‘‍හොයන්න නෑ’ ඔවුන් කියනවා.

‘හම්බවුණත් රුපියල් 50න් මෙහා නං ගන්න ලැබෙන්නෙ නෑ…’

ඒ කියන්නෙ බි්‍රස්ටල් බෝඩ් එකක මිල රුපියල් 50ට වැඩි හෝ ඊට කිට්ටු ගානකට අවිල්ලා.

ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමේ. තිබුණු මිලට සාපේක්ෂව මිල අහස උසටම නැඟලා ඉවරයි.

‘‍එතකොට බි්‍රස්ටල් බෝඩ්වල මිල විතරමද වැඩි වෙලා තියෙන්නෙ?’‍ ඔබ අසාවි. උත්තරය මේකයි.

‘නෑ, කීයටවත් නෑ’‍

අපි අපේ පොත් කඩ සංචාරයේදී හිතාගන්න බැරි මිල වැඩිවීම් කීපයක්ම දැක්කා.

අපි යන එන ගමන් නිකමට වගේ ඇහුවා ඩිමයි කොළේක ගාන කීයද කියලා. සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන සව් කඩදාසියට වඩා ගනකමින් වැඩි කඩදාසිය තමයි ඩිමයි කොළය. සාමාන්‍යයෙන් මුද්‍රණ වැඩක් කරන බාලම කොළේ.

‘‍ඩිමයි කොළයක් කීයද?’

ඒක ඇහුවම හාට් ඇටෑක් එකක් වගේ එන්න ඉඩක් තියෙන නිසා කියන්නත් මොකක්ද වගේ.

‘ඩිමයි කොළයක් රුපියල් තිහක් විතර වෙනවා. සමහර තැන්වල 35යි. එහෙම දෙන්නත් කොළ නෑ. මාරම අමාරුයි දැන් තත්ත්වය’

කඩේකින් ඩිමයි කොළයක් ගන්න ගියාම ඔන්න ඕකයි කියන්නෙ. මේ සාමාන්‍යයෙන් රුපියල් හයට හතට අටට තිබුණු කොළ. ඒ කියන්නෙ ඩී.එස්. සේනානායක මහත්තයගෙ කාලෙ නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා, මහින්ද රාජපක්ෂ අගමැති වෙලා, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වෙලා, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශශේන්ද්‍ර රාජපක්ෂ කියන උන්දලා ඇමැතිවරු වෙලා හිටපු කාලෙ. ඒ කියන්නෙ මේ ඊයෙ පෙරේදා.

‘එතකොට වාර්නිෂ් කොළේක ගාන දන්නවද?’

අපි අහන්න කලින්ම කඩේ මුදලාලි මහත්තයා ඇහුවා.

‘‍සාමාන්‍යයෙන් වාර්නිෂ් කොළේක ගාන රුපියල් හැටපහක් විතර වෙනවා. සමහර වෙලාවට හැත්තෑ පහක් වෙන වෙලාවල් එහෙමත් තියෙනවලු‍. සමහර පාට රුපියල් සීයටවත් නෑ…’

රුපියල් දොළහට දහතුනට තිබුණු කොළේ. මේ කියන්නෙ එක කොළේක ගාන. අපි දැක්කා පහුගිය කාලෙ පොත්වලට පිටකවර දාන්න ඉස්කෝලවලින් කියනවා පාට පාට තීරු තීරු පොතෙන් පොත අමුණන්න කියලා. ඒවා අහනකොට නම් හීන් දාඩිය දානවා. ඇයි හත්තිලව්වෙ එක ළමයෙක්ට විෂයන් නවයක විතර පොත් තියෙනවනෙ. එහෙම වුණාම කොහොමද?

ඒ ළමයට ඕනෑ වෙනවා කොළ නවයක් විතර. එකක් හැටපහක් වුණත් කොළ නවයට යනවා රුපියල් 585ක් විතර. ඒකට ඕනෑ කරන ඩිමයි කොළ ගාන 10ක් නම් එතනත් රුපියල් තුන්සිය පනහක් විතර. කොහොමත් ඒ සඳහා වෙන මිල රුපියල් 1000ක් වෙලා.

‘ඔය සෙට් එකටම ඉස්සර ගියේ රුපියල් 180ක් විතර. ඒ කියන්නෙ හෙන කාලයකට කලින් නෙමේ, ගිය අවුරුද්දෙ…’‍

මේ ටික පැත්තකින් තියමුකො. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය දරුණුවට ඇවිළෙන්න නියමිත වෙන්නෙ වෙසක් කාළේට. විශාල වෙසක් කූඩුවලට අනිවාර්යයෙන්ම ඩිමයි කොළ ඕන වෙනවා. ඒ වගේම බි්‍රස්ටල් බෝඩ්.

‘ඩිමයි කොළ දෙසීය තුන්සීය නෙමේ පන්සීයත් අරගෙන යන වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඩිමයි කොළ 500ක් ගන්න කෙනෙක්ට ඉස්සර අපි දුන්නා, රුපියල් 2,500ක වගේ ගානකට. ඒ කියන්නෙ ඇත්තටම තොග මිල. එහෙම දුන්නට පාඩු නෑ ඒ කාලේට. හැබැයි දැන් නම් තත්ත්වය වෙනස්. මිනිස්සුන්ට ගණන් කියන්න බෑ තරහ වෙයි. සාමාන්‍යයෙන් රුපියල් 1,5000 කටත් දෙන්න අමාරුයි.’‍

ඕක තමයි මේ මොහොතේ පවතින තත්ත්වය. ඔය කතාව පැත්තකින් දාමුකො. ළමයින්ගෙ අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය දේවල් ටිකවත් තියෙනවද?

‘කිසිම දෙයක් නෑ මහත්තයෝ…’ කියන එක තමයි සාමාන්‍ය සරල උත්තර‍ය.

‘එතකොට දැන් A4 කඩදාසි තියෙනවද?’‍

කවුරු කොහොම නෑ කිව්වත් ඉගෙන ගන්න ළමයින්ට මේවා නැතුව බෑනෙ. ඒ නිසයි ඇහුවෙ.
‘‍අප්පෝ රත්තරං වගේ…’‍

රත්තරං මිලත් එහෙ බලලා මෙහෙ බලන කොට උඩු යටිකුරු වෙන හින්දා ගණන් හදන්න බෑ. ඒත් සරලවම ගත්තොත් මෙහෙමයි.

A4 කොළේක මිල සාමානයෙන් සමහර වෙලාවට රුපියල් 15ක් වෙන්නත් පුළුවන්ලු‍. ඒ තරමටම A4 කඩදාසි හිඟයි.

‘‍A4 හොයන්නවත් නෑ. කඩදාසි බන්ඩල් දෙක තුනක් තියෙනවා කියන්නෙ ඉතින් ගොඩම තමයි. ෆොටෝ කොපි ගහන අයටවත් කඩදාසි නෑ, ඉස්සර රුපියල් 750ට වගේ තිබ්බ A4 බන්ඩල් එක අද සාමාන්‍යයෙන් රුපියල් 2,000ක් වත් වෙනවා. සමහර තැනක A4 කොළ බන්ඩල් එකක් 3,500ක් වෙනවා…’‍

මේක තමයි සාමාන්‍ය තත්ත්වය.

‘බ්‍රවුන් පේපර් කොළයක් රුපියල් 40කට වඩා වැඩියි. සාමාන්‍යයෙන් ෆුල්ස්කැප් කොළයක් රුපියල් 5ක් නැත්නම් 10ක් වෙනවා.

සව්කොළයක් ඉස්සර 5යි. දැන් එන්නෙ 10ට විතර. සමහර විට 20ක් වෙන්නත් පුළුවන්…”‍

‘ඉස්සරහට එන පොතක මිල දෙගුණයකට වඩා වැඩි වෙනවා. සමහර විට ලොකු සී.ආර්. පොතක ගාන රුපියල් දාහට වඩා වැඩිවෙන්න පුළුවන්…’ ඔවුන් කිව්වා. දාපු දාඩිය නිසා පවන් ගහන්න කඩදාසි කෑල්ලක් ගන්න අපි හිතුවත්, ආයෙ කීයක් කියයිද දන්නෙ නැති නිසා නිකන් හිටියා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අර්ධ සූර්යග්‍රහණයකින් ඇරඹෙන මැයි මාසේ ඇත්ත නැත්ත පටලවයිද?

Next Post

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.