‘බ්‍රිස්ටල් බෝඩ් එකක් නං ඉතිං දෙන්න වෙන්නෙ රුපියල් හතළිහකට විතර තමා. ඒත් සුදු පාට බි්‍රස්ටල් බෝඩ් නං ඉතිං හොයන්ඩවත් එපා…’ ඔහු කියනවා.
‘ඒ මොකද ඒ?’ අපි ඇහුවා.
‘හොයන්න නෑ’ ඔවුන් කියනවා.
‘හම්බවුණත් රුපියල් 50න් මෙහා නං ගන්න ලැබෙන්නෙ නෑ…’
ඒ කියන්නෙ බි්‍රස්ටල් බෝඩ් එකක මිල රුපියල් 50ට වැඩි හෝ ඊට කිට්ටු ගානකට අවිල්ලා.
ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමේ. තිබුණු මිලට සාපේක්ෂව මිල අහස උසටම නැඟලා ඉවරයි.
‘එතකොට බි්‍රස්ටල් බෝඩ්වල මිල විතරමද වැඩි වෙලා තියෙන්නෙ?’ ඔබ අසාවි. උත්තරය මේකයි.
‘නෑ, කීයටවත් නෑ’
අපි අපේ පොත් කඩ සංචාරයේදී හිතාගන්න බැරි මිල වැඩිවීම් කීපයක්ම දැක්කා.
අපි යන එන ගමන් නිකමට වගේ ඇහුවා ඩිමයි කොළේක ගාන කීයද කියලා. සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන සව් කඩදාසියට වඩා ගනකමින් වැඩි කඩදාසිය තමයි ඩිමයි කොළය. සාමාන්‍යයෙන් මුද්‍රණ වැඩක් කරන බාලම කොළේ.
‘ඩිමයි කොළයක් කීයද?’
ඒක ඇහුවම හාට් ඇටෑක් එකක් වගේ එන්න ඉඩක් තියෙන නිසා කියන්නත් මොකක්ද වගේ.
‘ඩිමයි කොළයක් රුපියල් තිහක් විතර වෙනවා. සමහර තැන්වල 35යි. එහෙම දෙන්නත් කොළ නෑ. මාරම අමාරුයි දැන් තත්ත්වය’
කඩේකින් ඩිමයි කොළයක් ගන්න ගියාම ඔන්න ඕකයි කියන්නෙ. මේ සාමාන්‍යයෙන් රුපියල් හයට හතට අටට තිබුණු කොළ. ඒ කියන්නෙ ඩී.එස්. සේනානායක මහත්තයගෙ කාලෙ නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා, මහින්ද රාජපක්ෂ අගමැති වෙලා, බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වෙලා, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශශේන්ද්‍ර රාජපක්ෂ කියන උන්දලා ඇමැතිවරු වෙලා හිටපු කාලෙ. ඒ කියන්නෙ මේ ඊයෙ පෙරේදා.
‘එතකොට වාර්නිෂ් කොළේක ගාන දන්නවද?’
අපි අහන්න කලින්ම කඩේ මුදලාලි මහත්තයා ඇහුවා.
‘සාමාන්‍යයෙන් වාර්නිෂ් කොළේක ගාන රුපියල් හැටපහක් විතර වෙනවා. සමහර වෙලාවට හැත්තෑ පහක් වෙන වෙලාවල් එහෙමත් තියෙනවලු. සමහර පාට රුපියල් සීයටවත් නෑ…’
රුපියල් දොළහට දහතුනට තිබුණු කොළේ. මේ කියන්නෙ එක කොළේක ගාන. අපි දැක්කා පහුගිය කාලෙ පොත්වලට පිටකවර දාන්න ඉස්කෝලවලින් කියනවා පාට පාට තීරු තීරු පොතෙන් පොත අමුණන්න කියලා. ඒවා අහනකොට නම් හීන් දාඩිය දානවා. ඇයි හත්තිලව්වෙ එක ළමයෙක්ට විෂයන් නවයක විතර පොත් තියෙනවනෙ. එහෙම වුණාම කොහොමද?
ඒ ළමයට ඕනෑ වෙනවා කොළ නවයක් විතර. එකක් හැටපහක් වුණත් කොළ නවයට යනවා රුපියල් 585ක් විතර. ඒකට ඕනෑ කරන ඩිමයි කොළ ගාන 10ක් නම් එතනත් රුපියල් තුන්සිය පනහක් විතර. කොහොමත් ඒ සඳහා වෙන මිල රුපියල් 1000ක් වෙලා.
‘ඔය සෙට් එකටම ඉස්සර ගියේ රුපියල් 180ක් විතර. ඒ කියන්නෙ හෙන කාලයකට කලින් නෙමේ, ගිය අවුරුද්දෙ…’
මේ ටික පැත්තකින් තියමුකො. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය දරුණුවට ඇවිළෙන්න නියමිත වෙන්නෙ වෙසක් කාළේට. විශාල වෙසක් කූඩුවලට අනිවාර්යයෙන්ම ඩිමයි කොළ ඕන වෙනවා. ඒ වගේම බි්‍රස්ටල් බෝඩ්.
‘ඩිමයි කොළ දෙසීය තුන්සීය නෙමේ පන්සීයත් අරගෙන යන වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඩිමයි කොළ 500ක් ගන්න කෙනෙක්ට ඉස්සර අපි දුන්නා, රුපියල් 2,500ක වගේ ගානකට. ඒ කියන්නෙ ඇත්තටම තොග මිල. එහෙම දුන්නට පාඩු නෑ ඒ කාලේට. හැබැයි දැන් නම් තත්ත්වය වෙනස්. මිනිස්සුන්ට ගණන් කියන්න බෑ තරහ වෙයි. සාමාන්‍යයෙන් රුපියල් 1,5000 කටත් දෙන්න අමාරුයි.’
ඕක තමයි මේ මොහොතේ පවතින තත්ත්වය. ඔය කතාව පැත්තකින් දාමුකො. ළමයින්ගෙ අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය දේවල් ටිකවත් තියෙනවද?
‘කිසිම දෙයක් නෑ මහත්තයෝ…’ කියන එක තමයි සාමාන්‍ය සරල උත්තරය.
‘එතකොට දැන් A4 කඩදාසි තියෙනවද?’
කවුරු කොහොම නෑ කිව්වත් ඉගෙන ගන්න ළමයින්ට මේවා නැතුව බෑනෙ. ඒ නිසයි ඇහුවෙ.
‘අප්පෝ රත්තරං වගේ…’
රත්තරං මිලත් එහෙ බලලා මෙහෙ බලන කොට උඩු යටිකුරු වෙන හින්දා ගණන් හදන්න බෑ. ඒත් සරලවම ගත්තොත් මෙහෙමයි.
A4 කොළේක මිල සාමානයෙන් සමහර වෙලාවට රුපියල් 15ක් වෙන්නත් පුළුවන්ලු. ඒ තරමටම A4 කඩදාසි හිඟයි.
‘A4 හොයන්නවත් නෑ. කඩදාසි බන්ඩල් දෙක තුනක් තියෙනවා කියන්නෙ ඉතින් ගොඩම තමයි. ෆොටෝ කොපි ගහන අයටවත් කඩදාසි නෑ, ඉස්සර රුපියල් 750ට වගේ තිබ්බ A4 බන්ඩල් එක අද සාමාන්‍යයෙන් රුපියල් 2,000ක් වත් වෙනවා. සමහර තැනක A4 කොළ බන්ඩල් එකක් 3,500ක් වෙනවා…’
මේක තමයි සාමාන්‍ය තත්ත්වය.
‘බ්‍රවුන් පේපර් කොළයක් රුපියල් 40කට වඩා වැඩියි. සාමාන්‍යයෙන් ෆුල්ස්කැප් කොළයක් රුපියල් 5ක් නැත්නම් 10ක් වෙනවා.
සව්කොළයක් ඉස්සර 5යි. දැන් එන්නෙ 10ට විතර. සමහර විට 20ක් වෙන්නත් පුළුවන්…”
‘ඉස්සරහට එන පොතක මිල දෙගුණයකට වඩා වැඩි වෙනවා. සමහර විට ලොකු සී.ආර්. පොතක ගාන රුපියල් දාහට වඩා වැඩිවෙන්න පුළුවන්…’ ඔවුන් කිව්වා. දාපු දාඩිය නිසා පවන් ගහන්න කඩදාසි කෑල්ලක් ගන්න අපි හිතුවත්, ආයෙ කීයක් කියයිද දන්නෙ නැති නිසා නිකන් හිටියා.
ජීවන පහන් තිළිණ