අරලිය ගහ මන්දිරයේ තිබී ඉකුත් ආණ්ඩු සමයේ ඇමැතිවරුන්ගේ ගනුදෙනු පිළිබද තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇති බවට පැතිර යන කතාව අසත්‍යයක් බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ අගමැතිවරයාට සම්බන්ධ ලිපිලේඛන මිස වෙනත් කිසිදු අමාත්‍යවරයකු සම්බන්ධ ලිපි ලේඛනයක් අරලිය ගහ මැදුර තුළ සකස් කොට නෙැමැති බවත්, අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ ලිපිගොනු පවත්වාගෙන ගොස් නොමැති බවත්ය.
පසුගිය සතියේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ වික්‍රමසිංහ මහතාට අමතකව ගිය හිටපු ඇමැතිවරුන්ගේ ලිපිගොනුවක් එහි සේවකයන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවකි.










