• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටරට හංගපු සල්ලි ගේන්න ඔක්කොම ඉල්ලනවා උදව් කරන්න කියලා! ඇනෝනිමස් අපිට උදව් කරයිද?

May 2, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
පිටරට හංගපු සල්ලි ගේන්න ඔක්කොම ඉල්ලනවා උදව් කරන්න කියලා! ඇනෝනිමස් අපිට උදව් කරයිද?
Share on WhatsAppShare on Facebook

කොළඹ – කොටුවේ ‘ගෝල්ෆේස්’ නොහොත් ගාලුමුවදොර පැත්තට වැටී ඇති මහා මාර්ගය දෙපස අද දක්නට ඇත්තේ අමුතුම ආකාරයේ දසුන්ය. එනම් එහි ස්ථාන ගණනාවකදීම දැකිය හැක්කේ ජාතික කොඩි සහ වෙස්මුහුණු විකුණනු ලබන වෙළෙඳුන්ය. වෙනත් කිසිදු කාලයකදී දක්නට නොලැබුණු මෙම දසුන් අද දක්නට හැකිවී ඇත්තේ, ගෝල්ෆේස් පිටියේදී දැනට සති දෙකකටත් අධික කාලයක් පුරා පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය හේතුවෙනි. මෙලෙස මෙම මාර්ගය දෙපස සිටින තාවකාලික වෙළෙන්දන් විසින් විකුණනු ලබන්නේ එකම වර්ගයක හැඩරුවක් ඇති වෙස් මුහුණකි. වෙසක් උත්සව සමයකදී නම් විවිධාකාරයේ වෙස් මුහුණු අපට දක්නට හැකි වුවත්, අද දක්නට හැකිවී ඇත්තේ මෙම අමුතුම ස්වරූපයේ වෙස් මුහුණ පමණකි. මෙම වෙස් මුහුණේ රුවෙහි ඇත්තේ එක්තරා විකට, හාස්‍යමය ස්වරූපයක් ගත් මිනිස් මුහුණුවරකි. එය දිගු මුවකින් යුක්තව සිනාවෙන ස්වරූපයක් පෙන්නුම් කරයි. බොහෝ විට සුදු පැහැයෙන් නිමවා ඇති එම වෙස් මුහුණෙහි කළු පැහැති හෝ රතු පැහැති රේඛනවලින් අනෙක් කොටස් හැඩගැන්වී ඇත. මෙය බැලූ සැනින් හාස්‍යමය ස්වරූපයක් පෙන්නුවද එය තුළින් විටෙක ජනිත වන්නේ එක්තරා කපටි, ගුඨ ස්වරූපයකි.

කුමක්ද මේ අරුම – පුදුම හැඩරුවක් ඇති වෙස් මුහුණ..?

අද වත්මන් සමාජයේ බොහෝ දෙනෙකු මෙම රුව දැක ඇතත්, එය සැබැවින්ම කුමක් දැයි නිසි අවබෝධයක් නැත. අද මෙලෙස ඔබට ලියන්නට යන කතාවෙහි ප්‍රධාන අරුතක් ඇත්තේද මෙම වෙස් මුහුණ තුළය. එනම්, අද එම රුව ලෝකයේ ප්‍රබල ලෙස ස්ථාපිත වූ ජාත්‍යන්තර අනන්‍යතාවයකින් යුත් එකක් වී ඇත. ලෝකයේ බොහෝ රට, රටවල්වලදී සහ අද විශේෂයෙන් අපගේ රටේද මෙම විෂය ගැන බහුලව කතා කරති. ‘පරිගනක හැකර්වරුන්’ නොහොත් ‘කොම්පියුටර් හැකර්වරුන්’ කතාබහට එන්නේ මෙවන් පසුබිමකදීය. අද ශ්‍රී ලංකාව තුළ ප්‍රබලව සිදුකෙරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වටාපිටාවේදී මෙම පරිගනක හැකර්වරුන්ගේ භූමිකාවද ප්‍රබලව කතාබහට ලක්වී ඇත. මෙම හැකර්වරුන්ගේ ස්වරූපය ජාත්‍යන්තරව හඳුන්වා දී ඇත්තේ ඉහත ලියා තැබූ අපූරු වෙස් මුහුණ ඇසුරු කරගනිමිනි. එනම් තවත් ආකාරයකින් කිවතහොත් එය හැකර්වරුන්ගේ මනඃකල්පිත මුහුණුවරකි.

මෙලෙස වර්තමානයේ ලොව පුරා කතාබහට ලක්වී සිටින පරිගනක හැකර්වරුන් (Computer Hackers) යනු කවුද..?

ඔවුන් විසින් සිදුකරනු ලබන ප්‍රබලතම ක්‍රියාවලිය කුමක්ද..?

මෙහිදී Hack (හැක්) යන ඉංග්‍රීසි ක්‍රියාපදයෙහි අරුත වන්නේ ‘කපන’ හෝ ‘කොටන’ යන්නයි. එසේ නම් Hacker (හැකර්) යනුවෙන් අර්ථවත් වන්නේ, ‘කපන්නා’ හෝ ‘කොටන්නා’ යන බැව් ඉතා පැහැදිලිය. තවත් අයුරකින් පැහැදිලි කරනවා නම් යමක් විනාශ කර දමන්නකු ලෙසද අර්ථ ගැන්විය හැකිය. අද ලෝකය පුරා මහත් කතාබහට ලක්වී සිටින මෙම පුද්ගලයන්ගේ ප්‍රධානතම ක්‍රියාවලිය වන්නේද එවැනි විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීමය. එහෙත් ඔවුන් විසින් මෙම ‘කැපීම’ සහ ‘කෙටීම’ සිදුකරනු ලබන්නේ තියුණු මුවහත් ආයුධවලින් නොවේ. ඔවුන් ඒ සියල්ලක්ම සිදුකරනු ලබන්නේ පරිගනක ක්‍ෂේත්‍රය තුළදී තම සුවිශේෂී දැනුම් සම්භාරය භාවිත කරමිනි. මෙම පිරිස සාමාන්‍ය පරිගනක භාවිත කරන්නන්ට වඩා බොහෝ උසස් දැනුමකින් යුත් පරිගනක විශේෂඥයන් කණ්ඩායමක් වෙයි. පරිගනක තාක්‍ෂණයේ මෙන්ම, නූතන තොරතුරු තාක්‍ෂණයේද ඔවුන් සතු දැනුම ඉතා උච්ච මට්ටමක පවතී. මේ වන විට මෙම ‘කොම්පියුටර් හැකර්වරුන්’ ලෝකයේ සෑම රටකම සිටින අතර, ශ්‍රී ලංකාව තුළද අල්ප පිරිසක් සිටිති. කෙසේ හෝ මෙම හැකර්වරුන් බොහෝ විට පරිගනක ක්‍ෂේත්‍රයන් තුළදී සිදුකරනු ලබන්නේ විනාශකාරී ක්‍රියාවන්ය. ඔවුන් අතින් සිදුවන යහපත් ක්‍රියාවන් ඉතාමත්ම අවමය. මෙම හැකර්වරුන් තවත් නාමයකින් හඳුන්වනු ලබන්නේ ‘සයිබර් හැකර්ස්’ (Cybar Hackers) යනුවෙන් වන අතර, ‘සයිබර්’ යනු අන්තර්ජාලය සඳහා භාවිත කරනු ලබන තවත් නාමයකි. මෙලෙස ලොව එක්තරා භීතියකට පත්කර තිබෙන මෙම හැකර්වරුන්ගේ ජාත්‍යන්තර භූමිකාව කුමක්ද..?

ලෝකයේ විවිධ රටවල හැකර්වරුන්ගේ විවිධ සංවිධාන තිබුණද, මේ වන විට ලොව ප්‍රධානතම හැකර්වරුන්ගේ සංවිධානය ලෙස සැලකෙන්නේ ‘ඇනෝනීමස්’ (Anonymous) නැමැති සංවිධානයයි. 2003 වසරේදී මෙය මුල්වරට ආරම්භ කර ඇත්තේ Aubrey Cottle නැමැති පරිගනක සහ තොරතුරු තාක්‍ෂණ විශේෂඥයකු විසිනි. එනම් දැනට වසර 19ක් පැරැණි මෙම හැකර්වරුන්ගේ සංවිධානයට නිසි මූලස්ථාන කාර්යාලයක් හෝ ලිපිනයක් හෝ නැත. ‘ඇනෝනීමස්’ යන ඉංග්‍රීසි වදනෙහි තේරුම ‘නිර්නාමික’ යන්නය. ඉහත නම් සඳහන් යම් පුද්ගලයකු විසින් එය ආරම්භ කරනු ලැබුවත්, මෙම සංවිධානයට නායකත්වයක් නැත. ලෝකයේ රටවල් රැසක හැකර්වරුන් සිය ගණනක් මෙම සංවිධානයේ නිර්නාමිකව සාමාජිකත්වය දරයි. එහි ක්‍රියාකාරිත්වය සහ මෙහෙයුම් සිදු කරනු ලබන්නේ මෙම නිර්නාමික සාමාජිකයන් එකට, එක්ව කටයුතු කිරීම මගිනි. එහෙත් සමහර හැකර් සාමාජිකයන් නාමික වශයෙන් පෙනී සිටින ආකාරයද දක්නට හැකිය. කෙසේ හෝ මෙම සංවිධානය පොදුවේ තම කටයුතු ක්‍රියාවට නගන්නේ ‘ඇනෝනීමස්’ නාමය හරහා පමණි. කෙසේ හෝ ඔවුන් මේ වන විට ප්‍රබල ක්‍රියාදාමයක නිරතව සිටිති.

බටහිර ඇඳුමින් සැරැසීගත්, එහෙත් හිසක් නැති මිනිස් රුවක් ඇති ලාංඡනයකින් මෙම ‘අනෝනීමස්’ සංවිධානය හඳුන්වාා දී ඇත. එහි හිස නැති ස්ථානයට ප්‍රශ්නාර්ථ ලකුණක්ද තබා ඇත. ඒ අතරම මෙම ලිපියේ ඉහතින් ලියා තැබූ අපූරු වෙස් මුහුණද තවත් සංකේතයක් ලෙස භාවිත කරයි. මෙම වෙස් මුහුණ ආශ්‍රිතව තවත් රසබර කතාවක්ද හෙළිවෙයි. එනම් මෙම වෙස් මුහුණ නිර්මාණය වී ඇත්තේ, 1605 වසරේදී එංගලන්තයේ, වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට වෙඩි බෙහෙත් තබමින් විනාශයක් සිදුකිරීමට පැමිණි මැර කල්ලි නායකයකු වන ගයි ෆෝක්ස් (Guy Fawkes) නැමැත්තාගේ සැබෑ ස්වරූපය ආශ්‍රිත කරගනිමිනි. එහෙත් ඔහුගේ එම රාජකීය ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර, ඔහු එකල එංගලන්තයේ ජේම්ස් රජුගේ නියෝගය මත පසුව ඝාතනයට පත්කර ඇත. මේ අනුව කාලයක් යන විටදී මෙම කල්ලි නායකයාගේ මුහුණේ රුව විවිධ සිතුවම් සහ නිර්මාණ සඳහා යොදා ගන්නා ලදී. කෙසේ හෝ වර්තමානයේදී මෙම රුපය යොදාගනු ලැබුවේ ලොව සිටින පරිගනක හැකර්වරුන් සංකේතාත්මක ලෙසට හඳුන්වා දීම උදෙසාය. එසේම හැකර්වරුන්ගේ ක්‍රියාපටිපාටියේ ප්‍රබලත්වය උද්දීපනය කිරීම උදෙසාද මෙම රූපය භාවිත කරන්නට ගත්තේය. ඒ නිසාම එය අද ලොව පුරා ප්‍රචලිත අතිශය ප්‍රබල සංකේතයක් බවට පත්වී ඇත.

‘ඇනෝනීමස් හැකර් සංවිධානය’ බොහෝ විට විවිධ පරිගනක අපරාධ (Cyber Crimes) රැසකටම සම්බන්ධ ලොව ප්‍රධානතම පෙළේ සංවිධානයයි. ඔවුන් ලෝකයේ රටරටවල් රැසක පරිගනක සහ පරිගනක ජාලයන් තුළට රහසිගතව හෝ බලෙන් හෝ ඇතුලු වී සිදුකර ඇති අන්තර්ජාල අපරාධයන් දහස් ගණනකි. මොවුන් පුද්ගලික පරිගනක, ව්‍යාපාරික පරිගනක ජාල මෙන්ම, රටරටවල රජයන් සතු පරිගනක ජාලවලටද, එම රටවල යුදහමුදා පරිගනක ජාල සහ ඔත්තු සේවා, පරිගනක ජාලවලටද රහසිගතව හෝ බලෙන් හෝ ඇතුළුවීම සිදුකරනු ලබයි. මේ ආකාරයට සිදුකෙරෙන අපරාධ වර්ග රැසක්ම වෙයි. ඒවාා ප්‍රධාන වශයෙන් ගත්කළ මෙසේය.

  • හැක් කිරීම (Hacking) – අනවසරයෙන් හා නීති විරෝධී ලෙස පරිගනක ජාලයක හෝ වෙබ්අඩවියක හෝ දත්ත පරිහරණය කිරීම.
  • පීෂින් (Phishing) ‘තතුබෑම’ – පරිගනක වින්දිතයාගේ යටිතල ව්‍යුහය මත අනිශ්ට මෘදුකාංග යොදා ගනිමින් ප්‍රහාරකයා විසින් වින්දිතයාගේ සංවේදී තොරතුරු හෙළිකර ගැනීම.
  • වෛරස භාවිතයෙන් අපරාධ (Malicious Virus or Ransomware) විවිධ භයානක පරිගනක අපරාධ රැසකි.

කෙසේ හෝ මේ ආකාරයට මෙම සයිබර් අපරාධ ක්‍ෂේත්‍රය ඉතාමත් ගැඹුරු එමෙන්ම සංකීර්ණ එකක් ලෙසට සැලකිය හැකිය. ඒ ගැන ලියා තැබිය හැකි තොරතුරු බොහෝ වුවත්, ඒ සඳහා මෙම ලිපිය ඉඩකඩ මදිය. කෙසේ හෝ මෙවන් වටාපිටාවකදී ‘ඇනෝනීමස්’ හැකර් සංවිධානය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික අර්බුදයටද පිවිස ඇතැයි කරුණු හෙළිවෙයි. දැනට මෙරට දියත්වී තිබෙන ‘රාජ්‍ය විරෝධී වීදි අරගලය’ සඳහා මෙම හැකර් සංවිධානය යම් සහායක් ලබාදී ඇතැයි පැවසෙයි. එසේ සිදුවී ඇත්තේ එම අරගලය මෙහෙයවනු ලබන එක්තරා තරුණ කණ්ඩායමක ඉල්ලීම මත යැයි හෙළිවී ඇත. කෙසේ හෝ මෙයට වසර 10කට පෙරදී අරාබි සහ අප්‍රිකානු රටවල් කිහිපයක් තුළදී එම රටවල තරුණ පිරිස් විසින් මෙහෙයවනු ලැබූ ‘අරාබි වසන්තය’ (Arab Spring) නැමැති මහා ජන අරගලය සඳහාද ‘අනෝනීමස් හැකර් සංවිධානය’ මහත් සහායක් දක්වා ඇත. වසර 02ක් පුරා පැවැති එම ජන අරගලය තරුණ පිරිස් විසින් මෙහෙයවනු ලැබුවේ සමාජමාධ්‍ය ජාලා හරහාය. එහිදී රටවල් 06ක රජයන් පෙරලා දැමූ අතර, එම මෙහෙ වර සඳහා ඇනෝනීමස් හැකර් සංවිධානය එම රටවල තරුණ කණ්ඩායම් වෙත මහත් සහායක් සහ ධෛර්යයක් සපයා ඇත.

කෙසේ හෝ දැනට සති 03ක් පුරා නොකඩවා ශ්‍රී ලංකාවේදී සිදුකෙරෙන, තරුණ රැල්ලේ රාජ්‍ය විරෝධී වීථි අරගලය උදෙසා මෙලෙස ජාත්‍යන්තර සයිබර් ක්‍රියාකාරීන්ගේ සහාය ලැබී ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් ඇනෝනීමස් හැකර් සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පාලනයේ නිරතව සිටින ප්‍රධානතම රාජ්‍ය නායකයන්ගේ වත්කම්, බැරකම් පිළිබඳව ඇති රහසිගත තොරතුරු හැකි පමණින් හෙළිකරන ලෙසය. මෙහිදී එම නිර්නාමික හැකර්වරුන් එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ රහසිගත තොරතුරු හෙළිවන්නට වූයේය. මෙහිදී පසුගියදා හෙළිවූ විශේෂ වගතුගක් වූයේ, උගන්ඩාවට ශ්‍රී ලංකාවෙන් මුදල් නෝට්ටු ටොන් 102ක මහා ප්‍රමාණයක් යැවීමේ සිදුවීමය. 2021 වසරේ අප්‍රේල් මාසයේදී සිදුවූ මෙම සිදුවීම එකල රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළත්, එහෙත් පසුව එහ වගතුග පසුගිය කාලය පුරාම යටපත්ව තිබුණේය. දැන් නැවැත වතාවක් මෙම සිදුවීම කරලියට ආවේ ඇනෝනීමස් හැකර් සංවිධානයේ ප්‍රතිචාරයත් සමග බැව් පැවසෙයි. මෙය කෙහේ හෝ අප හොඳ අවබෝධයකින් විමසිය යුතු වටාපිටාවකි.

ශ්‍රී ලංකාව තළ සිදුවූ මෙම ‘උගන්ඩා නාටකය’ පහසුවෙන් අල්ලා ඉවත දැමිය හැකි කරුණක්ද නොවේ. කෙසේ හෝ 2021 වසරේදී මෙය සිදුවන විටදී, මෙසේ උගන්ඩාවට ගෙනගිය මුද්‍රිත ද්‍රව්‍ය කුමක් දැයි ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත හරහා, එක් ප්‍රධානතම මාධ්‍ය පාර්ශ්වයක් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කරුණු විමසා තිබිණි. එහෙත් එය රහස්‍යමය වටාපිටාවක් බැව් පවසමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය එම කරුණු කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්‍ෂේප කළේය. ඒ ගැන බොහෝ කරුණු අප එම සමයේදී ලියා තැබුවෙමු.

එහෙත් දැන් වර්තමානයේ සිදුවී ඇත්තේ කුමක්ද?

කෙසේ හෝ මෙම සිදුවීම නැවැත කරලියට පැමිණීමත් සමග පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ‘බළලා මල්ලෙන් එළීයට පැන්නේය.’ ඔවුන් වහා නිල ‘ට්විටර් පණිවුඩයක්’ නිකුත් කරමින් කියා සිටියේ, තව ගුවන් සේවයේ ගුවන් යානා තුනක් මගින් උගන්ඩාවට ගෙනගිය ටොන් 102ක් බරැති මුද්‍රිත ද්‍රව්‍ය උගන්ඩා මුදල් නෝට්ටු බැව්ය. එම නෝට්ටු තොගය උගන්ඩා රජයේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රකට ජාත්‍යන්තර මුදල් නෝට්ටු මුද්‍රණ සමාගමක මුද්‍රණය කළ බවත් පැවැසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිල ප්‍රකාශයත් සමගම, ශ්‍රී ලංකාව තුළදී මෙම මුදල් නෝට්ටු මුද්‍රණය කළ DeLa Rue (ඩී ලා රූ) සමාගමද ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, තමන් විදේශ රටවල් සඳහා මුදල් මුද්‍රණය කරන බවත්, එහෙත් එම තොරතුරු පොදුවේ හෙළි නොකරන බවත්ය. කෙසේ හෝ ඇනෝනීමස් හැකර් සංවිධානයේ ප්‍රකාශය මගින් පසුගියදා කියා සිටියේ, මෙසේ උගන්ඩාවට ගෙනගිය මුදල් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පවුලකට අයත් අනවසර මුදල් සම්භාරයක් බවත්ය. මෙසේ නිර්නාමික හැකර් සංවිධානය සිදුකරනු ලබන ප්‍රකාශයන් නිසි සත්‍යක් යැයිද විමසා බලමු. මෙම උගන්ඩා සිදුවීම ගැන හැකර් සංවිධානය සිදුකරන නිල වීඩියෝවක්ද අන්තර්ජාලයෙහි ඇත. රසායනික අවි භාවිතයේදී උපයෝගී කරගන්නා වෙස් මුහුණක් පැළඳී යම් හැකර්වරයකු මෙම ප්‍රකාශය සිදුකෙරෙනෙ අයුරු දක්නට හැකි විය. මෙම වීඩියෝව සත්‍ය ලෙසම ඇනෝනීමස් හැකර් සංවිධානය විසින් ප්‍රකාශිත එකක් බැව් බොහෝ පාර්ශ්ව සඳහන් කරන්නට වූ අතර, සමහර පාරශ්ව ප්‍රකාශ කර සිටියේ, එය ශ්‍රී ලංකාවේ සයිබර් ක්‍රියාකාරීන් විසින් නිර්මාණය කරන ලද්දක් බැව්ය.

කෙසේ වුවත් මෙම ඇනෝනීමස් හැකර් ප්‍රකාශයන් එතැනින්ද නැවැතුණේ නැත. එම ප්‍රකාශයන් මගින් කියැවුණු තවත් ප්‍රබලතම කරුණක් වූයේ, ශ්‍රී ලංකාවේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උගන්ඩාවේ තිබෙන සුවිශාල ජාත්‍යන්තර ව්‍යාපාරයක් වන ‘සෙරෙනිටි ගෲප් (Serenity Group) සමාගමේ තම මුදල් ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බැව්ය. පසුගියදා මෙම හෙළි කිරීම විශාල ආන්දෝලනයක් ඇති කළ අතර, එම හැකර් ප්‍රකාශය සිදුවී පැය කිහිපයක් යන්නට මත්තෙන්ම උගන්ඩාවේ ‘සෙරෙනිටි’ ව්‍යාපාරය ප්‍රකාශයක් නිකුත් කළේය. ඔවුන් තදබල ස්ථාවරයක සිටිමින් ප්‍රකාශ කර සිටියේ, මහින්ද රාජපක්‍ෂ මහතා හා සම්බන්ධ එම සිදුවීම සම්පූර්ණ අසත්‍යයක් බවත්, එම තොරතුරු ඉතාමත්ම තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත්ය. කෙසේ හෝ මේ ආකාරයට පසුගිය දිනවල මෙම හැකර් ක්‍රියාකාරකම් නිසා රට තුළ මහත් ආන්දෝලනයන් ඇති කළේය. ඔවුන් තවත් සිදුකර ඇති ප්‍රකාශයක් නම්, දින 14ක් ඇතුළතදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තම ධුරයෙන් අස් නොවුනහොත්, ඔහුට එරෙහිව දරුණු ‘සයිබර් යුද්ධයක්’ දියයත් කරන බැව්ය. එනම් ජාත්‍යන්තර වශයෙන් දරුණු හැකර් ප්‍රහාරයක් සිදුකරනු ලබන බැව්ය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

චීන බලධාරීන් උයිගර්වරු 100ක් හිරේට දමයි!

Next Post

බදාදා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි! EXCLUSIVE

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.