• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වික්ටර් හාරා ගෝල්ෆේස් එකට එයි…!

May 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වික්ටර් හාරා ගෝල්ෆේස් එකට එයි…!
Share on WhatsAppShare on Facebook

ගීතය කලාවකි. එහෙත් ගීතයෙන් හටන් කිරීම වූ කලී වෙනමම කලාවකි. හටන්කාර ගායක ගායිකාවන් ගැන කියනා විට අපේ සිහියට නැඟෙන නම් බොහෝය. කළු ඇමෙරිකානුවන්ගේ අරගලයට සිය කටහඬින් ජීවය දුන් ජැමෙයිකානු ජාතික බොබ් මාලේ එවැන්නෙකි. ඔහුගේ ‘ගෙට්අප් ස්ටෑන්ඩ් අප්’ ගීතය අදද ගාලු‍ මුවදොර අරගල බිමේ ගැයෙනු ඇසේ. පාලක පන්තියේ අනේක විධ බාධාකිරීම් මධ්‍යයේ පොදු ජනයාගේ අරගල වෙනුවෙන් සිය කටහඬ අවියක් කොට පූජා කළ විශාරද ගුණදාස කපුගේ, විශාරද ජයතිලක බණ්ඩාර සහ ගිය සතියේ අපි ‘‍මව්රටින්’‍ කතාකළ විශාරද නන්දා මාලනිය ලාංකේය හටන්කාර කාලාකරුවන්ගේ කුලකයේ මුලින්ම හමුවන්නෝ වෙත්. ඔවුන් තිදෙනාම සිය නිර්මාණවලින් ජනතා සටන් මුවහත් කළෝය. එනිසාම අනේක විධ දුක්ඛ දොම්නස් සහ නිර්මාණ වාරණයන්ට මුහුණ දුන්නෝ වෙති. එහෙත් ලෝකයේ හටන්කාර ගායකයන්ගේ ලයිස්තුවක් සාදන කොයි කවුරුත් එහි මුලටම ලියනුයේ චිලියේ ‘වික්ටර් හාරා’ගේ නමය.

හටන්කාර ගායකයෙක් ලෙස අදටත් ලොවම එක හා සමාන ගෞරවයකින් සලකන වික්ටර් හාරා (Victor Lidio Jara Martinaez) උපත ලබනුයේ 1932 වසරේ සැප්තැම්බර් 23 දාය. (ඔහුගේ නමේ එන Jara යන්න ස්පාඤ්ඤ උරුවට උච්චාරණය කරනුයේ ජ්හාරා ලෙසිනි. එහෙයින් ඔහු ලෝකයට වික්ටර් හාරා විය). හාරාගේ මවුපියෝ කුඩා සත්ව ගොවිපොළක කම්කරුවෝ වූහ. හාරා සිය ළමා කාලය ගෙව්වේ මේ සත්ව ගොවිපොළේ බොහෝ අමාරුකම් මධ්‍යයේය. ඔහුට සිය සහෝදරයා ලාලෝ සමග දර පැලීමට, වතුර ගෙන ඒමට සහ සතුනට තණකොළ කැපීම පවා කරන්නට සිදුවිය. අමතර ආදායමක් වශයෙන් හාරාගේ මව අමන්දා යාබද කඳුකරයේ වැවෙන ඖෂධ පැළෑටි එකතුකර නගරයට සැපයීම කළාය. කුඩා හාරා ඉතා කමැත්තෙන් සිය මව සමග ඖෂධ එකතු කිරීමට කඳුකරයට යන ගමන්වලට එක් විය. ජන කලා පවුලකින් පැවතෙන අමන්දා සිය පුතු සමග යන ගමන්වලදී චිලියේ ජන ගී නිතර ගායනා කළාය. කුඩා හාරාටද මවගේ අභාෂාය නොඅඩුව ලැබුණු අතර ඔහුද ජන ගී විශාල ප්‍රමාණයක් කටපාඩමින් කියන්නට ඉගෙන ගත්තේය. වැඩි කල් නොගොස් හොඳ ජන ගී ශිල්පියකු වන ලකුණු ඔහු කෙරෙන් පහළ වන්නට විය.

මේ යුගයේ කුඩා හාරාගේ අරමුණ වූයේ කෙසේ හෝ බොක්ස් ගිටාරයක් මිලට ගැනීමය. එහෙත් උග්‍ර ආර්ථික අහේනිය හමුවේ ඒ බලාපොරොත්තුව සිහිනයක් විය. අවසානයේ කැඩීබිඳී ගිය පැරණි ගිටාරයක් සොයාගත් අමන්දා එය තමන්ට හැකි විලසින් අලුත්වැඩියා කොට කුඩා හාරාට ලබා දුන්නේය. එතැන් පටන් ඉඩ ඇති සෑම විටම ඔහු ගිටාරය වාදනය කරමින් ජන ගී ගයන්නට පෙලඹුණේය. ස්වර ප්‍රස්තාර පිළිබඳ කිසි අවබෝධයක් නොමැති වුවද ඔහුට රිද්මයකට ගිටාරය වැයීමට පුදුම හැකියාවක් විය. අමතර ආදායමක් ලබන රිසින් ඔවුන්ගේ නිවෙසේ කාමරයක් ගුරුවරයකුට කුලියට ලබාදී තිබිණි. ඒ ගුරුවරයා දැන සිටි ස්වර කිහිපය ඉක්මනින් ඉගෙනගත් හාරා ස්වෝත්සාහයෙන් ගිටාර් වාදනය මෙන්ම ජන ගී ගායනයද ප්‍රගුණ කරන්නට විය.

සිය පියා මැනුවෙල්ගේ අධික බීමත්කම නිසා අනේකවිධ දුක් පීඩාවන්ට ලක්වූ කුඩා වික්ටර් හාරා සිය මව සමීපයේ කාලය ගෙවීමට වැඩි කැමැත්තක් දැක්වූවේය. දරුවන්ට හොඳින් ඉගැන්විය යුතු බව නිතර විශ්වාස කළ අමන්දා ඒ සඳහා සෑම උත්සාහයක්ම ගත්තාය. අවසන ඕ ගම්බද ජීවිතයෙන් මිදී සිය දරුවන් කැටිව සන්තියාගෝ නුවරට සංක්‍රමණය වූවාය. කුඩා අවන්හලක රැකියාවක් සොයාගත් ඇය තම දරුවන් දෙදෙන නගරයේ කතෝලික පාසලකට අතුළත් කරන්නට සමත් වූවාය. නාගරික මුඩුක්කු පරිසරයක ගෙවනා ජීවිතය කෙතරම් කලබලකාරී වුවද හාරා සහ ලාලෝ නියමිත පරිදි පාසැල් ගියෝය. එහෙත් වික්ටර්ගේ වයස අවුරුදු 15 සපිරෙන විටදී ඔහුගේ මව මියගියාය. මේ සිදුවීම නිසා බරපතළ පසුබෑමකට මුහුණදුන් වික්ටර් හාරා පූජකයන් පුහුණු කරන සෙමනේරියකට බැඳී කෙටි කලක් එහි අධ්‍යාපනය ලබුවේය. පසුව ඉන් ඉවත්වෙන තරුණ හාරා සන්තියාගෝ නුවරට යළි පැමිණ යුද හමුදාවට එක්වන්නේය. එහෙත් ඔහුගේ හමුදා ජීවිතයද එතරම් දිගු එකක් නොවන්නේය.

හමුදාවෙන් නික්මෙන හාරා යළි සන්තියාගෝ නුවර නිදහස් ජීවිතයට වැටෙන්නේය. ජීවිතයේ මේ සෑම අත්දැකීමක් ලබද්දීම ගිටාරය අඛණ්ඩව ඔහු අත විය. නිරන්තරයෙන් ගීත ලියමින් ඒවා සංගීතවත් කර ගයමින් ප්‍රබෝධවත් ජීවිතයක් ගත කළ ඔහුට මිතුරෝ බොහෝ වූහ. නට්‍ය බලමින්, ගීත ගයමින් පොත්පත් කියවමින් කාලය ගතකරමින් සිටි ඔහු චිලී විශ්වවිද්‍යාලයෙන් නාට්‍යකරණය, වේදිකා පරිපාලනය වැනි විෂයන් ගණනාවක් හදාරන්නේය. අනතුරුව නාට්‍ය නිෂ්පාදනයට පිවිසෙන ඔහු තියුණු දේශපාලන අන්තර්ගතයන් සහිත නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කරන්නට සමත් වන්නේය. කුඩා කල සිට මුහුණ දුන් දරිද්‍රතාවයේ අත්දැකීම් නිසා ඔහුගේ නාට්‍ය බහුතරයක දිළිඳු බව හා බැඳුණු සමාජ ප්‍රශ්න ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරන ඒවා විය. පසු කලෙක ”‍කුන්කුමෙන්”‍ නම් ජන සංගීත කණ්ඩායමට එක්වෙන වික්ටර් හාරා චිලියේ ගම්බද පළාත්වල සංචාරය කරමින් ජන ගී අධ්‍යනයට නැඹුරුවූ අතර ගැඹුරු දෘෂ්ටියක් සහිත නිර්මාණ ජන ගී ඇසුරෙන් බිහිකිරීමට ඔහු යුහුසුලු විය.

1962 දී කුන්කුමෙන් සංගීත කණ්ඩායම හැර යන හාරා චිලියේ ප්‍රකට ජන සංගීතවේදිනියක වන වයෙලෙට් පැර්රා සමග කටයුතු කිරීමට පටන්ගත් අතර එය ඔහුගේ නිර්මාන ජීවිතයේ වඩාත් තීරණාත්මක අවධියක් විය. 1965දී වික්ටර් හාරාට ජොආන් නම් බි්‍රතාන්‍ය – චිලී සම්භවයක් සහිත කාන්තාව මුණගැසෙනා අතර ඇය ඒ වන විට සිය පළමු විවාහය බිඳවැටී දියණියක සමග තනිව ජීවත්වෙමින් සිටියාය. ජන කලා ශිල්පිනියක වූ ඇය සමග ආදරයෙන් බැඳුණු වික්ටර් පසුව ඇය හා විවාහ වන්නේය. ඊට කෙටි කලකට පසු ඔවුන්ගේ දියණිය උපත ලබන අතර වික්ටර් සිය මව සිහිකරනු රිසින් ඇය අමන්දා ලෙස නම් කරන්නේය. ජොආන්ගේ පළමු විවාහයේ දියණිය මැනුවෙලා සමග මේ දියණියද වැඩුණාය.

මේ අවධියේ වික්ටර් දැඩි වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිතව කටයුතු කරනු දැකගත හැකි විය. ඔහු සැල්වදෝර් ඇලන්ඩේගේ යුනිඩාර්ඩ් ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයකු විය. 1970 වසරේ පැවැති ජනාධිපතිවරණයට යුනිඩාර්ඩ් ව්‍යාපාරය නියෝජනය කරමින් ඇලන්ඩේ ඉදිරිපත් වූ අතර ඔහුට ආකර්ෂණීය තේමා ගීතයක් අවශ්‍යව තිබිණි. වික්ටර් අදටත් ලෝප්‍රකට ‘වෙන්සෙරමෝස්’ (අපි නැගිටිමු) ගීතය මේ වෙනුවෙන් ලියූ අතර ඇලන්ඩේ ඊට ඉමහත් කැමැත්තක් දක්වන ලදී. අපේක්ෂා කළ පරිදිම ඇලන්ඩේ ජනාධිපතිවරණය ජයගන්නා ලදී. අනතුරුව වික්ටර් සහ ජොආන් යුවළට චිලී සංස්කෘතිය පුබුදුවාලීමේ විශාල කාර්යභාරයක් පැවරෙන්නට විය. මේ අවධියේදී නොබෙල් ත්‍යාග ලාභී චිලී කවියෙක් වූ පැබ්ලෝ නෙරූඩාගේ කවි වික්ටර් ගීත ලෙසින් ගායනා කරන්නට පටන්ගත් අතර ඒවාට ඉහළ ජනප්‍රියතාවක් හිමිවන්නට විය.

1973 වසර වන විට ඇලන්ඩේගේ වාමාංශික රජයට එරෙහිව දක්ෂිණාංශික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් තිබිණි. මේ යුගයේ වික්ටර් චිලී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. 1973 වස‍රේ සැප්තැම්බර් 11 දින ජෙනරාල් ඔගස්ටෝ ෆිනෝචේගේ අණ යටතේ ක්‍රියාත්මකවූ චිලී හමුදා කුමන්ත්‍රණයක් මගින් ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේ බලයෙන් පහකර දැමුවේය. ඒ සමගම යුනිඩාර්ඩ් ව්‍යාපාරයට හිතවත්ව කටයුතු කළ විශාල පිරිසක් හමුදා අත්අඩංගුවට ගත් අතර ඔවුහු විවිධ කඳවුරුවල රඳවනු ලැබ වධ බන්ධනයට ලක් කළෝය. වික්ටර් හාරාද ‍එස්ටැඩියෝ‍ නම් පාපන්දු ක්‍රීඩාංගණයේ රඳවන ලදී. ඔහුට දින හතරක් ආහාර සහ නිදාගැනීමට ඉඩ නොදී වධ බන්ධනයට ලක් කළ චිලී හමුදා සෙබළුන් ගිටාරය වැයීමට නොහැකි වන ලෙසින් ඔහුගේ ඇඟිලි තලා දමන ලද බව කියවේ. මරණය අභිමුවේ පවා අප්‍රතිහත ධෛර්යයක් විදහා පෑ හාරා ‘‍වෙන්සෙරමොස්’‍ ගීතය ගායන කරන ලද බව එම කඳවුරෙන් පලාගිය රැඳවූවෝ පසු කලක පැවැසූහ. සිය ජීවිතයේ අවසාන පැය කිහිපයේදීද මේ ජනහිතකාමී කලාකරුවා සිය නිර්මාණකරණයේ යෙදුණු බව පසුකාලීනව හෙළිවිය. තමා ඇතුළු පිරිස සිරගතකොට සිටි කඳවුරේ සිදුවන ඝාතන පිළිබඳ ගීයක් ලියූ හාරා, එය ගායනා කර තිබේ. එම කඳවුරේ සිට පලාගිය සිවිල් වැසියන් ඒ ගීතය සමාජගත කරන ලදී.

ජනතාව අවදිකිරීමට ඔහුගේ ගීතවලට තිබූ අපූරු හැකියාව හමුවේ ෆිනෝචේගේ මිලිටරි ජුන්ටාව සැබැවින්ම තැතිගත්තේය. යළි ඇලන්ඩේට පක්ෂපාත ජනමතයක් නිර්මාණය කිරීමට ඔහුට ඇති හැකියාව වටහාගත් ඔවුහු එය නතර කර දමන්නට තීරණය කළහ. ඒ අනුව වර්ෂ 1973 සැප්තැම්බර් 15 වැනි දින වික්ටර් හාරා පාළු‍ ප්‍රදේශයකට රැගෙන ගිය ෆිනෝචේගේ හමුදා සෙබළුන් ඔහු වෙඩිතබා මරාදමන ලදී. මරාදැමීමෙන් අනතුරුව මරණය හෙළි නොකරන පොරොන්දුව පිට ජොආන්ට වික්ටර් හාරාගේ දේහය භාරදෙන ලදී. සිය සැමියාගේ දේහය මිහිදන් කළ ජෝ ආන් හාරා, සිය ජීවිතාරක්ෂාව තකා දියණියන් දෙදෙනාද කැටිව රටින් පලායන්නීය. දිගු කලක් රටින් පිට වාසය කළ ඇය ඒ කාලය තුළදී Victor – An Unfinished Song කෘතිය රචනා කළාය. වික්ටර් මරාදැමුවද ඔහුගේ ගීත මරාදැමිය නොහැකි බව ප්‍රසිද්ධියේ කියූ ජොආන් ඒ විශ්වාසය පිට වසර 2000 දී පමණ යළි චිලී රාජ්‍යයට පැමිණියාය. ඒ වන විටද චිලියේ ක්‍රියාත්මකව පැවැති ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන ජන අරගලවලදී වික්ටර් හාරාගේ විමුක්ති ගීත ගැයෙමින් තිබිණි.

සැමියාගේ මරණයට යුක්තිය ඉටුකරගැනීම මෙන්ම චිලියේ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ඇගේ ගමනේ අරමුණ විය. 2003 වසරේ ඔහු රඳවා සිටි එස්ටැඩියෝ ක්‍රීඩාංගණය ‘වික්ටර් හාරා ක්‍රීඩාංගනය’‍ ලෙසින් නම් කරන්නට යෙදුණි. ජොආන්ගේ අප්‍රතිහත උත්සාහය නිසා 2012 වසරේ වික්ටර් හාරා ඝාතනයට හිටපු හමුදා නිලධාරීන් අටදෙනකුට එරෙහිව නඩු පැවරීම සිදුවූ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු ඔවුනට 18 වසරක සිර දඬුවම් නියම විය. තවත් සැකකරුවෙක්වූ පෙඩ්‍රෝ බැරින්ස්ටෝනස් රටින් පලාගොස් ඇමෙරිකාවේ සිටියදී එරට අධිකරණයක් ඉදිරියේ හාරා ඝාතනයට වරදකරු බව ඔප්පු විය. සිය සැමියා ඝාතනය කර දශක හතරක් ගතවන තුරුත් ඔහුගේ මරණයට යුක්තිය ඉටුකරගැනීමට ජෝ ආන් හාරා අපරිමිත සටනක යෙදුණාය. ඇගේ ඒ සටන වසර දොළහකට පෙර අතුරුදන් කළ සිය සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට අදටත් සටන්වදින සන්ධ්‍යා එක්නැළිගොඩගේ දිරියට සමකිරීමේ වරදක් නැතැයි ලියුම්කරු විශ්වාස කරයි.

හාරා මරාදමා දශක ගණනාවකට පසු අදත් ලතින් ඇමෙරිකාව පුරා ජන අරගල සිසාරා ඔහුගේ ගීත හටන්කරුවන්ගේ කඩු මුවහත් තියයි. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට කිසිසේත් වෙනස් නොවේ. වසර තිස් පහකට පසු නන්දා මාලනියගේ පවන ගීතාවලිය ගාලු‍ මුවදොර අරගලයට ජවය දෙන්නේ හටන්කාර ගී ලෝකයේ සෑම රටකදීම කාල අවකාශය තරණය කරන්නට සමත් බව පෙන්වමිනි. ගාලු‍මුවදොර ජනතා අරගලයට ජීවය දෙන්නට පෙරට ආ කලාකාරයෝ බොහෝය. අරගලයට හුස්ම පිඹින්නට එක්ව අරගල බිමේදීම අවසන් සුසුම් වාතලයට මුසු කළ රැප් ගායක සිරාස් යුනුස් ජනතාවාදී ගායකයකු ලෙස මතුදාක ඉතිහාසයට එක්වනු නිසකය. ඔහු පමණක් නොව මේ අරගල බිමට කලාව අවියක් කොට පිවිසි ආචාර්ය වික්ටර් රත්නායක, කෝකිල පවන්, රෝහිත ජයලත් ප්‍රමුඛ ජයශ්‍රී කණ්ඩායම, මහාචාර්ය සුනිල් ආරියරත්න, දුලීකා මාරපන, කටුවාපිටිය පල්ලියේ සිට ගාලු‍මුවදොර තෙක් කුරුසියක බර කරදරා පැමිණි ජෙහාන් අප්පුහාමි වැනි කලාකරුවෝ සිය ගණනක් මේ ජනතා අරගලයට පණපොවන්නට දායක වූහ. ඒ සියල්ලෝම වික්ටර් හාරාගේ හටන්කාර පරපුරේ අද පරපුර නියෝජනය කරන්නෝය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨාභය අයින් කරන්න! වෙන කෙනෙක්ව ජනාධිපති කරන්න! එහෙම නැතිව යන්න බෑ…! චන්ද්‍රිකා යළිත් වරක් රාජපක්ෂවරුන්ට එරෙහි සටනට එළියට බහී!

Next Post

පොහොට්ටුවේ මන්ත්‍රීලා 10ක් ගිහින් මහානායක හිමිවරු හමුවෙලා ප්‍රශ්න ඔක්කොම මමයි-අනුරයි නිසා කියලා! මේ රට විනාශ කළේ මේ ආණ්ඩුව කියලා අමතක වෙලා! ලබන සතියේ ජනාධිපති අගමැති මුලු ආණ්ඩුවම ගෙදර යවන්න අපි විශ්වාසභංග 2ක්ම ගේනවා! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.