• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අවුරුදු 3ක් අවුරුදු නෑ! අවුරුදු 3ක් වෙසකුත් නෑ! පාස්කු මිනීමැරුම්වල සාපෙද මේ?

April 30, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අවුරුදු 3ක් අවුරුදු නෑ! අවුරුදු 3ක් වෙසකුත් නෑ! පාස්කු මිනීමැරුම්වල සාපෙද මේ?
Share on WhatsAppShare on Facebook

2019 අප්‍රේල් මාසේ 21. පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයත් එක්ක අපට වෙසක් පෝය නැතිවුණා. අපි අන්තිමට අලුත් අවුරුද්දක් සැමරුවේ 2019 අප්‍රේල් මාසෙ. අප්‍රේල් මාසෙ 21 වැනිදාට කලින් තිබුණු අවුරුදු උත්සව අපි සැමරුවට 21 වැනිදායින් පස්සේ අපිට කිසිම අවුරුදු උත්සවයක් පවත්වන්න බැරි වුණා. අවුරුදු උත්සව විශාල ප්‍රමාණයක් නතර කරන්න වුණා. ඒත් එක්කම 2019 මැයි මාසෙ වෙසක් පෝය සම්පූර්ණයෙන්ම පාස්කු ප්‍රහාරයට දියවෙලා ගියා. එක පැත්තකින් බල තණ්හාවෙන් පිරුණු දේශපාලකයන් විසින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සමගියට හානි කරමින් මුස්ලිම් ගම්මානවලට සහ මුස්ලිම් කඩවලට පහර දෙමින් ගමේ මිනිස්සු ගැහුවාය කියන වැරැදි චිත්‍රය මවමින් රට ඇතුළේ අනවශ්‍ය භීෂණයක් මතුකරන්න උත්සාහ කළා. ඒකට වන්දි ගෙවන සමහර මිනිස්සු වාසනාවකට කැමරාවලට පවා අහු වුණා. ඒවා දැක්කට පස්සේ එක එක විකාර කිව්වට ඇත්තටම ඒ අය ආවෙ මේ කඩවලට ගහලා, කඩ ගිනිතියලා, මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරන්න බලාගෙන. ඒත් එක්කම අපට වෙසක් පෝය නැති වුණා. ඒ 2019 මැයි මාසෙ. දන්සල් දෙන්න බැරිව ගියා. දන්සැල් නතර වුණා. මේ වෙසක් පෝයෙන් පස්සේ ඊළඟ අවුරුද්දේ 2020 අප්‍රේල් මාසෙ සහ මැයි මාසෙ එනකන් අපි බලාගෙන හිටියා. ඒත් 2020 අප්‍රේල් මාස උදාවුණේ කවුරුත් බලාපොරොත්තු නොවිච්ච හිතාගන්න බැරි වෛරස් එකක් එක්ක. ඒ කියන්නේ කොවිඩ් වෛරසය මුළු ලෝකෙටම බලපාලා, ඒ වගේම 2019 වගේම 2020 අවුරුදු උත්සව එකක්වත් කරන්න බැරි වුණා. ඒකට සෞඛ්‍ය නීතිරීති දාලා, සංචරණ සීමා දාලා ගෙවල්වලට වෙලා අලුත් අවුරුද්ද සමරන්න කියලා නීතිරීති දාන තැනට පත්වුණා. මිනිස්සු විශාල ප්‍රමාණයක් රෝහල්වල හිටියේ. තවත් සමහරු හිටියේ ගෙවල්වලින් ගොඩක් ඈත නිරෝධායන මධ්‍යස්ථානවල. ඒ නිසා අලුත් අවුරුද්දත් නැති වුණා. වෙන්ටලේටර් මැෂින් හොය හොයා, හුස්ම ගන්න අසීරු ලෙඩ්ඩුන්ට ජීවිතේ ගැන බලාපොරොත්තු කිය කියා, දේශපාලකයන්ගේ බයිලා අහ අහා, ඒ කාලෙ සෞඛ්‍ය ඇමැතිවරියගෙ විකාර කතා මැද්දේ අපේ අලුත් අවුරුද්ද ගතවෙලා ගියා. අවුරුදු උත්සව එකක්වත් නැතුව. ඒ අවුරුද්දෙත් වෙසක් පෝය ඒ විදියටම ගතවෙලා ගියා. වෙසක් පෝයට දන්සලක් දෙන්න තියා පන්සලකට යන්නවත් ඉඩක් ලැබුණෙ නෑ. සමහර පන්සල් වහල දැම්මා. පන්සල ඉස්සරහ පුවරු ප්‍රදර්ශනය කළා ඇතුළුවීම තහනම් කියලා. එහෙම කළේ පන්සලේ ආරක්ෂාවට නෙවෙයි, මිනිස්සුන්ගෙ ආරක්ෂාවට.

ඉන් පස්සේ අපි 2021 ගැන හිතාගෙන හිටියත්, 2021 වෙද්දී කොවිඩ් දැවැන්ත ලෙස පැතිරෙන්න පටන් ගත්තා. හිතුවෙවත් නැති විදියට රට පුරාම විශාල කොවිඩ් රැල්ලක් ඔක්තෝබර් මාසෙ ආශ්‍රිතව රටේ ඇතිවීමත් එක්ක ආයෙමත් කොවිඩ් වසංගතයට අපේ අලුත් අවුරුද්ද දියවෙලා යන හැටි අපට බලාගෙන ඉන්න සිද්ධ වුණා. අලුත් අවුරුදු උත්සව එකක්වත් නැතිව 2021 සිංහල අවුරුද්දත් ගතවෙලා ගියා. 2021 වෙසක් පෝයටත් ඒ ප්‍රශ්නෙම වුණා. අතරින් පතර දන්සලක් දෙකක් දුන්නත් මිනිස්සුන්ට දන්සලක් දෙන්න බැරි, එක කෝප්පෙක බොන්න බැරි, එක තැනක ඉන්න බැරි, මූණ දිහා බලන්න බැරි වෙසක් එකක් එක්කයි අපට ගතකරන්න වුණේ. ඒ නිසා මිනිස්සු දන්සල්වලින් කන්න බය වුණා. දන්සල් දෙන්න බයවුණා. දන්සල්වල පෝලිම්වල ඉන්න බැරි වුණා. මීටරෙන් ඉන්න සිද්ධ වුණා. මුහුණු ආවරණ දාන්න සිද්ධ වුණා. ආරක්ෂාව ගැන දෙපාරක් තුන්පාරක් නෙවෙයි දහ දොළොස් වතාවක් හිතන්න සිද්ධ වුණා. මේ අවාසනාවන්ත වෙසක් පෝයවල් තුනක් අපට ලැබුණේ ඇයි කියන එක ගැන තව හිතන්න ඕනෙ.

සාමාන්‍යයෙන් අප්‍රේල්, මැයි කියලා කියන්නේ රටේ ව්‍යසන සිදුවෙන කාලයක්. ඒක එහෙම තමයි. අරනායක දැවැන්ත නායයෑම සිද්ධ වුණේ 2016 මැයි මාසෙ 16, 17 දවස්වල. ඒ වගේම 2017 අප්‍රේල් මාසෙ මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන වැටුණා මිනිස්සුන්ගෙ හිස මත. විශාල ප්‍රමාණයක් ඉන් මියගියා. කෙසේ වෙතත් එහෙන් මෙහෙන් සිදුවෙච්ච මේ ව්‍යසන එක දිගට අප්‍රේල් මාසෙ සහ මැයි මාසෙ ආශ්‍රිතව සිද්ධ වෙලා 2019 අප්‍රේල් 21 වැනිදායින් පස්සේ අපට තවම සිංහල අවුරුද්දක්, වෙසක් පෝයක් හරියට ගතකරගන්න බැරි වුණා. 2022 ආවෙ කිසිම ප්‍රශ්නයක් නැතුව. අපි හිතුවෙ නෑ 2022දී අපට කිසිම ගැටලුවක් තියෙයි කියලා. ඇත්තටම මේ රජය සහ සෞඛ්‍ය අංශය යම් ප්‍රමාණයකට හෝ මිනිස්සුන්ට වැක්සින් එක ගහලා, මිනිස්සුන්ට ආරක්ෂාව දුන්නා. මේ පුංචි රටේ, මේ නැතිබැරි රටේ එහෙම කරපු එකත් ලොකු දෙයක් කියලා මේ මොහොතේ අපිට හිතෙනවා. අපි ආණ්ඩුවට කඩේ යනවා නෙවෙයි. ආණ්ඩුවෙ වැරැදි දහස් ගානක් තියෙනවා. මේ පත්තරේ අනෙක් පිටු හැම එකක් පුරාම ඒ මිනිස්සුන්ගෙ වැරැදි අපි ලියලා තියෙනවා. ඒත් මේ මොහොතේ මේ කතා කරන්නේ ආණ්ඩුවෙ වැරැද්දක් කතා කරන්න විතරක් නෙවෙයි. ඇත්තටම වැක්සින් එකක් ගහලා තියෙන නිසා 2022 සිංහල අවුරුද්දේ අවුරුදු උත්සව ටිකක් තියලා, නැනසීමෙන් සතුටින් අපට අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් වේවි කියලා මැයි මාසෙට දන්සල් ගොඩක් තියෙයි කියලා සමහර තැන්වල දන්සල් සම්බන්ධ දැන්වීම් පවා පළකරලා තියෙනවා අපි දැක්කා. ඒත් දැන් බඩු මිල අහස උසට නැගලා. හාල් කිලෝ එක රුපියල් 400 වෙන බව කියනවා. පරිප්පු කිලෝ එක රුපියල් 500 පැනලා. අනිත් සියලු දේවලුත් ගණන් ගිහින්. ඉටිකොළයක්, සව්කොළයක්, තෙල් කොළයක්, ඒ 4 කොළයක් සල්ලිවලට ගන්න බැරි තැනට රට පත්වෙලා තියෙන්නේ.

මේ අවුරුද්දේ වෙසක් පෝයට දන්සල් දෙනවා තියා වෙසක් කූඩුවක් හදාගන්නෙ කොහොමද කියන තැනකට රට පත්වෙලා ඉවරයි. පිටරටින් ගේන මොනම හෝ දෙයක් තියෙනවා නම් ඒකට දැන් විශාල මුදලක් වැයවෙන්න පටන් අරගෙන. අවුරුදු උත්සව එකක්වත් නෑ. තිබ්බ තැනක් ගැනවත් දන්නෙ නෑ. ඉස්සර ගමේ මිනිස්සු හැමෝම සමගියෙන්, සමාදානයෙන් අලුත් අවුරුද්ද සැමරුවට අපිට අපේ සමගිය සමාදානය නැතිවෙලා ඉවරයි. අපි දැන් ගෝල්ෆේස් එකේ අවුරුද්ද සැමරුවට අපිට ගමේ අවුරුදු උත්සව නෑ. ඇත්තටම කොහා අඬන්නෙත් නෑ. කොහාගෙ නාදය වෙනුවට අපට දැන් ඇහෙන්නේ ‘කපුටු කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල්’ කියන එක. මේවා මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන දේවල් නෙවෙයි. මේ සිංහල අලුත් අවුරුද්දත් අපට අහිමි වෙලා ගියා. වෙසක් පෝයත් එහෙම වේවි. කොවිඩ් නැති වුණාට පස්සේ පළමුවෙන්ම එන අවුරුද්ද අපි සතුටින් සමරන්න බලාගෙන හිටියට මිනිස්සු සුදහ ගින්දරේ බලාගෙන ඉන්නකොට දන්සල්වල පෝලිම් වගේ ෂෙඩ්වල පෝලිම් හැදෙනකොට, ගෑස් ගන්න පෝලිම්වල ඉන්න සිද්ධ වුණාට පස්සේ මිනිස්සුන්ට දන්සල් දෙන්න නෙවෙයි ගෙදර බත් එක උයාගන්න විදියක් නැතුවයි ඉන්නේ. ගෙදරකට ගිහින් දන්සලක් ගැන කතා කළොත් එහෙම ගහලා එළවයි කියන බය මිනිස්සුන්ට තියෙන්නේ. ඒ නිසා මේ වෙසක් පෝයත් අපට අහිමි වෙනවා. පොසොන්, ඇසළ, නිකිණි මේ හැම පෝයක්ම අපට අහිමි වෙලා ගියා. ඒ අහිමි වීම් අස්සේ තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ වේදනාවද අඳෝනාවද කියන එක ගැන දෙපාරක් හිතන්න නෝනාවරුනි, මහත්වරුනි. අපි ඒ මිනිස්සුන්ට වරදක් කළේ නෑ කියලා සිංහල බෞද්ධයො දන්නවා. අපි ඒ මිනිස්සුන්ට වරදක් කළේ නෑ කියලා ඒ අයගෙ ඥාති හිතමිත්‍රයන් හැමෝම දන්නවා. අපි ඔවුන්ම කනස්සල්ලට පත්වුණා. අපිට වේදනාවක් දැනුණා. ඒ මියගියේ අපේ මිනිස්සු. අපේ නෑදෑයො. හිතවත්තු. අපිත් එක්ක එකට ජීවත් වෙච්ච අය. මේ රටේ සිංහල, මුස්ලිම්, බර්ගර් කියලා කතන්දරයක් නෑ. පල්ලිවල වෙසක් කූඩු හදනවා. මුස්ලිම් පල්ලිවල දන්සල් දෙනවා. බෞද්ධයො ගවලෙන් හදනවා. නත්තල් ගස් හදනවා. මේ පුංචි රට මේ මිහිරි සොඳුරු බව පිරිච්ච රටේ ආදරණීය සිංහල අවුරුද්ද, හජ්ජි උත්සවය, නත්තල් උත්සවය, වෙසක් පෝය අපට නැතිවෙලා යනවා කියන්නේ එයාට නැතුව ගියාම අපට සතුටු වෙන්නවත්, අපට නැතුව ගියාම එයාට සතුටු වෙන්නවත් නෙවෙයි. ඒත් මතක තියාගන්න. මේ පාස්කු ප්‍රහාරයෙ ශාපය. තාමත් මහ මොළකාරයො නිදැල්ලෙ සෙප්පඩ විජ්ජා කරමින්, විකාර කරමින්, නන් දොඩවමින් ඉන්න දේශපාලකයො සහ ඊට උදව් කරන හෙංචයියො ඒ පාස්කු ප්‍රහාරය ආතල් එකක් කරගෙන තියෙද්දී අපට සිංහල අවුරුද්දවල් වෙසක් පෝයවල් ඕනෙත් නෑ ඇත්තටම.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අගමැති වහාම ඉවත් වෙන්න! සංඝ සමුළුවෙන් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් ‌කෙරේ! (VIDEO)

Next Post

අද ‌කොළඹ යන්න එන්න නුසුදුසු තැන් ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් කරයි!

MORE NEWS

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

Load More
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ...

Read more
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.